අදුරු බලවේගයන්ට එරහිව සටන් කරන පුංචි මායාකරුවන් පිළිබද විග්‍රහයක්. (The Secret Circle)
ඔන්න මම ගොඩක් අය මිස්කරගත්ත ලස්සන කතාවක් ගැන විස්තරයක් අරගෙන තමයි ආවේ…
TV Series බලන හැම කෙනෙක්ම වගේ The Vampier Diaries,The originals නම් අනිවාර්යයෙන්ම බලලා ඇති.මොකද ඒ කතා ගොඩක් ලස්සනයි. ඉතින් මේ The Secret Circle කියන්නෙත් The Vampier Diaries,The originals හදපු අයගෙම තවත් අති විශිෂ්ඨ ගනයේ නිර්මාණයක්. ඒක ගැන මේක බලපු අයනම් හොදටම දන්නවා ඇති. The Vampire Diaries, teen Wolf, The Originals,යන ටීවී සීරීස් වල ඉන්න කොඩක් චරිත මේ ටීවී සීරීස් එකටත් රංගනයෙන් දායක වෙලා තියනවා. මේ සීරීස් එකත් එයාලගේ අනිත් ඒවා වගේම drama|fantasy|horror|romance ගනයට තමයි අයිති වෙන්නේ. මෙක කොච්චර ජනප්රියද කියයනවනම් අදටත් iMDb දර්සකයේ 7.4ක අගයක් ලබාගන්න සමත් වෙලා තියනවා. ඉතින් මේකේ කතාව ගැන කියනවනම්. මේක් කතා නායිකාව තමයි කැසී. කැසියි එයාගේ යාළුවෝ පස් දෙනයි වටේ තමයි හැම දෙයක්ම ගෙතිලා තියෙන්නේ .
කැසි කියන්නේ වයස අවුරැදු 16ක තරුණ ගැහැණු ළමයෙක්. එයා දන්න විදිහට එයාගේ තාත්තා මැරිලා අම්මත් එක්ක තමයි ජීවත් වෙන්නේ. ඒත් හිටි හැටියෙම එයාගේ අම්මත් අභිරහස් විදිහට මැරෙනවා. ඊට පස්සෙ කැසී එයාගේ අත්තම්මා ලගට යනවා.කැසීගේ අත්තම්මා ජීවත්වෙන නගරය ටිකක් අමුතු තැනක්. ඒ වගේම එහේ ඉන්න මිනිස්සුත් හරිම වෙනස් අය..කැසී එහෙට ගිය දවසේ ඉදන්ම එයාට අමුතු අමුතු දේවල් ගොඩක් සිද්දවෙනවා. ඉතින් අත්තම්මා කොහොම හරි කැසීව එහේ ඉස්කෝලෙට දානවා. ඒත් ඒ ඉස්කෝලේ කලින් ස්කොලේ තරම් සුන්දර එකක් නම නෙමෙයි ඉතින් මෙයාට ඉස්කෝලෙදි ඩයනා කියලා ගැහැනු ළමයෙක් හම්බවෙනවා මේ ටිකෙන් ටික මෙ දේන්නා හොදම යාලුවෝ වෙනවා. ඊට පස්සේ ඩයනා කැසීව කැලේමැද තියන පාළු ගෙදරකට එක්කන් යනවා. එතනදි කැසීට ස්කෝලෙ තවත් ළමයි හතරදෙනෙක් හම්බවෙනවා. ඩයනා තේරුම් කරනවා කැසීට එයාලා මායාකාරයින්ගේ පරපුරකින් පැවතගෙන එන අය බවත්, එයාලා හැම කෙනෙකුටම අසීමිත මායා බලයක් උපතින්ම උරැම වෙලා තියන බවත්.
ඒ වගේම ඒයාලගේ දෙමවුපියෝ අවුරැදු 16කට කලින් එකම දවසක එකම වෙලාවක අභීරහස් විදිහට මරණයට පත්වෙලා තියෙන්නේ කියලත්. ඒ කිව්වේ.. සමහර ළමයින්ගෙ අම්මා මැරිලා තාත්තා ඉන්නවා.. සමහර ළමයින්ගේ තාත්තා මැරිලා අම්මා ඉන්නවා.. සමහරුන්ගේ අම්මයි තාත්ට්ගයි දෙන්නම නෑ..
ඒ වගේම ඩයනා කියන විදිහට.. මේ හැම පවුලකටම එයලාගේ පවුලට ආවෙනික මායා කර්ම සටහන් කරපු පොතක් තියන්වා… ඉතින් අහන්බෙන් වගේ ඩයනගේ පවුලේ එක එයාට හම්බ වෙනවා. ඒකේ කියවෙන විදිහට එයාලගේ මායා පවුල් 6යේ සාමාජිකයන් හය දෙනා එකතු වුනාම එයාලට මායා කවයක් නිර්මාණය කරන්න පුලුවන්… ඒත් ඒකෙන් එයාලගේ තනි තනි මායා බලයන් අහිමි වෙනවා…. ඉතින් එයාලගේ දෙමවුපියන්, දෙමවුපියන්ගේ දෙමවුපියන් ඒ කාලේ ඒ මායා කවය නිර්මාණය කරලා අදුරු බලවේග වලට විරුද්දව සටන් කරලා තියන්වා…. ඒත ලමයින්ගේ දෙමාපියන්ට වුන අනතුරෙන් පස්සේ මායා කර්ම කරන්න කට්ටිය බය වෙනවා… ඒත් මේ ලමයි ටික හොරෙන්ම මේවා පුරුදු වෙනවා..
ඉතින් කැසීගේ පැමීනීමත් එකක්ම හය දෙනාගේ කවය සම්පූර්ණ වෙලා එයාලගේ බලයන් වැඩි වෙනවා. ටිකෙන් ටික ඒ බලයන් එයාලට පාලනය කරන්න බැරි තත්වෙට පත්වෙනවා.ඒක නිසා මේ ළමයි හයදෙනා එකතු වෙලා මායා කවය නිර්මාණය කරන්න තීරණය කරණවා. ඒකෙන් විතරයි පුළුවන් එයාලගේ මායා බලයන් පාලනය කරගන්න. ඒත් ඊට පස්සේ වෙන්නේ කිසිම කෙනෙක් හීනෙකින්වත් නොසිතපු දෙයක්. කවය නිසා එයාලට එයාලගේ තනි තනි මායා බලයන් අහිමි වෙනවා. කවයට බැදුනට පස්සේ එයාලට මායාවක් කරන්න ඔනිනම් කවයේ සාමාජිකයන් දෙන්නෙක් හෝ වැඩිපිරිසක් ඉන්න ඔනි. එයාලා කවයට බැදෙනවත් එක්කම මෙච්චරකල් යටපත් වෙලා තියන නපුර ආපහු අවදි වෙනවා. ඒක නිසා මෙයාලට කරදර ගොඩකට මුහුනදෙන්න වෙනවා. කොහොහරි මේ දේවල් අවුරැදු 16 කට කලින් එයාලගේ දෙමවුපියන්ගේ මරණය දක්වාම දුරදිග යනවා. ඉතින් මේ තරැණ ළමයි හය දෙනා මේ අභියෝග වලට කොහොමද මුහුණ දෙන්නේ කියලා තමයි මේ කතාමාලාව පුරාවටම ගලා යන්නේ. කතාව පටන්ගත්ත වෙලාවේ ඉදන් අවසානය දක්වාම ත්රාසය,භීතිය, කුතුහලය උපරිමවම තියනවා. මම මේ කිවුවේ පළවෙනි එපි 3නේ පොඩි විස්තරයක් විතරයි.
ඒත් කනගාටුදායකම කාරනේ කියන්නේ The CW නාලිකාව විසින් 2012,05,11 දින මෙම කතාමාලාව අවලංගු කරනවා ඒකට හේතුව විදිහට එයාලා පෙන්වලා දෙන්නේ මේ කතාමාලාව නිර්මාණයට සහ එහි ඇති දෘෂ්යය ප්රෙයෝග වලට අදික පිරිවැයක් දැරීමට සිදුවීම. ඉතින් කොටස් 22කින් සමන් විතමේ කතාමාලාව ඒ විදිහට අවසන් වුවත් ඒකට තියන රසික ආකර්ශන්ය තවමත් ටිකක් වත් අඩු වෙලා නැහැ.
මේ මේ ලිපිය ලියන්න වැදගත්ම හේතුව තමයි මේ සීරීස් එක කැන්සල් වුන නිසා ගොඩක් අය මේක බලන එක ප්රතික්ෂේප කරනවා. ඉතින් ඒ අයට මට කියන්න තියෙන්නේ. මේ වගේ වටින ටීවී සීරීස් එකක් අතාරිනව කියන්නේ. ඒක එයාලගේ ටීවී සීරීස් ජීවිතේ ලොකු අඩුවක් වෙයි. ඒ වගේම මේකට අපේ වෙබ් අඩවියෙන් සිංහල උපසිරැසිත් ලබා දීලා තියෙන්නේ කියන ගමන් මම යනවා තවත් ලිපියකින් හමුවෙමු…