අයර්ලන්තයෙන් සජීවීකරණ චිත්‍රපටියක්!
අයර්ලන්ත සජීවීකරණ ආයතනයක් වන Brown Bag Films ඔවුන්ගේ මුල්ම සජීවීකරණ වෘත්තාන්ත චිත්‍රපටය හදන්ඩ වැඩ පටන් අරං. දැන් එය පෙර නිපැයුම් අවධියේ තිබෙනවා. මෙය ඔවුන් සමග සම නිෂ්පාදනයක් ලෙස සිදු කරනුයේ Wind Dancer Films ආයතනය විසිනුයි. අධ්‍යක්ෂණය කරන්නේ Brown Bag Films හි නිර්මාණාත්මක අධ්‍යක්ෂකවරයෙකු වන Darragh O’Connell.
මෙහි ප්‍රධාන භාරදූරය හොබවන්නේ Brown Bag FIlms. Wind Dancer Films මූල්‍යමය දායකත්වයක් ලබාදෙනවා පමණයි. ඒ කියන්නේ සජීවීකරණ කටයුතු සියල්ල ඉටු කරමින් චිත්‍රපටය තනන්නේ Brown Bag Films කට්ටිය. මෙම චිත්‍රපටය මේ සමාගම් දෙකෙහිම ප්‍රථම සජීවීකරණ උත්සාහයයි. Wind Dancer Films වෙතින් මීට පෙර Mel Gibson රඟන What Women Want () චිත්‍රපටය ඉදිරිපත් කළා. ඔවුන් ක්ෂේත්‍රයේ හඳුනන්නේ එවැනි ජීවමාන-ක්‍රියාදාම චිත්‍රපට නිර්මාණකරණය හරහායි.
මෙය රචනා කරන්නේ Jeremy Shipp, නිෂාදනය Brown Bag Films ආයතනයේ Gregory R. Little සමගින් Wind Dancer Films ආයතනයේ David McFadzean, Dete Meserve සහ Judd Payne යන අය. Little මේ කතාව ලියලා Brown Bag Films ආයතනයට අරං ඇවිත් තියෙන්නේ ඔවුන් හා එක්කාසු වෙන්ඩ තිබුණ වුව්මනාවටමලු.
මෙම චිත්‍රපටයේ නම Nightglider. මෙහි අඩංගු වෙන්නේ මෙන්න මේ වගේ කතාවක්. එකතරා පියාඹන ලේනෙක්(හම්බාවෙක්) අනෙකුත් සාමාන්‍ය ලේනුන් ඇසුරේ හැදී වැඩෙනවා. කිසිවෙක් ඔහුට පියාඹීමේ හැකියාවක් ඇති බවක් දන්නේ නෑ. ඔහුත් අනිකුත් ඈයො වාගේම ගස් උඩ දුව පැන යමින් ඇති දැඩි වෙනවා. අහම්බෙන් දවසක ඔහුගේ මේ අපූරු හැකියාව ගැන එළිදරව් වුනහම, හැම කෙනෙක්ම ඔහු සුපිරි වීරයෙක් ලෙස වටහා ගන්නට පටන්ගන්නවා.
1994 ඉඳං මෙච්චර කලක් රූපවාහිනී නිර්මාණ සහ අනෙකුත් නිර්මාණ වලට දායකත්වය සපයමින් වර්ධනය වුණු Brown Bag Films අද ලෝකෙටම චිත්‍රපටයක් බෙදන්ඩ සූදානම්. දැන් සජීවීකරණ නිර්මාණයන්හි ආධිපත්‍යය හොලිවුඩයෙන් ඔබ්බට යන බවකුයි පෙනෙන්නේ. මුලින්ම ඕස්ට්‍රේලියාවෙන් ආ Legend of the Guardians (2010), ඊට පස්සේ දකුණු අප්‍රිකාව ගෙන ආ Zambezia (2012) සහ Khumba (2013), දැන් අයරන්තයත් එකකාසු වෙලා.
පුදුමයක් නෑ මෙවර Oscar උළෙලට සජීවීකරණ නිර්මාණ 21ක් ඉදිරිපත් වෙලා තියෙන එකේ. ඉදිරියේදී සජීවීකරණ චිත්‍රපට සිනමා ක්ෂේත්‍රය එහෙමපිටිම්ම ග්‍රහණයට ගත්තත් පුදුමයක් නෑ.
As I website possessor I believe the content material here is rattling great , appreciate it for your hard work. You should keep it up forever! Good Luck.