කොමික්වගතුගසියල්ල

අලුත්ම වවුල් මිනිසා..

1939 වසරේ මුල් කාලය වන විට ක්‍රියාදාම වලින් චිත්‍රකතා ලෝකය හොල්ලන්න සුපිරි මිනිසා සමත් වෙනවා ඉතින් National Publications ආයතනයේ චිත්‍ර කතා අංශය තවත් සුපිරි තරු නිර්මාණයට වැඩ ආරම්භ කරනවා.  එකේ ප්‍රතිපලයක් හැටියට 1939 චිත්‍ර කතා පොතක එක කතාංගයක් ලෙසින් ලෙසින් DC කොමික් (ඒ වන විට එය හැදින්වුයේ National Publications ආයතනයේ චිත්‍ර කතා අංශය නමිනි.) නිවසින් එලියට එන Batman ලොව අතිශය ජනප්‍රිය පුපිරි තරුවක් වෙන්න බොහොම අඩු කාලෙකින්. වවුල් මිනිසා ලොවට බිහි වන්නේ Bob Kane නම් සිත්තරාගේ අතින්. 1940 වෙන කොට තමන්ටම කියලා තනි චිත්‍ර කතා පොතක් හිමිකරගන්නා ඔහු 1943 වෙන කොට රුපවාහිනිය ජය ගන්න තරම්ම ඒ ජනප්‍රියත්වය වැඩි කිව්වම හිතාගන්න පුළුවන් නෙව එකේ තරම.

ඔන්න ඔහොම ඉන්න අතරේ සිනමාව ජයගන්නත් ඔහුට හැකි වෙනවා ඒ 1966 වසරේදී. මුල් වරට සිනමා තිරයතුල වවුල් මිනිසා බවට පත් Adam West. වවුල් මිනිසා මුල් ආගමනයෙන්ම ඩොලර් මිලියන 1.7 වගේ ඉහල ආදායමක් උපයන්න සමත් වෙනවා.  ටික කලක නිහැඩියාවක් එන්න මීලගට වවුල් මිනිසා සිනමාව අතික්‍රමණය කරන්නේ නැවතත් 1989 වසරේ Batman (1989) සලරුවත් එක්ක. මෙවර වවුල් මිනිසා වෙන්න Michael Keaton.  නැවතත් 1992 වසරේදී Michael Keaton වවුල් මිනිසාට පණ දෙන්නේ Batman Returns (1992) සිනමා පටය තුලින්. Batman  චාරිතයට පණ දුන් තෙවන මිනිසා වෙමින් 1995 වසරේ තිරගත වූ Batman Forever (1995) සලරුවේ වවුල් මිනිසා ලෙස රංගනයෙන් එක් වන්නේ Val Kilmer. ඊළගට නැවත වවුල් මිනිසා එන්නේ තනිව නෙමෙයි ඔහුගේ සහයක රොබින් සමග, ඒ Batman & Robin (1997) චිත්‍රපටය තුලින්, පසුගිය වතාවේ වවුල් මිනිසාට පණ දුන් සුපිරි තරුව වෙනුවට වඩාත් තරු ලක්ෂණයෙන් හෙබි George Clooney මෙවර වවුල් මිනිසා බවට පත් වෙනවා. ඔන්න එහෙම Tim Burton/Joel Schumacher series (1989–1997) නමින් හදුන්වන Batman චිත්‍රපට ගොන්න අවසාන වෙනවා.

ඊළගට ආරම්භ මෙතෙක් අති සාර්ථකම Batman සලරූ ත්‍රිත්වය. එය හැඩ චන්නේ Christopher Nolan ගේ අතින්. Batman Begins (2005),  The Dark Knight (2008) හා අවසාන චිත්‍රපටය වන  The Dark Knight Rises (2012) Batman ලෙස රංගනයෙන් එක්වන්නේ Christian Bale. එදා මෙදාතුර වවුල් මිනිසාට පණ දුන් දැවැන්ත රංගන පෞර්ෂයන් තුල සාර්ථකම චාරිතය වීමට ඔහු සමත් වෙනවා. එයට හේතුව වන්නේ නිතිය වෙනුවෙ රාත්‍රියේ සටන් කරන හැඩිදැඩි වවුල් මිනිසා මෙන්ම, කාන්තා ලොලි, බිලියනපති බෘස් වේන් යන චාරිත ද්විත්වයම එකහා සමාන ගණන් අප අතරට ගෙන ඒමට ඔහු දැක්වූ දක්ෂවාතයි.

නමුත් ඔහුගේ The Dark Knight සිනමා පෙළහර දැන් අවසන් වී තිබෙනවා. ඔහුගෙන් පසු මේ දැවැන්ත චාරිතය ඒ අයුරින් කරගෙන යාමේ හැකියාවෙන් සපිරි තරු ගුණයෙන් නොඅඩු  නළුවා කවුද කියන එක සිනමා ලෝකයේ බොහොම කතා බහට ලක්වූ මාතෘකාවක් වුනා මෑත කාලයේදී. ඔන්න දැන් එයට නිල වශයෙන් DC කොමික්ස් ආයතනය පිළිතුරු ලබාදී අවසන්. මීලග වවුල් මිනිසා වන්නේ Ben Affleck.

Good Will Hunting (1997) වැනි චිත්‍රපට තුල තම පිටපත් ලිවීමේ හැකියාව ලොවට කියාපා ඔස්කා සම්මාන ලද ඔහු, The Town (2010), Argo (2012) වැනි ඔස්කා සම්මාන ලද සිනමා සිත්තම් අධ්‍යක්ෂණය මෙන්ම ඒ තුල තම රංගන හැකියාවත් ලොවට කියාපාන්න සමත්වූ සුපිරි තරුවක්. කොටින්ම කියනවා නම් Ben Affleck කියන්නේ සිනමාවේ හැම කොනකම තමන්ගේ ලකුණ තිබ්බ අති දක්ෂයෙක්. ඔහුට හැකි වේවිද Christian Bale  සිනමාවේ මවු ඒ සුපිරි චාරිතය හා ගැටෙන්නට? එයයි දැන් හොලිවුඩ් පුරයේ කොතනත් ඇසෙන ප්‍රශ්නය.

අලුත් වවුල් මිනිසා අපිට දකින්න ලැබෙන දිනයත් ප්‍රකාශයට පත් වුනේ ඔහුට පණ පොවන නළුවා ප්‍රකාශ කල දිනයේමයි. ඒ තමයි 17 July 2015 ඔහු එක්වන්නේ Batman vs. Superman චිත්‍රපටයේ. DC ආයතනය සතු සුපිරිම වීරයන්ගේ ඝට්ටනය දකින්න අපිට තවත් වසර දෙකක් වගේ කලක් බලා ඉන්න සිදු වෙනවා. ඒ තුලත් Superman වන්නේ මේ වසරේ අති සාර්ථකව තිරගත වූ Man of Steel (2013) චිත්‍රපටයේ සුපිරි මිනිසාට පණ දුන් Henry Cavill. ඔහු හා තරග කරන්නද Ben Affleck හැකි වේද? 2015 වෙනකම් ඉවසන් ඉන්න වෙනවා දැන් ගන්න…

Author

9 thoughts on “අලුත්ම වවුල් මිනිසා..

  • matanan hariyatama kiyanna be meka hoda terimak kiyala.mokada Christian Bale ge bat man act eka supiriyatama tibun nisa.mamanan hitanne me patath Christian Bale ma bat man una nan supiri kiyala

    Reply
  • ස්තුතියි ලිපියට මගේ අදහස සුපිරි තේරීමක් කියන එකයි..

    Reply
  • මාත් හිතන්නෙ Ben Affleck ඉස්තරම් වෙයි කියලා.

    Reply
  • පුද්ගලිකව මගේ අදහස සුපිරි තේරීමක් කියන එකයි. Josh Whedon කියන්නෙත් ඒකමයි. මේක සුපිරි මුසුවක්(Henry Caville & Ben Affleck) බවයි ඔහුගේත් අදහස.

    මට නිකමට හිතෙනවා, අපි දකින හොදම බැට්මෑන් නිරූපණය දැකගන්නට ලැබෙයි කියලා. 😉

    Reply
    • නිසැකවම, හොදම රංගන පෞර්ෂයක්. රංගනය විතරක් නෙමෙයි ඔහු චිත්‍ර පටයකට ගේන්නේ අනික් හැම කොනකම පලපුරුද්ධ. බලමු 2015 වෙනකොට කොහොම වේද කියලා.

      Reply
  • ela ela… .
    2015 wena kan imuko ehenam meka balanna… .

    Reply
  • එල මචන් ,

    Reply
  • ස්තුතියි සමිරයෝ ලිපියට

    ජය වේවා

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *