ආර්නොල්ඩ් ස්වාසනෙගර් ජීවිත කතාව- 4 කොටස

කලින් සිද්ද උන දේවල් නිසා මගේ හීනේ ආපහු මතු උනා .මම විශෙශ කෙනෙක් ,මට ලොකු දෙවල් කරන්න පුලුවන් කියලා මගේ හිතට මමම අවබෝධ කෙරෙව්වා.මට හැම දෙයකින්ම හොඳම දේ කරන්න උවමනා උනා .මට ප්‍රසිද්ධ වෙන්න උවමනා උනා.ඒ කාලේ ඇමරිකාව තමයි ලෝකේ බලවත්ම රට උනේ .ඉතින් මට එහෙට ගියොත්
මට ප්‍රසිද්ධ වෙන්න පුලුවන් කියලා නිතරම මට හිතුනා .ඒත් අවුරුදු 10 ලමයෙක්ට හීන තියනවා කියන එක සාමන්‍ය දෙයක් .මට මතකයි දවසක් මන් බස් හෝල්ට් එකේ ඉන්න මට වඩා වැඩිමල් ගෑනු ලමයෙක්ට මම කවදා හරි ඇමරිකා යනවා කියලා.එයා එකට දුන්න උත්තරේ ඔවු ආර්නොල්ඩ් අනිවාර්යයෙන්ම කියන එක විතරයි .මම ඇමරිකාව ගැන කතාකරන කොට ලමයි හිතුවේ මාම හරි අමුතු කෙනෙක් කියලා .ඒත් මම නැවතුනේ නෑ ඇමරිකාව ගැන මගේ හිතේ තිබ්බ දේවල් මම දෙමව්පියන් එක්ක .ගුරුවරු එක්ක අසල්වාසින් එක්ක නිතරම කතාකලා .
Meinhard ට වයස 14 පිරුනට පස්සෙ එයාට ගේ එච්ච්ර ඇල්ලුවේ නෑ .ඔහු සැරින් සැරේ ගෙදරින් යන්න පටන් ගත්තා.එයා ගෙදරින් යන්න හදද්දී ඇදුම් ටිකයි පාසල් බෑග් එකයි ලෑස්ති කරලා මට කියනවා ,මම හිතන්නේ මට ආපහු ගෙදරින් යන්න කාලේ ඇවිත් මේ ගැන කාටවත් කියන්න එපා කියලා.ඊට පස්සෙ ඔහු අතුරුදහන් වෙනවා .ඊට පස්සෙ අම්මට පිස්සු හැදෙන්නේ නැති ටික විතරයි .තාත්තා වටේ තියන පොලිසි වලට කෝල් කර කර Meinhard ව හොයන්න කියනවා .ඒක තමයි පොලිසියේ වැඩ කරන තාත්තා කෙනෙක්ට දනවන්න හොදම ක්‍රමය .
දවස් දෙක තුනකට පස්සෙ Meinhard ආපහු ගෙදර එනවා ,එතකම් එයා ඉදලා තියෙන්නෙ එක්කෝ නෑදෑ කෙනෙක්ගේ ගෙදර නැත්නම් යලුවෙක්ගෙ ගෙදර .Meinhard ආවට පස්සෙ තාත්තා දන්නවා
Meinhardදඬුවම් කරලා වැඩක් නෑ කියන එක .
මගේ අදහස උනේ මම ගෙදරින් යනවනම් මීට වඩා පිලිවෙලකට යන්න ඕනේ කියලා .මම පොඩි කාලේ ඉදලම තීරනය කරන් හිට්යෙ මගේම කියලා බිස්නස් එකකින් මගේම සල්ලි හොයාගන්න .මට ඕන ජොබ් එකක් කරන්න පුලුවන් කම තිබ්බා.සවලක් අරන් වලවල් හාරන්න උනත් මම තීරනය කලා .එක පාසල් නිවාඩු කාලයකදී අපේ ගමේ මනුස්සයෙක් මට වීදුරූ කර්මාන්ත ශාලාවක රැකියාවක් හොයලා දුන්නා .මට ඒකේ කරන්න තිබ්බෙ සවලකින් වීදුරු වීල් බැරෝවකට පටවන් ගිහින් වීදුරු උනු කරන මැශින් එකට හලන එක.දවස අවසානයේදී මට මගේ සල්ලි හම්බුනා .මේ පාසල් නිවාඩු කාලෙදි මට ආරන්චි උනා Graz වල ලී මෝලක වැඩ තියනවා කියලා .මම මගේ පාසල් බෑග් එකත් අරගෙන තව බටර් ගාපු පාන් එකකුත් ගත්තා .ඊට පස්සෙ පාසල් ඉවර උනාට පස්සෙ මම ලී මෝලට ගියා .ගිහින් මම ලීමෝලේ අයිති කෙනාව ඇහුවම මාව එතනට එක්කගෙන ගියා.මම කිව්වා මට ජොබ් එකක් ඕනේ කියල එත්කොට අයිතිකෙනා ඇහුවා මගෙන් ඇහුවා ‘ඒයි කොල්ලො වයස කීයද කියලා ‘,මම කිව්වා වයස 14 යි කියලා .එතකොට ලැබුන උත්තරේ උනේ ඔයා තාම මුකුත් ඉගෙනගෙනත් නෑනෙ කියන උත්තරේ .ඒත් මන් පසුබට උනේ නෑ .මන් කිව්වා මට ඕන දෙයක් කරන්න පුලුවන් කියලා.ඊට පස්සෙ ඔහූ මාව වැඩ කරන තැනට එක්ක ගෙන ගිහින් මාව එතන වැඩ කරන අයට අදුන්වලා දුන්නා .ඊට පස්සෙ එක තැනකට එකක්ගෙන ගිහින් කිව්වා මෙතන තමයි ඔයා වැඩ කරන්න යන්නේ කියලා .මට ලී මෝලෙදී කරන්න ලැබුන ජොබ් එක තමයි සවලකින් ට්‍රක් එකකට ලී කුඩු පටවන එක .මන් මුලු නිවාඩු කාලෙම වැඩ කලා .මම ලී මෝලෙන් අයින් වෙනකොට සිලිම් 1400 ක් හොයාගෙන තිබ්බා ඒ කියන්නේ ඩොලර් 55ප්‍රමාණයක් .ඒ කාලේ හැටියට ගොඩක්හොඳ මුදලක් .ඒකෙන් මට ආඩම්බර වෙන්න පුලුවන් උනේ ඔවුන් මට වැඩුනු මිනිහෙක්ට ගෙවන පඩිය ගෙවලා තිබ්බ නිසා .
මට හම්බුන සල්ලි වලට මොනවද කරන්න ඕනේ කියලා මම දැනගෙන හිටියා .මම මේ වෙනකම් ඇන්දෙ Meinhard ඇදලා දෙන ඇදුම් විතරයි .
මට මගේම කියලා ඇඳුම් තිබිලා නෑ .ඒ කාලෙ මම පාසලේ පාපන්දු කන්ඩායමට බැදුන අලුත .ඒ කාලෙම තමයි අලුත්ම මෝස්තරයේ ට්‍රැක් සූට් එක හදුන්වලා දුන්නේ ,කලු දිග කලිසමයි ඒකටම හරියන මැදින් සිපර් එකක් දාපු ජැකට් එකයි.මම හිතුවේ මට ඒ ට්‍රැක් සූට් එකහොඳට ගැලපෙනවා කියලා.ඉතින් මන් ඒක ගෙදරින් ඉල්ලුවහම එයාලා කිව්වේ ඒක අත්‍යවශ්‍යම නෑ කියලා .මමසඟරාවක තිබ්බ ෆොටො එකක් පෙන්නුවත් උත්තරේ උනේ නෑ කියන එක .මගෙ සල්ලි වලින් මගෙම කියලා මුලින්ම ගත්තඇඳුම තමයි ඒ ට්‍රැක් සූට් එක .ඊට පස්සෙ ඉතුරු සල්ලි වලින් මම බයිසිකලයක් ගත්තා .මට ට්‍රැක් කිට් එක
ගත්තට පස්සෙ අලුත් බයිසිකලයක් ගන්න සල්ලි මදි උනා.අපේ ගමේ වින්කලේ ඉන්න මනුස්සයට කියලා පරන කෑලී දාලා බයිසිකලයක් හදා ගත්තා .මීට කලින් ගෙදර කාටවත් බයිසිකලයක් තිබිලා නෑ.මගේ එක තමයි මුල්ම බයිසිකලය .මගෙ බයිසිකලය පරන උනත් මගෙ නිදහසට ලැබුන රෝද දෙකක් උනා .

ela…,
thank bor,