දැනුමටවගතුගසියල්ල

ඇත්තටම කව්ද මේ Annabelle??

Annabelle-2014-

​කොහොමද යාළුවනේ? බයිස්කෝප් එකට සබ් දෙන අතරේ මංසලට ත් පොඩි පොස්ට් එකක් දාන්න ඕනේ කියලා අදහසක් ආවා. ඉතින් මං මේ ආවේ annabelle කියන ෆිල්ම් එක ගැන පොඩි විස්තරයක් දාලා යන්න. ෆිල්ම් එක බැලුවනම් දන්නවනේ මේ ෆිල්ම් එක සත්‍ය කතාවක් ඇසුරෙන් නිපදවපු ච්ත්‍රපටියක් කියලා. ඒ වගේම මේක The Conjuring චිත්‍රපටියටත් සම්බන්දයි කියලා. හොදයි දැන් අපි මේ annabelle බෝනික්කා ගැන ඇත්ත නැත්ත කතා කරමු.

ඇත්ත ඇනබෙල් බෝනික්කා චිත්‍රපටියේ දැක්වෙන ආකාරයට පෝසිලෙන් බෝනික්කෙක්ද?

නැත. පහත චායරුපයට අනුව ඇත්ත ඇනබෙල් බෝනික්කා සාමාන්‍ය පෙනුමැති සාමාන්‍ය බෝනික්කෙකි. චිත්‍රපටයේ පෙන්වන ආකාරයට භයානක පෙනුමක් සහිත බෝනික්කෙක් නොවේ.
anna-9d7099d87947faa8d07a272dd6954b80
 ​​(මෙහි වම් පසින් දැක්වෙන්නේ චිත්‍රපටය සදහා යොදාගත් බෝනික්කාය. දකුණු පසින් දැක්වෙන්නේ සත්‍ය ඇනබෙල් බෝනික්කාය)

Annabelle චිත්‍රපටිය The conjuring චිත්‍රපටිය සමග සම්බන්ද වන්නේ කෙසේද?

අපේ කලින් සහෝ කෙනෙක් දාලා තිබ්බා වගේ මේ annabelle චිත්‍රපටිය කියන්නේ the conjuring චිත්‍රපටයේ spin-off එකක්. annabelle චිත්‍රපටියේ the conjuring චිත්‍රපටියේ රගන කිසිම නළු නිලියෙක් දක්නට ලැබෙන්නේ නෑ.
මේ annabelle චිත්‍රපටියේ අවධානය යොමු කරලා තියෙන්නේ the conjuring චිත්‍රපටියේ රගන භූත ගවේෂකයන් දෙදෙනෙකු වන එඩ් සහ ලොරේන් වොරන් යන අයට මෙම බෝනික්කා හමුවීමට ප්‍රථම සිද්ධි දාමයටයි. ඇනබෙල් චිත්‍රපටියෙන් අපට දැක බලාගන්න පුළුවන් යක්ෂ ආත්මයක් කොහොමද මේ බෝනික්කා තුලට ඇතුළු වෙන්නේ කියලා සහ මෙම බෝනික්කට ඇනබෙල් කියන නම පට බැදුණු ආකාරය..
lrndl
 ​​(මෙහි වම් පසින් දැක්වෙන්නේ ලොරේන් වොරන් 1970දි තාම නිවස ඉදිරිපිටදී ඇනබෙල් බෝනික්කා සමග ගත් චා යරුපයකි. දකුණු පසින් දැක්වෙන්නේ warren occult නම් කෞතුකාගාරයේදී අවුරුදු ගණනාවකට පෙර ලබා ගත් චායාරුපයකි)

ඇත්තටම සැමියා ඔහුගේ බිරිදට මෙම ඇනබෙල් බෝනික්කා ත්‍යාගයක්‌ විදිහට ලබා දුන්නද?

නැත. ඇනබෙල් චිත්‍රපටියේ සැමියා වන ජෝන්, ඔහුගේ මවක් වීමට ආසන්නව සිටින බිරිදට මෙම බෝනික්කාව ත්‍යාගයක්‌ විදිහට ලබාදෙයි. නමුත් අනබෙල් බෝනික්කාගේ සත්‍ය කතාවට අනුව, මෙම ජෝන් සහ මීයා යනු මනංකල්පිත චරිත දෙකකි. ඇත්ත අනබෙල් බෝනික්කා මවක් විසින් තාම දියණියට දුන් උපන් දින තෑග්ගකි.
මෙම දියණියගේ නම තමයි ඩෝනා ඇය හෙදියක් වීමට පුහුණු වෙන ශිෂ්‍යාවක්. මෙම ඩොනගේ මව විසින් 1970දි තමයි මෙම ඇනබෙල් බෝනික්කව පරණ බඩු විකුණන සාප්පුවකින් මිලදී ගෙන තිබෙන්නේ. නමුත් ඇනබෙල් චිත්‍රපටියෙන් දැක්වෙන්නේ මෙම  ඩොනගේ මව විසින් මෙම බෝනික්කව මිලදී ගන්නේ පාවිච්චි කළ පසු (second hand) ලෙසයි.
cplbl
​​(මෙම චායරුපයෙන් දැක්වෙන්නේ චිත්‍රපටයේ රගන ජෝන් සහ ඔහුගේ බිරිද වන මීයා යි)

ඇනබෙල් බෝනික්කාගේ පෙර අයිති කරුවන් නපුරු ආගම අදහන සාමාජිකයන්ගේ ප්‍රහාර වලට ලක් වුනාද?

නැත. අනබෙල් සත්‍ය කතාවට අනුව මෙම බෝනික්කාගේ පෙර අයිතිකරුවන් වන හෙදියක් වීමට පුහුණු වන ඩෝනා සහ ඇන්ජි කිසිම අවස්ථාවකදී මෙම නපුරු ආගම අදහන සාමාජිකයන්ගේ ප්‍රහාර වලට ලක් වී නැහැ.
චිත්‍රපටයේ එම ප්‍රහාර වලට ලක් වන කොටස සම්පුර්ණයෙන්ම මනංකල්පිත කොටසකි. එම කොටස චිත්‍රපටයට ඇතුලත් කර තිබෙන්නේ මෙම යක්ෂ ආත්මය මෙම බෝනික්කා තුලට කාන්දු වන ආකාරය පෙන්වීමටයි.
සත්‍ය කතාවට අනුව මෙම බෝනික්කා තුල සිටින ආත්මය අහිංසක ගෑණු ළමයෙකු වන ඇනබෙල් හිගින්ස් ගේ ආත්මය බව විශ්වාස කෙරේ. ( සත්‍ය වශයෙන්ම ඇනබෙල් හිගින්ස් මිය යන්නේ කුඩා කාලයේදීමය, නමුත් ඇනබෙල් චිත්‍රපටයේ ඇය මියයන්නේ වැඩිහිටියෙකු ලෙසය)
intrd
​​(මෙම චායාරුපයෙන් දැක්වෙන්නේ නපුරු ආගම අදහන සාමාජිකයෙකු වන ඇනබෙල් හිගින්ස්ගේ ආත්මය මෙම බෝනික්කා තුලට ඇතුල් වන ආකාරය චිත්‍රපටයේ පෙන්නුම් කර ඇති ආකාරයයි)

ඇත්තටම ඇනබෙල් බෝනික්කා කඩදාසි වල තම පණිවිඩ ලිව්වාද?

ඔව්, එඩ් සහ ලොරේන් වොරන්ගේ කතාවට අනුව අනබෙල් බෝනික්කාගේ පෙර අයිතිකරු වන ඩෝනාට පොඩි ළමයෙකුගේ අත් අකුරු වැනි අකුරු වලින් යමක් ලියු පාච්මන්ට් කඩදාසි කැබැල්ලක් ඇයට හමු වුණා. එම කඩදාසියේ තිබු පණිවිඩය වන්නේ, ” අපට උදව් කරන්න ” සහ ” ලූ ට උදව් කරන්න ” යන්නයි. (ලූ යනු ඩොනාගේ මිතුරිය වන ඇන්ජිගේ පෙම්වතයි)
pchmt
​​(මෙම චායරුපයෙන් දැක්වෙන්නේ චිත්‍රපටයේ ඇනබෙල් බෝනික්කා විසින් තම පණිවිඩ පාච්මන්ට් කඩදාසි වල ලිය ඇති ආකාරයයි)

මෙම ඇනබෙල් බෝනික්කට ඇත්තටම යම් පුද්ගලයෙකුට ශාරීරිකව හානියක් කළ හැකිද?

ඔව්, නමුත් චිත්‍රපටයේ පෙන්වන ආකාරයට නොවේ. මෙම බෝනික්කාගේ සත්‍ය කතාවට අනුව ඩොනගේ මිතුරිය වන ඇන්ජිගේ පෙම්වතා වන ලූ ට මෙම බෝනික්කගෙන් යම් හිරිහැරයක් සිදු වුණා. මෙම ලූ කියන පුද්ගලයා ඇන්ජි සහ ඩෝනා සමග ඔවුන් නැවතී සිටින නිවසේම නැවතී සිටින්නේ මෙම බෝනික්කා එම නිවසට පැමිණි දිනයේ සිටමය. එක රාත්‍රියකදී ලූ හදිස්සියේම ඇහැරුනා, ඒ වගේම ඔහුට එවෙලේම තේරුණා ඔහුට හෙලවෙන්නවත් බැරි බව, ඒ වෙලාවේදී ඔහු දැක්කා මෙම අනබෙල් බෝනික්කා ඔහුගේ කකුල ළග සිටගෙන සිටිනවා සහ ඔහුගේ පපුව ළගට මෙම බෝනික්කා පැමිණෙන බවට, ඊට පස්සේ ලූ ට සිහි නැති වූවාක් මෙන් නින්ද ගියා.

ඇනබෙල් බෝනික්කා දැන් සිටින්නේ කොහෙද?

ඇනබෙල් බෝනික්කා මේ වන විට warrens occult කෞතුකාගාරයේ ඉතාමත් සුරක්ෂිතව වීදුරු පෙට්ටියක් තුළ ආරක්ෂා සහිතව තබා ඇත. එමෙන්ම මෙම බෝනික්කව කිසිවෙකුටත් ඇල්ලීමට තහනම්ය.
1084928_10201132490687966_391202305_o
​​(මෙම චායාරුපයෙන් දැක්වෙන්නේ ඇනබෙල් බෝනික්කා ආරක්ෂිතව වීදුරු පෙට්ටියක් තුළ තබා ඇති ආකාරයයි)
ptrkw
​​(මෙහි වම් පසින් දැක්වෙන්නේ THE CONJURING චිත්‍රපටයේ එඩ් වොරන්ගේ චරිතයට පණ පොවන නළු patric wilson ය. මෙහි දකුණු පසින් දැක්වෙන්නේ සත්‍ය ජිවිතයේ එඩ් වොරන් ය)

තවත් මෙවැනිම ඇනබෙල් වැනි බෝනික්කන් සිටීද?

ඔව්, ඔබට කෙදිනක හො ෆ්ලොරිඩා ප්‍රාන්තයේ කී වෙස්ට් නම් ප්‍රදේශයට යා හැකි නම් ඔබට තවත් මෙවැනිම බෝනික්කෙක් ගැන අහන්න ලැබේවී. මේ බෝනික්කා රොබට් කියලා තමා හදුන්වන්නේ, එහෙම කිව්වට ඉතින් කට්ටිය දැන් නෑනේ, ඒ චකී කියලා කිව්වොත් ඕනෙම කෙනෙක් දන්නවනේ. childs play චිත්‍රපටියට පාදක වෙලා තියෙන්නේ මේ රොබට් කියන බෝනික්කාගේ කතාව තමයි.
මේ රොබට් කියන බෝනික්කව 1906දි තමයි ඔටෝ කියලා පවුලකට ලැබිලා තියෙන්නේ. මේ බෝනික්කාව ඔවුන්ට ලබා දීලා තියෙන්නේ ඔවුන්ගේ ගෙදර වැඩ කරපු සේවකයෙක් විසින් ඔවුන්ගේ පොඩි ළමයා වන රොබට් ඉයුජින් ඔටෝ ට. ඉතින් මේ පොඩි ළමයා හැදී වැඩි තිබෙන්නේ මේ බෝනික්කත් සමගමයි. මේ පුංචි රොබට් මේ බෝනික්කට දාපු නමත් රොබට්මයි. කාලයක් යනකොට මේ පුංචි රොබට්ගේ අම්මලට දැනගන්න ලැබුණා රොබට් මේ බෝනික්කත් එක්ක කතා කරන බව. නමුත් රොබට්ගේ දෙමව්පියෝ හිතුවේ රොබට් එයාගෙම කටහඩ වෙනස් කර කර කතා කරනවා කියලයි. ඒත් හදිස්සියේම මේ දෙමාපියන්ට සැක හිතුනා මේ බෝනික්කා ඇත්තටම කතා කරනවා කියලා. මෙහෙම කාලයක් ගතවෙනකොට මේ ගෙදර අයට පෙනුණා මේ බෝනික්කා එහෙ මෙහෙ යනවා. මේ ගෙදර අය මේ නිසා හුගක් භය වුණා.මේ පුංචි රොබට් ගෙ කාමරෙන් එක දවසක් භයානක සද්දයක් ඇහිලා තියනවා, මේ පුංචි රොබට්ගේ දෙමව්පියෝ එයාගේ කාමරේට ගිහින් ඇහුවම පුංචි රොබට් කිව්වේ “බෝනික්කා තමයි ඒක කලේ” කියලා.
මෙම රොබට් කියන බෝනික්කා මේ වන විට කී වෙස්ට් ප්‍රදේශයේ Fort East Martello කියන කෞතුකාගාරයේදී ඉතාමත් සුරක්ෂිතව වීදුරු පෙට්ටියක් තුළ තබා තිබෙනවා.
dscn1379
​​(මෙම චායාරුපයෙන් දැක්වෙන්නේ රොබට් නම් බෝනික්කාය)
 
මුලාශ්‍රය- historyvshollywood.com ඇසුරෙනි.

Author

6 thoughts on “ඇත්තටම කව්ද මේ Annabelle??

  • Ape nangi gawathiyena bonikko wagayak adama danawa kunu godata a okkoma

    Reply
  • Hoda wistarayak saho,
    Apa Oben balaporoththu wanne mewani lipi ( sinamawata sambanda) Digatama denna kiyai.
    obata jaya,

    Reply
  • AMBO MARAI EWUNATA ATTA SIDDIYE BONICCA HARIMA LASSANAI THANX SAHO

    Reply
  • ස්තුතියි සචිර සහෝ..! ඇත්තටම මෙවා වෙලා තියෙනවා කියලා අහන්නත් පුදුමයි..

    ස්තුතියි නැවතත් ලිපියට.. දිගටම ලියන්න..

    ජය වේවා!

    Reply
    • ස්තුති සහෝ ප්‍රතිචාරයට! 🙂

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *