ඇනිමේ වගතුග….
“ඇනිමේ” කියන වචනය බයිස්කෝප් වෙබ් අඩවියෙන් විතරක් නෙමෙයි අන්තර්ජාලයේ සැරිසරන වෙලාවට අහම්බෙන් හරි ඔබ දැකලා ඇති. ඔබ ඇනිමේ දිනපතා රසවිඳින්නෙක් නම් අනිවාරයෙන් වචනෙ පිටුපස තියන අර්තය තවත් එක් වචනයක්ම නෙමෙයි යන වග ද හොඳින්ම අවබෝධයක් ලබාගෙන ඇති. ඇනිමේ යන වචනය අළුත් දෙයක් ලෙස දකින හැමෝටම ඇනිමේ ලෝකය තුළට යන්න පුළුවන් තල්ලුවක් දීම මේ ලිපියේ අරමුණයි.

ලංකාවේ ගොඩක් ප්රේක්ෂකයො ඉන්නවා අපිට හුරු පුරුදු භාෂා හැර තවත් නොයෙකුත් භාෂා වල චිත්රපට නැරඹීමට කැමති. ඒ අතරින් ජපන් සිනමාව රසවිඳින ප්රේක්ෂකයන්ගේද අඩුවක් නෑ. නමුත් ජපානය සංස්කෘතික, සංචාරක යන අංශ වලට අමතරව ලෝකයේම අවධානය ලබාගන්නා තවත් අංශයක් තියෙනවා. ඒ ජපන් චිත්ර කතා හා ඒ හා බැඳුනු සජීවී රූපකරණයන්. මෙම සජීවී රූපකරණයන්ට අපි ඇනිමේෂන් කියනකොට ජපන් ජාතිකයන් හා ලොව වටා රසිකයන් ඇනිමේ ලෙස මෙය හඳුන්වනවා. එම වචනය ඇනිමේ ලෙස භාවිත වෙන්නෙ එහෙමයි. ජපානයට පැමිණෙන බහුතරයක් සංචාරකයන්ගේ ප්රධාන අරමුණ ජපානයේ ඇනිමේ ලෝකයට පිවිසීමයි.
ජපානයේ ඇනිමේ සහා මැන්ගා (චිත්ර කතා) වෙළඳ සැල්.
ඒ ගැන කතා කරන්න කලින් ඇනිමේ අතීතය ගැන ටිකක් කතා කරමු. මේක කියවන අය හිතන්න පුළුවන් මොකක්ද මේ ඇනිමේ ගැන දැනගෙන ඇති හොඳේ කියලා. දැනට ලෝකෙ හදවත් දිනාගත්ත ඇනිමේ සිරීස් එකක් දවසින් පොඩි වෙලාවක් අරන් නැරඹුවොත් එ්ක හොඳටම දැනගන්න පුළුවන්.
ජපානේ පළමු ඇනිමේ නිර්මාණය වාර්තා වෙන්නෙ 1917 දී. ඊට පසුව වැඩිම වෙලාවක් ධාවනය වුනු මුල්ම ඇනිමේ ලෙස විනාඩි දෙකක ධාවන කාලයක් සහිත චිත්රපටියක් නිර්මාණය වෙනවා. එහි සිදුවන්නේ අළුත් කඩුවක් ලැබෙන සාමුරායි වරයෙකු එය පරික්ෂා කිරීම සඳහා කෙනෙක් සමග ඇතිවන සටනක්. මෙවැනි මුල් යුගයේ ඇනිමේ වාර්තා සියල්ල, ජපානය උඩුයටිකුරු කරමින් 1923 දී ඇතිවූ “මහා කන්තෝ භූමිකම්පාව” හේතුවෙන් විනාශ වෙලා යනවා. “ලෝකෙ පෙරලුනත් නැගිටින ජපනා” කියන කියමන ඇත්ත කරමින් ජපන් ඇනිමේ කර්මාන්තය 1930 වර්ෂයේදී සාර්ථක අන්දමින් නැවත ආරම්භ කරනවා. මෙසේ නැවත උපදින ඇනිමේ කර්මාන්තය බොහෝ බාධක හා සජීවී කරුවන්ගෙ දාඩිය මහන්සිය මත ඉහලටම ඇදෙනවා. මේ අතර පලමු වාචික ඇනිමේ සලරුව 1933 වර්ෂයේදී Chikara to Onna no Yo no Naka (The World of Power and Women) නමින් එලිදකිනවා. ජපන් ඇනිමේ රැල්ල ආරම්භ වීම පටන් ගන්නෙ 1940 මහා පරිමාණ ලෙස ඇනිමේ කර්මාන්තයට පුද්ගලයන් එක්වීම හේතුවෙන්. මේ සමග “First Length-Featured Anime Movie” / පලමු නියමිත දාවන කාලයක් සහිත චිත්රපටය ලෙස Momotaro’s Divine Sea Warriors නිර්මාණය 1944 දි බිහි වෙනවා.

Momotaro’s Divine Sea Warriors චිත්රපටියෙ කොටසක්.
ඔහොම යන ගමනෙදි, රූපවාහිනියක තිරගත කල පළමු ඇනිමේ චිත්රපටය 1960 විකාශය කල Three Tales වූ අතර රූපවාහිනියක විකාශය වුනු පලමු ඇනිමේ සීරීස් එක 1961 දි නිර්මාණය වුනු Otogi Manga Calendar වේ.
මේ වගේ ගොඩක් කඩඉම් පසු කරපු ඇනිමේ ලෝකයේම අවධානය දිනාගැනීමට සමත් වෙන සංදිස්ථානයකට පැමිණෙනවා. ඒ 1984 සිට 1995 දක්වා නිකුත් වුනු Dragon Ball නම් චිත්ර කතාව ඇනිමේ සිරීස් එකක් බවට පත් කිරීමයි. මෙය ලෝකය පුරා ප්රේක්ෂකයන්ගෙ හදවත් දිනා ගන්න සමත් වෙනවා. ලංකාවෙත් ඒ රැල්ල නැතුවම නෙමෙයි.

Dragon Ball
Dragon Ball කතාවේ සාරාංශය ගත්තොත් ඒකෙ දිගහැරෙන්නේ Dragon ball කියලා හඳුන්වන ගෝල 7ක් සෙවීම සඳහා සන් ගෝකු කියන ප්රධාන චරිතය යන ත්රාසජනක චාරිකාවයි. මෙම ගෝල සියල්ල එකට එකතු කරගන්නා පුද්ගලයා හට පැතුම් ඉටු කරන මකරෙක් කැඳවිය හැකියි.
හැම කතාවක්ම නිර්මාණය වෙන්න එහි නිර්මාණකරුට යම්කිසි පන්නරයක් ලැබිය යුතුයි. මෙම කතාවේ නිර්මාතෘ අකිරා ටොරියාමා හට එසේ පන්නරයක් ලැබෙනවා. ඒ මව් කතාව තමයි, අපිත් දන්න, බයිස්කොප් අඩවියෙන් සිංහල උපසිරසි ලබා දී ඇති චිත්රපටියකට පාදක වුනු, 16 වෙනි සියවසේ චීනයේ ලියවුනු Journey to the West නවකතාව. චිත්රපටිය තමයි Monkey King, The Legend Begins. ඒකෙ ප්රධාන චරිතය සන් වුකොංග් යන වඳුරු රජුගෙන් Dragon Ball ප්රධාන චරිතය වන සන් ගෝකු පන්නරය ලබනවා. මේ සන් වුකොංග් කියන චරිතයෙන් පන්නරය ලැබුනු නිර්මාණ අනන්තයි අප්රමාණයි. Dragon Ball සීරීස් එකේ වාර්තා බිඳ දැමූ One Piece කතා මාලාවේ රචකයා පවසලා තිබෙන්නෙ ඔහුගේ නිර්මාණයේ ප්රධාන චරිතය වන Monkey D. Luffy, සන් වුකොංග් සහා සන් ගෝකු ගෙන් පන්නරය ලද බවයි. ඒ වගේම League of Legend MOBA Game හි එන වුකොංග් චරිතයද සන් වුකොංග් ගෙන් පන්නරය ලද්දක්.
මම ඉහත නිර්මාණකරුවන් ලද පන්නරය ගැන සඳහන් කලේ ලෝකය වටා සිටින ප්රේක්ෂකයන්ගෙ මෙම ඇනිමේ නැරඹීමට ඇති කුතුහලයත් එයින් නිබන්ධන නිර්මාණය (Theories) වීමත් නවතම නැඹුරුව වීම නිසයි. ඊට වැඩියෙන්ම බලපා ඇත්තේ මෙම ඇනිමේ විකාශය වී ඇති දිගු කාල වකවානුයි. ඔබත් එවැනි කුතුහලයන් විසදීමට කැමති, නිර්මාණ රසවිඳිය හැකි කෙනෙක්නම් Dragon Ballz, One Piece වැනි විශිෂ්ඨ ඇනිමේ කලා කෘතීන් නරඹන්නෙක් වෙන්න.
දැනට ලෝකයේ වැඩියෙන්ම ජනප්රිය ඇනිමේ සීරීස් නම් වශයෙන් කිව්වොත්,
1. One Piece (සිංහලෙන් කියවන්න)
2. Dragon Ballz
3. Death Note
4. Fullmetal Alchemist (සිංහල උපසිරසි)
5. Bleach
6. Naruto
7. Attack on Titan
8. Fairy Tale
9. Sword Art Online
10. Tokyo Ghoul (සිංහල උපසිරසි)
මේවා වලින් එකක් හරි බැලුවොත් කොහෙන් කඩන් වැටුනු කතාද කියලා හිතාගන්න බැරිවෙයි. ඒ තරම් ස්ටෝරිය එහෙම නැත්තන් කතාව අනපේක්ෂිතයි. ජපන් කාණ්ඩය යටතේ බයිස්කෝප් අඩවිය ගොඩක් ඇනිමේ චිත්රපටි වලට උපසිරසි ලබා දීලා තියෙනවා. ඒ අතරින් Spirited Away, Your Name වැනි කතා IMdb දර්ශකයේ ඉතාම ඉහල අගයක් ගන්නෙ. ඉතින් මේ ලිපියෙ අරමුණ තමයි ඇනිමේ කියන්නෙ මොකක්ද කියලා පුංචි හරි පැහැදිලි කිරීමක් දීලා ඒවා රසවිඳින්න රුකුලක් දෙන එක.
යන්න කලින් තිසර නියෝ සහෝදරයට ස්තූති කරන්න ඕනෙ ඇනිමේ ගැන බයිස්කොප් මංසලේ මට ලිපියක් පල කරන්න අවස්ථාව දුන්නට. මේක හඳුන්වාදීමක් ලෙස පල කලත් මට ගොඩක්ම ඕනෙ එකින් එක ලෝකෙ ප්රසිද්ධම ඇනිමේ වල විස්තර ඇනිමේ බලන්න උනන්දුව තියෙන අය වෙනුවෙන් පල කරන්න. ඒත් ප්රතිචාර කොහොම වෙයිද කියලා දන්නෙ නැති නිසා දානවද කියලා හිතාගන්න බෑ.
please explain attack on titan 4th season
Niyama wadak Digatama Liyamu
Obeta jaya…..!!!
මම දන්නැනෙ වුකොංග්ට එහෙම බැක් ස්ටොරියක් තිබ්බ කියල.එක ඇත්තටමworld of warcraft වලටත් වඩා හොද ගෙමක්.බයිස්කොප් වෙබ් එකෙන් මංසලටත් පොඩි කාලයකදි ආපු එක නියමයි ඇනිමි බලන අපිට ඔයා සම්පත් නංගි. මේ Fairy Tale කියන්නෙ අැලිස් ස්කොලේ වගෙ එකක්ද.
baiscopela anime walatath atha gahuwoth hoda naddda…..
anime supiri niyama wadak
niyamai mat anime balanawa. anime supiri habai really addicted
නියමයි නියමයි
දිගටම ලියන්න 😀
Eka niyamai yaluwa..mn hamadama oya dana ewa download krn balanwa.attama ewa harima lassanai.oyta puluwn nam mta oya dana ewa wala link ewnnawda hamadama.obata jaya !!
ලිපියෙන් ගොඩක් දේවල් ද න ගත්ත ස්තුතියි
ANIME patta…aya wena kyanna deyak ne…mn baiscopelk sub dunna anime films seris okkoma download kra… Thawath me wage post araena enna sis… Jayawewa
kellek wunath lipiyak liyaa tiyenawa film gena hodata..mm danna widiyta godak kello Anime balanna kamatiyi..poddk aran ekak balanna one..
ෆට්ට මචං දිගටම මේ වගේ ලිපි දන්න සුභ පැතුම්
නියමයි යාලුවා…සුපිරි ලියවිල්ලක්…
බොහොම ස්තුතියි
නියමයි.ඇත්තටම ඇනිමේ ගැන ලිපියක් ඉදරිපත් කල එක නම් වටිනා වැඩක්
සරලව සුපිරියම ලියලා තියනවා.ඉදිරියෙදී ජනප්රිය ඇනිමේ ගැනත් ලිපි දාන්න
බොහොම ස්තූතියි
සුපිරි ලිපියක් සහෝ බොහෝම ස්තුතියි .