ඉදිරි දිගහැරුම (LXVI) | Paranormal Activity 5 (2016) – නැවතත් හොල්මන් සමඟ
Paranormal Activity 2 (2010)
මේ තමයි සැබෑම පැරනෝමල් ඇක්ටිවිටි සිනමා නිර්මාණ හතර. Paranormal Activity 2: Tokyo Night (2010) සහ Paranormal Activity: The Marked Ones (2014) නමින් සිනමා නිර්මාණ දෙකක් පැමිණියද ඒවා සැබෑ කතාවට කිසිඳු සම්බන්දයක් නැති එම ආකෘතියට තැනූ නිර්මාණ වේ. මෙම සිනමා පෙළ ඇසුරින් ලැබූ ආභාෂය අනුව, විදේශීය වශයෙන් සිදු වූ එක් නිර්මාණයක් සහ මුල් නිර්මාණයෙන් බිඳී විත් තැනෙන එක් නිර්මාණයක් ලෙස ඒ දෙක හඳුන්වාදිය හැකියි.
2013 ඔක්තොම්බර් 13 තිරගත වීමට සැලසුම් කළ මෙය පසුව 2014 ඔක්තොම්බර් දක්වා දින වෙනස් කරනු ලැබුවා. නමුත් නවතම වාර්තා අනුව මෙය 2016 දක්වා කල් තබා තිබෙනවා. මේ අනුව මේ වසරේ පැමිණි Paranormal Activity: The Marked Ones (2014) වෙනුවට ඔක්තොම්බර් සැබෑම සිනමා පටය එනතුරු සිටි රසිකයන්ට 2016 දක්වා ඉවසා සිටීමට සිදුව තිබෙනවා.
අමුතුම ආකාරයේ සිනමා නිර්මාණ වලට කැමති රසිකයන්ට මෙම සිනමා නිර්මාණ පෙළ අමුතුම අත්දැකීමක් විය. කුමක් නිසාද යත් මෙම නිර්මාණ පෙළේම මූලික ක්‍රමය වූයේ සිනමා නිර්මාණයක් තුළ තවත් සිනමා නිර්මාණයක් කිරීමේ ක්‍රමයයි. එනම් මෙම සෑම සිනමා නිර්මාණයක්ම චිත්‍රපටය තුළ වෙනත් කැමරාවකින් රූගතවන ආකාරයකට දක්වා තිබේ. නිදසුනක් ලෙස Project X (2012) දැක්විය හැකිය. එහිදී මුළු කතාවම කතාවට සම්බන්ද විවිධ අයගේ කැමරා වලින් රූගත වන ආකාරයට දක්වා තිබේ. Paranormal Activity‘හි වෙනස වන්නේ මුළු කතාවම පාහේ ආරක්ෂක කැමරා වලින් රූගත වන ආකාරයට දක්වා තිබීමයි. මේ නිසා මෙම සෑම නිර්මාණයකම තාත්වික බවක් රැඳී තිබුණි.
නවතම සිනමා පටයේ,
අධ්‍යක්ෂණය: ග්‍රෙගරි ප්ලොට්කින්
රචනය: ජේසන් පැගන් (තිරරචනය), ඔරෙන් පේලි (චරිත)
නිෂ්පාදන ආයතන: Blumhouse Productions, Paramount Pictures
දැනට පවසන පරිදි Katie Featherston විසින් Katie ලෙසද Tyler Craig විසින් Devon ලෙසද රංගනයෙන් දායක වනු ඇත. නමුත් අනෙකුත් පිරිස පිළිබඳව තවමත් පවසා නොමැත.
තවමත් දිනයක් නොමැති අතර බොහෝ දුරට 2016 ගිම්හානයේදී තිරගත විය හැකි බවද පැවසේ.