ඉදිරි දිගහැරුම XC | Ice Age: Collision Course (2016) හිම යුගය පස්වන වරටත්! | Update | පූර්ව ප්‍රචාරක පටය සිංහල උපසිරසි සමඟ | Update
අතිශය ජනප්‍රිය අයිස් ඒජ් කතාමාලාවේ නවතම අදියර ලෙස එහි පස්වන සිනමාපටය ලබන වසරේ සිනමාවට ගෙන ඒමට මේ වන විට කටයුතු කෙරෙමින් පවතිනවා. එය නමින් Ice Age: Collision Course.
දැනට පවතින තොරතුරු අනුව මෙය මිනිත්තු 99 ක ධාවන කාලයකින් යුක්ත වනබව දැක්වෙනවා. Animation|Adventure|Comedy යන කාණ්ඩ වලට අයත් මෙහි නිෂ්පාදනය සුපුරුදු පරිදි Blue Sky Studios සහ Twentieth Century Fox Animation සිදුකරනු ලබනවා.
අධ්‍යක්ෂණය Mike Thurmeier සහ Galen T. Chu විසින් සිදුකරනු ලබන අතර රචනය Michael J. Wilson විසින් සිදුකරනු ලබනවා. පෙර මෙන්ම John Leguizamo, Denis Leary, Queen Latifah ඇතුළු සුපුරුදු කණ්ඩායම හඬකැවීමෙන් දායක වනවා.
තවමත් මෙවර කතාව කුමක්ද යන්න ඉදිරිපත් කර නැත. 4 වන කතාව අවසන් වූයේ අයිස් යුගයේ නිමාව ඇරඹීම සමගින් පෘතුවිය මහද්වීප වලට වෙන් වීම ආරම්භ වීමෙන්ය. මෙවර කතාව එම නව යුගයේ ආරම්භය සමඟ ගල යනු ඇත.
බලාපොරොත්තු වූ පරිදි රියෝ 02 සාර්ථක නොවීම බ්ලූ ස්කයි කණ්ඩායම නැවත අයිස් ඒජ් කරා යොමුකිරීමට හේතුවක් වී ඇති බව පෙනේ. පෙර නිර්මාණ හතරක සාර්ථකත්වය සමඟින් මෙවරද ඔවුන් සාර්ථක වනු ඇති බවට නොඅනුමානය.
තිරගතවන දිනය – 2016 ජූලි 22
My wish came true… 😉 😉 😉
බොහෝම ස්තූතියි පෝස්ට් එකට
මේක එනකං ඇඟිලි ගණිනව….
ලිපියට තෑන්ක්ස් තිසර සහෝ….
ජය…….
ela kiri machan