ඉදිරි දිගහැරුමපුවත්වගතුගසියල්ල

ඉදිරි දිගහැරුම… (XLVI) | Dumb & Dumber මෝඩ ජෝඩුව…

1994 වසරේ දී නිකුත් වෙච්ච කොමඩියක අලුත්ම අනුබැඳියක් ගැනයි මේ කියන්න යන්නේ… කැමති නැතිනම් ඉතින් කරන්න දෙයක් නෑ. ඒත් මේ ජාතියෙ කොමඩියක් ගැන නොකියාම බෑ නෙව.

ඩොලර් මිලියන 17ක වියදමකින් කළ මේ චිත්‍රපටය 1994 වසරේ නත්තල් කාලය විනෝදයෙන් පුරවාලන ගමන්, ඩොලර් මිලියන 127 කට අධික මුදලක් ඇමෙරිකාව තුළ උපයන්නට සමත් වුණා. ලොව වටා ආදායම ඩෝල්ර් මිලියන 250 කිට්‍ටුවටම ආවා.

Universal Pictures නිෂ්පාදනයක් වන මෙහි, අඩංගු වෙලා තිබුණේ මහා මොට්ට පහේ වුණත් හිතහොඳ යාළුවො දෙන්නෙකුගේ වික්‍රමාන්විත සවාරියක්. රෝඩි දූපත්වල ඉඳලා කොලරාඩෝ දක්වා යන ගමනේදී මේ අය කරන වැඩ මුළු ඇමෙරිකාවම දෙවනත් කරන තරම්. ඒ වුණත් මේ අය මේ යන්නේ, සල්ලි පිරිච්ච බ්‍රිෆ්කේසයක් එහි අයිතිකාරයාට භාරදෙන්නයි. එක්තරා ධනපතියෙකුව පැහැර ගන්නා කප්පම්කරුවෝ ඔහුව නිදහස් කරන්නනම්, ඔහුගේ බ්‍රිඳගෙන් කප්පමක් ඉල්ලනවා. බිරිඳ අතින් බැරිවුණ මේ කේසය හම්බෙන්නේ මේ දෙන්නට. වැඩේ කියන්නෙ දෙන්නම මේ තම-තමන්ගෙ රස්සාවෙන් දොට්ට දැම්මා විතරයි. ඒ මදිවට කප්පම්කාරයො මේ සල්ලි මල්ල උදුරගන්ඩ මේ දෙන්නගෙ පස්සෙන් පන්නනවත් එක්ක.

ඔන්න ඔහොමයි ඒකෙ කතාව! මේ දෙවැන්න එන්න යන්නේ හරියටම පළමුවැන්නෙන් වසර 20කටම පසුවයි. ඒ කියන්නේ 2014 වසරේ තමයි තිරගත වෙන්නට නියමිතව තියෙන්නේ. මුල් එකට ප්‍රධාන චරිතවලින් එකතු වූ Jim Carrey සහ Jeff Daniels යළිවරක් දෙවැන්නටත් එක්කාසු වෙනවා. ඒ වගේම තමන්ගේ සිනමා සංචාරය Dumb & Dumber එක්ක පටන්ගත්තත් ඒ වගේ නූණ සොහොයුරන් දෙපළ; Farrelly Brothers මෙවරත් තිරරචනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් එකතු වෙනවා. ඒ ඇරුණහම ඔස්කා සම්මානලාභී නිළියන් වන, Kathleen Turner සහ Jennifer Lawrence දෙපළත් මේ චිත්‍රපටයට එක්වන බව සනාථ කොට හමාරයි.

Jim Carrey සහ Jeff Daniels

තිබෙන තොරතුරුවලට අනුව. මේ පාරත් නැතිවුණ දෙයක් හා සම්බන්ධ කතාවක්මයි අඩංගු වෙන්නේ. හැබැයි නැතිවුණ දෙයක් අයිති කෙනාට භාරදෙන්න යන ගමනක් නොවෙයි යන්නේ. නැතිවුණ දෙයක් හොයාගන්න යන ගමනක්. Harry(Daniels)’ගේ කිසිදා නොදත් දියණ්Iය හොයාගෙන, ඇය ගැන හෝඩුවාවන් පසුපස හඹායන ගමනක්. වකුගඩු බද්ධ කිරීමේ සැත්කමකට මුහුණදීමට නියමිත දුවව හමුවන තුරුත්; හමුවීමෙන් පසුවත් මේ දෙන්නා කරන වැඩ තමයි මේ වර දැකගන්නට ලැබෙන්නේ ඒ විස්තරවලට අනුව.

ඉතින් Harry(Danniels) සහ Lloyd(Carrey)’ගේ දෙවැනි මොඩ-දස්කම් සමග මුසු වූ, මේ නවතම හාස්‍ය චිත්‍රපටය, උන්මාදනයක් ඇති කරවූ මුල් චිත්‍රපටයේ ත් ඉක්මවා යනු ඇතැයි, දැනටමත් මේ පිරිස් අනාවැකි කියනා නිසා, මේ ගැන ඇහැගහගෙන ඉන්න තරම් වටිනවා. බලමුකෝ නේද? පළමුවැන්නත් IMDb අගය 7.2ක් අරගෙන තිබෙනා නිසා; කට්ට කූජීත – පට්ට පජාත චිත්‍රපටයක් බලන අදහසින් එහෙනම් ඔන්න විකට චිත්‍රපට රසිකයන්ට බලාගෙන ඉන්නට තියෙන කාලය තව ටිකයි හොඳේ…

තිරයට එන දිනය: 2014 නොවැම්බර් 14

Author

One thought on “ඉදිරි දිගහැරුම… (XLVI) | Dumb & Dumber මෝඩ ජෝඩුව…

  • ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි…
    ‍මේ‍ක ‍බ‍ලන්‍‍න ‍ව‍ටි‍න ‍ෆිල්‍ම්‍ ‍එ‍කක්‍.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *