ඉදිරි දිගහැරුමවගතුගසියල්ල

ඉදිරි දිගහැරුම… (XXIV) | journey 3 ගමන කොහෙටද?!

මම දිගටම එක එක විස්තර ගෙනැල්ලා, අලුත් චිත්‍රපටි ගැන චිත්‍රපටි අනුබැඳි ගැන තොරතුරු කිව්වානෙ. ඒ වගේම ටෙලිනාට්‍ය මාලාවන් වල අලුතින් තැනෙන කතා සමයන් ගැනත් තොරතුරු කියලා අපේ සමහර යාළුවො අමාරුවෙ දැම්මානෙ. මේ සූදානම කිසි කෙනෙක් නොහිතන වැඩක් කරන්ඩ. 😉
මේ පාර මම හදන්නෙ මාවම අමාරුවෙ දාගන්ඩ. 😛 ඒත් තීරණය ඔබේ අතේ…

මතක ඇති නොවැ Journey 2. Journey 1 නොහොත් Journey to the Centre of the Earth (2008) ලබාපු සාර්ථකත්වයෙන් පසු නිර්මාණ කෙරුණු මේ 2 වැන්න කලින් එකටත් වඩා සාර්ථක වුණා. Josh Hutcherson හැරුණුකොට අනිකුත් චරිත සියල්ලම පාහේ අලුතින් එක් වූ ඒවා වුණත් The Rock සහ Vanessa Hudgens, Luis Guzmán, Michael Caine ගේ එක්වීම මෙහි සාර්ථකත්වයට නොමඳ බලපෑමක් කළ බව නොරහසක්. පළමුවැන්න $ 60m කින් $ 241.9m හොයද්දී, දෙවැන්න $ 79m කින් $ 325.8m හෙව්වා.

ඒක ඉවර වුණු හැටි මතක නම් අන්තිමේ ෂෝන් ගෙ උපන්දිනේ දා එයාගෙ සීයා එයාට දීපු පොත මොකද්ද කියන එකත් මතක ඇති! මේ පාර පවුලේ සවාරිය ඒ පොතට සම්බන්ධ වේවි කියන එකයි අපට හිතාගන්ඩ වෙන්නේ. මෙහෙම කියන්නේ තවමත් 3 වැන්නේ කතාව ගැන හරි තොරතුරක් හෙළි කරලා නැති නිසා. 🙁

New Line Cinema නිෂ්පාදනය කරපු Warner Bros. බෙදා හැරපු 2 වැන්න 1 වැන්නත් අභිබවා යාමෙන් තු‍ටු පහ‍ටු වුණු මේ උදවිය 3 වැන්නක් ගැන වැඩ කටයුතු නොහිතා හිටියානම් තමා පුදුමෙ! තියෙන ආරංචි වලට අනුව The Rock(ෂෝන්’ගේ සුළු-පියා) පෙර චරිතයෙන්ම එක්වෙනවා. Hutcherson(ෂෝන්) සහ Sir Michael Caine(ෂෝන්’ගේ සීයා)ත් එක්වෙනු ඇතිලු. මුළු පවුලේම සවාරියක් නිසා ෂෝන්’ගේ මව, පෙම්වතිය සහ ඇයගේ පියා ත් නිසැකවම එක්වනු ඇති. බොහෝ විට ෂෝන්ගේ බාප්පා ලෙස පළමුවැන්නෙන් හමු වූ; Brendan Frazer යළි එක්වීමේ ඉඩකඩක් ගැනත් කතා බහක් තියෙනවා. බාගවිට පළමුවැන්නේ දී මිය ගියා යැයි තීරණය කරන්නට යෙදුණු ෂෝන්ගේ පියා තුන්වැන්නේදී හඳ මතින් හමුවන්නටත් බැරි නෑ… 😀

නිසැකවම, දෙවැන්නේ අධ්‍යක්ෂකධූරය හෙබවූ Brad Peyton මෙන්ම තිරරචනයෙන් දායක වූ Brian සහ Mark Gunn කියන සොහොයුරන් දෙපළ මීට එක්වෙනවා එම කාර්යයන් වෙනුවෙන් යළි වරක්. හේතුව ඔවුන් ගිවිසුම්ගතව ඇති බව නිපැයුම් සමාගම හෙළි කර තිබීම. දෙවැන්නේ අවසානයෙන් හෙළි වූ ලෙසටම හඳ ගමනක් යනවාද? නැද්ද? කියන එකනම් මේ අයත් තවම හෙළි කර නැහැ. ඇතැම් විට හදිසියේම හඳ ගමන කල් දමා ෂෝන්ගේ තවත් යම් ඥාතියෙක් හොයාගෙන වෙනත් ජුල්ස් වර්න්’ගේ කතාවකට යොමු වෙන්නටත් බැරි නෑ. මතකනේ.., මේ වර්න්’ගේ පොත් හරියටම ටක්කෙට හොයන් යන්නෙ මේ පවුලේ උදවියම විතරයි. 😀

තවමත් මේ කිසිදෙයක් හිතාගන්නට අපට ඉඩක් තියා නෑ නිර්මාණකරුවන්. නමුත් “දෙවැන්න වාගේම විනෝදය සපිරුණු, පුදුමජනක කතාවක් වේවි” යි කියලා විතරක් බලාපොරොත්තු වෙමු. එහෙනම් ඉතින් අවසාන ප්‍රශ්නය! මේක ආවහම උපසි‍රැසි ඕනෙ කොහොමද? එක අතකට මට ඒකට උත්තරයක් එපා! චිත්‍රපටි උපසිරැසි කෙරුවාවට නිල වශයෙන්ම තිත තියන්ඩ’යි මගේ අදහස! ඒත් බයවෙන්ඩ කාරි නෑ; අපේ පොරවල් මේවා පොර කකා දෙයි. 😉

තිරයට එන දිනය: 2014 අප්‍රකාශිත දිනයක්

Author

3 thoughts on “ඉදිරි දිගහැරුම… (XXIV) | journey 3 ගමන කොහෙටද?!

  • චඃ නිකම් සවුත්තුව දාගන්න එපා හොදේ
    මේක අපු හැටියෙන් සබ දිහන් උදෝ
    මේකේ ඉන්න ශෝන්ගේ කෙල්ලනම් ලස්සනයි ඈ 😉

    Reply
  • පිස්සු විකාර කතා කියන්න එපා…
    ලොවෙත් මේක ආපු ගමන් ඔයයි ගෙන්ම තමයි මේක ඕනේ..
    අනික ඉතින් දැන්ම මොනවා කියන්නද…
    තාම හරි හැටි විස්තරයක් වත් නැහැ නොවැ….
    කොහොම උනත් පිස්සු වැඩ නොකර හිටින්….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *