ඉදිරි දිගහැරුමවගතුගසියල්ල

ඉදිරි දිගහැරුම… (XXXIV) | Act of Valor 2 ධෛර්යයේ මෙහෙයුම…

ඇමෙරිකානු හමුදාව සතු; සූක්ෂම සහ සුවිශේෂතම ප්‍රහාර මෙහෙයවන අංශයක් ගැන දැන් ලෝකෙම දන්නවා. හේතුව ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදියෙක් විදිහට ඇමෙරිකාව හොල්ලන්නට සමත් වූ ඔසාමා බින් ලාඩෙන් ඝාතන මෙහෙයුම දියත් කළේ, මෙන්න මේ හමුදා ක්‍රියාකාරීන් වීම. SEAL( Sea-Air-Land) හෙවත් ගොඩ-දිය-අහස යන තුනෙන්ම එක සේ විකුම් පාන නාවික විශේෂ ක්‍රියාන්විත භටයන් ගැන හැදුණු චිත්‍රපට කොතෙකුත් තියෙනවා. නමුත් සැබෑ SEAL භටයන් යොදාගෙන හැදුනෙ එකම එකයි. ‘Act of Valor (2012)’

ඇත්තෙන්ම මෙය නාවික SEAL භටයන් ලෙස හමුදා සේවයේ නියුතු පිරිසක් නළුවන් ලෙස යොදාගනිමින් සිදු කළ නිර්මාණයක්. මෙහි සියලු හමුදා චරිත සැබැවින්ම හමුදා නිලධාරීන්මයි. සෙසු චරිත සඳහා පමණයි වෙනත් නළු නිළියන් යොදාගැනුණේ. මේ චිත්‍රපටය, වැය කළ $ 12m වියදමින් ලොව පුරා $ 81m උපයාදෙන්නට සමත්වීමෙන්ම මෙහි සාර්ථකත්වයත් මේ කෙරෙහි ලද ආකර්ශනයත් පැහැදිලිවම පෙන්නුම් කෙරෙනවා. එලෙස 7 ගුණයකට කිට්‍ටු ආදායමක් ජනිත කර දීමත් මෙහි දෙවැන්න කෙරෙහි පිවිසෙන්නට ප්‍රබල හේතුවක් වන්නට ඇති.

     

දෙවැන්නට SEAL නෑ. මේ පාර SWAT! හැබැයි මෙතුවක් කලකට නොදු‍ටු සැබෑ SAWT නිලධාරීන්මයි මෙවරත්! පළමුවැන්න ජනප්‍රිය වීමට දැඩි ලෙස බලපෑම් කළේ, අනෙකුත් ක්‍රියාදාම චිත්‍රපට මෙන් නොවී, අතිශය තාත්ත්වික සහ තීක්ෂණ සටන් ජවනිකා ඇතුළත් වීම. ඒක ඉතින් අහන්ඩත් දෙයක්යැයි නේද? ආයුධ හැසිරවීම්, පොරබැදීම්, උපක්‍රම විතරක් නොවෙයි ලුහුබැඳීම් සහ මෙහෙයුම් පවා සැබෑ ලොවේ සිදුවන පරිද්දෙන්ම දැකගන්නට එහෙනම් තව වාරයක් ඉඩ ලැබෙනවා අපට. SEAL වගේම SWAT කරන්නෙත් ලෙහෙසි වැඩක් නොවෙයි. ඇතැම් විට ඊටත් වඩා අමාරුයි. මොකද ඔවුන්ගේ මෙහෙයුම් සියල්ලම සිදු කරන්නට වන්නේ සාමන්‍ය ඇමෙරිකානු ජනතාව නිතර ගැවසෙන තැන්වල; නැතිනම් සිවිල් ජන ජීවිතය හා බද්ධව කෙරෙන මෙහෙයුම් කිව්වොතින් හරි! එනිසා අවදානම සහ අවධානයත් වැඩියි. සුළු වරදක් වුණත් ලොකු වෙනසක් ඇති කළ හැකියි. ඉතින් භීෂණය එළිපිට රජයන මේ ඇමෙරිකානු නගරයන්හි නීතිය සුරකින එකත් ලේසි නෑ.

පෙරපරිදිම අධ්‍යක්ෂණය Mike McCoy සහ Scott Waugh දෙපළගෙන්. නිෂ්පාදනයත් පෙරපරිදිම මේ දෙපළගේ නිෂ්පාදනායතනයෙන්මයි. මේ දෙදෙනා Stunt-Cordinator‘ලා විදිහට කටයුතු කර පළපුරුදු අය. එනිසාම වන්නට ඇති, ඔවුනට මෙහිදී එතරම්ම පහසුවෙන්, සැබෑ ආයුධ-දරන්නන්ගේ කටයුතු හැසිරවීම් සහ කැමරාවට හසුකරගැනීම් කළ හැකිවන්නේත්. ඉතින් මේ පාරනම් කතාව කොයි වගේද දන්නෙ නෑ. ඒ වුණත් සැබෑම නිලධාරීන්ගේ අත්දැකීම් සහ ක්‍රියාන්විතයන් ඇසුරින් ලියවෙන්නක් බවනම් නොඅනුමානයි. එහෙමනම් නැවත වරක් සැබෑම අවි-දරන්නන්ගේ වික්‍රමයන් එක්කම ඔවුනගේ සැබෑ ජීවන තතු දැකබලාගන්නට Act of Valor 2 එනකම් ඉවසමු.

තිරයට එන දිනය: ප්‍රකාශ කර නොමැත.

Author

2 thoughts on “ඉදිරි දිගහැරුම… (XXXIV) | Act of Valor 2 ධෛර්යයේ මෙහෙයුම…

  • ado patta ne,mn balapu supirima army film ekak ahh,,sirawatama real army eke aya dala flm hdnawanm hondai ,,nikan naluwo dala wdak na,,,,act of valur eke ara boat eken ena kalla thama supuruma kattiya beragnna

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *