කොමික්දැනුමටසියල්ල

කවුද මේ Presence?

DC කියන්නේ හරි අපූරු චරිත පිරුණු තැනක්නේ.ඉතිං අද මං කතා කරන්නේ යන්නේ DC වල තවත් සුවිශේෂී චරිතයක් ගැන.

ලෝකය නිර්මාණය වුණු විදිහ ගැන එක එක මත තියෙනවනේ.විද්‍යාත්මකව ගත්තම ලෝකය කාලයක් තිස්සේ Particles එකතු වෙලා නිර්මානය වුණ බවයි සැලකෙන්නේ.නමුත් විද්‍යාවෙන් එහා ගිහින්, Abrahamic ආගම් මත එහෙම බලද්දී මත පලවෙන්නේ ලෝකය යම් කිසි අයෙක් විසින් මැවූ දෙයක් කියලයි. මේ සන්සිද්දියට Reality Warping (ඉස්සරහට මේ ගැන කතා කරමු) භාවිත කර ඇති බවයි විශ්වාස කරන්නේ. මේ ක්‍රියාවලිය හඳුන්වන නම තමයි මැවුම්වාදය කියන්නේ. මෙම නිර්මානය කළ ජීවියා තමයි God (දෙවියා) කියන්නේ.

අපි කියවන Marvel, DC කොමික් හැම විශ්වයක්ම මැවුම්වාදය පදනම්ව නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතිං මේ God කියන කෙනා ඒ ඒ විශ්වය අනුව වෙනස් වෙනවා. Marvel තුළ God ව හඳුන්වන්නේ The One Above All කියලා. (මේකෙ තේරුම සැමටම ඉහ්ගළින් සිටින්නා වගේ දෙයක්) ඔයා The Umbrella Academy බලලා තියෙනවනම් දකින්න ඇති ක්ලවුස්ගේ විෂන් එකෙන් God කියල ඉඟි දුන්නු ගෑණු ළමයෙක් දකින්න ලැබුණා.

ඉතිං අද අපි කතා කරන්න යන්නේ DC යුනිවර්ස් එකේ ඉන්න God ගැන. ඔහු නමින් The Presence. නැත්තම් සිංහලෙන් ගත්තොත් පැවැත්ම කියන්න පුලුවන් දෙවියා.

වයසක මිනිසෙකු ලෙස ඉන්න Presence

කොමික් ඉතිහාසය පැත්තට හැරුණම Presence ව මුලින්ම දකින්න ලැබෙන්නේ More Fun Comics #52 කොමික් එකෙන්. වර්ෂානුකූලව ගත්තම 1940 දී. Presence ව නිර්මාණය වෙන්නේ Jerry Siegel සහ Bernard Baily අතින්. ඉතිං මේ චරිතය ගත්තම DC වල ඉන්න අනිත් චරිත වගේ තොරතුරු හුඟක් හොයාගන්න ලැබෙන්නෙත් නෑ. දකින්න ලැබෙන්නෙත් නැහැ. හැබැයි කොමික් කියවන කෙනෙක් නම් Presence ගැන දැනන් ඉන්න එක වටිනවා.

Jerry Siegel

ස්වරූපයන්

Presence ගේ ස්වරූපයන් ගොඩක් තියෙනවා. ඒවා තමයි:

  • The Voice
  • The Hand
  • The Source
  • Wally
  • The Metaverse

කොමික්වල්දී Presence ව අපිට දැකගන්න ලැබෙන්නේ වයසට ගිය මනුස්සයෙක් විදිහටයි.

බලයන් සහ හැකියාවන්

Presence ගේ බලයන්ට සීමා නැහැ. ඒවගෙන් කැපී පෙනෙන ටිකක් මං කියන්නම්.

1.The Omnipotence (අසීමාන්තික බලය)
Presence ට තමන් කැමති ඕනෑම දෙයක් කරන්න පුලුවන්. උදාහරණයක් ගත්තොත් Presence ට ඕනෙනම් ලෝකය මවන්නත්, හිතුනොත් ඒක විනාශ කරලා දාන්නත් පුලුවන්.

2. Omniscience (සියල්ල දත් බව)
Presence විශ්වයේ හැම අඩියකම, හැම කුඩා අංශුවකම හැම දෙයක්ම ගැන දැනුවත්. කොටින්ම කිවුවොත් සියල්ල දත් බව නැත්තම් බහුශ්‍රැත බවින් යුක්තයි.

3. Omnipresence (සෑම තැනකම සිටීම)
Presence ට ඕනෙනම් තමන් කැමති තැනකට ඕනම වෙලාවක යන්න පුලුවන්. කොටින්ම කිවුවොත් හිතුණොත් DC වල ඉදන් Marvel එකට යන්න වුණත් බැරි නෑ. Omniverse (Multiverse සියල්ලෙහි එකතුව) එක ඇතුලේ ඕනම තැනක පෙනී සිටීමට බලය Presence ට තියෙනවා.

4. Immortality
Presence කාලය නිසාවත් මිය යන්නෙ නැහැ. අනිත් චරිතවලට ළඟා වීමට හෝ පරාද කිරීමට බලයක් නැති නිසා Presence ට හානියක් කරන්න කාටවත් බෑ. කොටින්ම කිවුවොත් Presence අමරණීයයි.

5. Reality Warping
මේක තමයි Presence දෙවියෙක් වෙන්න හේතුව. අපි ඉන්නේ යම් කිසි යථාර්ථයක. අපේ භාෂාවෙන් කිවුවොත් අපි ඉන්නේ ඇත්ත ලෝකේ. (හැබැයි ඇත්තටම තියෙන්නේ අපේ Universe එක විතරමද?) හිතන්නකෝ දෙවියන්ට හිතුණා කියලා අපිව මේ යථාර්ථයෙන් වෙනස් කරලා අපේ ලෝකේ ගේම් එකක් හරි කොමික් එකක් හරි කළා කියලා. අන්න ඒ යථාර්තය වෙනස් කිරිමේ බලයට තමයි Reality Warping කියන්නේ. Presence විසින් DC විශ්වය නිර්මාණය කරන්නේ මේ බලය භාවිත කරලා.

6. Presence ඉන්නේ DC Multiverse එකෙන් පිට. ඒ නිසා DCU එකේ සිද්ද වෙන New 52, Flashpoint, Rebirth කාලරාමුවලින්වත්, DC Vertigo එකේ සිදුවීම් නිසාවත් Presence ට කිසිම බලපෑමක් නෑ. පෘථිවිය ඇතුලේ මොන නාඩගමක් ෆ්ලෑෂ් නැටුවත් Presence ට නම් එකේ කිසිම වෙනසක් වෙන්නෑ.

7. Presence ට තමන්ගේ මැවීමේ හැකියාවන් භාවිත කරලා Angels ලා මවන්න පුලුවන්. DC එකේ පට්ටම powerful චරිතයක් වෙන Spectre, තව ගත්තම Eclipso, Micheal Demiurgos නිර්මානය කරන්නෙත් Presence ම තමයි.

කොමික් සහ ඇනිමේෂන් සිරීස් දෙක තුනක් ඇරුණම අපිට Presence ව දැකගන්න ලැබෙන්නේ නෑ.

එහෙනම් Presence ගැන තමයි අද මං ඔයාලට අරන් ආවේ. තවත් මේ වගේ Marvel, DC විස්තර ඕනෙනම් දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. එහෙනම් අදට සමුගන්නම්.

෴෴ සුබ දවසක්…! ෴෴

© 2020 DC Comics
© 2020 බයිස්කෝප් මංසල. කරුණාකර කතෲ අයිතිය සුරකින්න.

Author

One thought on “කවුද මේ Presence?

  • පට්ට! Precense ගෙ විවිධ ස්වරූප වල ගැන කියද්දි Wally කියලා කිව්වෙ ඇයි? Metaverse කියන එක පැහැදිලි කරන්න පුලුවන් ද?

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *