Skip to content

සෑම්. ඒ තමා Hunted (2012) ටෙලි කතා මාලාවේ ප්‍රධාන චරිතය. ඇය චරපුරුෂයෙක්. ඝාතකයෙක්. ඒ වගේම තම අතීතයෙන් පළා යන්නෙක්. ඇගේ මුළු දිවිය පුරාවටම තමන්ගේ අතීතයෙන් පළා යන්නට තැත් දැරුවත් අන්තිමේ ඇයට තේරුම් යන්නේ අතීතයෙන් ගැළවීමටනම් ඊට මුහුණ දෙනු හැර අන් ක්‍රමයක් නෑ කියන එක.
ඇය තමා සේවය කරන ආයතනය වෙත යන්නේ තමා ලුහුබැඳ එන කෙනා ලුහුබැඳීම අරඹන්නට. ඇය ඝාතකයෙක් වුවත් ඇය පසුපසිනුත් කිසිවෙක් පැමිණෙනවා. ඇයට ඇගේ ආදරයටවත් කිසිවිටෙක උරුමයක් නෑ. කිසිවෙක් විශ්වාස ක්‍රීම ජීවිතය අනතුරේ හෙළීමක්.
තම ජීවිතය වෙනුවෙන් පලා යමින්, තම ගැටළු හා පොර බදන ඇය හඳුනා ගන්නටනම් Hunted සංකීර්ණ මෙන්ම මේ යුගයේ පාදක වූ ටෙලි කතා මාලාව හා අත්වැල් බැඳගන්නට සිදු වේවි.