කොමික්ට්‍රේලර්ටීවී කතා මාලාදැනුමටවගතුගවිචාරසියල්ල

ගෝතම්

මේ ලිපිය බයිස්කෝප් අඩවියේ හසන්ත සොයුරා හට ගෝතම් E00 සඳහා ලබාදුන් ලිපියයි.

Gotham S01E00

Gotham-TV-Show-Fox-Logo

අපරාධ වලින් ගහන වූ ජරාජීර්ණ නගරයක්. අපරාධ වලට එරෙහිව තනිවම සටන් වදින මුහුණ වසාගත් ප්‍රතිරූපයක මිනිසෙක්. තම දෙපාර්තමේන්තුවට එරෙහිව යමින් අපරාධ මැඩලන යහපත් පොලිස් නිලධාරියෙක්. හැමෝටම මතක් වෙනවා නේද මේ විශ්වය ගැන. DC සිනමා විශ්වයේ ප්‍රධාන චරිතය වෙන්නේ බැට්මෑන්. බැට්මෑන් කිව්වම කාගෙත් සිතට නැගෙන තවත් නමක් තියෙනවා. ඒ තමයි ගෝතම් නගරය (City of Gotham). ඔයාල මේ බලන්න යන්නේ බැට්මෑන් ගැන කතාවක්නම් නෙවෙයි. මේ තමයි ගෝතම් නගරයේ කතාව හෙවත් පුරවෘත්තයන්ගේ ආරම්භයේ කතාවයි.
ගෝතම්, නැත්නම් මීට අමතරව පෙර කාලයේදී Gotham Town (18වන සියවසේදී) Gotham; Nieuw Rotterdam (මූලික ලන්දේසි නම); Fort Adolphus යන නම්වලින් මේ නගරය හඳුන්වලා තියෙනවා. ගෝතම් කියන්නේ ප්‍රධාන ජනපදයෙන් වෙන්ව තියෙන දූපත් කිහිපයක් එක්ව සෑදුනු නගරයක්. ප්‍රධාන ජනපදයේ ඉඳන් ගෝතම් වලට පිවිසිය හැකි මාර්ග (පාලම්) දෙකයි තියෙන්නේ.ඉතින් මේ වෙන්ව තියෙන නිසාම ගෝතම් කියන්නේ අපූර්ව ස්වාධීන යුගයක තියෙන නගරයක්. ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සි ජනපදයේ ගෝතම් ප්‍රදේශයේ තමයි ගෝතම් නගරය පිහිටලා තියෙන්නේ. වර්ග කිලෝමීටර 846.9ක් පුරා ගෝතම් පැතිරිලා තියෙනවා.

10492039_859101080786550_1382385093672366330_n

  • ගෝතම් නගරය වටවෙලා තියෙන්නේ මේ ප්‍රදේශ වලින්,

බ්‍රයිඩ්ෂෙඩ්
බර්න්ලෙයි
චෙරි කන්ද
චයිනාටවුන්
යක්ෂයාගේ චතුරශ්‍රය
නැගෙනහිර අන්තය (අපරාධ මුඩුක්කුව)
ගෝතම් මුදුන
ගෝතම් ගම්මානය
මිලර් වරාය
ඕටිස්බර්ග්
කන්ද
පටු සමුද්‍ර සන්ධිය
ට්‍රයිකෝනර්

  • ගෝතම්හි පොදු ස්ථාන,

ආර්චි ගුඩ්වින් අන්තර්ජාතික ගුවන් තොටුපල
ගෝතම් නාගරික ප්‍රධාන රෝහල
ගෝතම් නාගරික පොලිස් දෙපාර්තමේන්තුව
ගෝතම් පොදු පුස්තකාලය
රොබින්සන් උද්‍යානය

  • ගෝතම්හි ප්‍රමුඛතම ව්‍යාපාරික ස්ථාන,

Ace Chemical Processing Plant
S.T.A.R. විද්‍යගාරය (ශාඛාවක්)
මොනාච් රඟහල
දුම්කොළ වෙළෙන්දන්ගේ සංගමය
වෙයින් ව්‍යාපාරය (වෙයින් ආකාශතලය, වෙයින් කර්මාන්තය)

  • ගෝතම්හි මාධ්‍ය ආයතන,

Gotham Broadcasting Company (GBC)
ගෝතම් ගැසට්

  • ගෝතම්හි වැදගත් අනෙකුත් ස්ථාන,

ආර්කම් උන්මන්තකාගාරය
වවුල් ගුහාව
බ්ලැක්ගේට් සිරගෙය
Club Vesuvius
යුක්තියේ ශාලාව (යුක්ති ලීගයේ සම්බන්ධතාවයට පමණි)
අයිස්බර්ග් විවේකස්ථානය
යුක්ති සමාගමේ මූලස්ථානය
සත්ව ඝාතන වගුර
වෙයින් නින්දගම
වෙයින් කුළුන

Gotham-Graphic_insert

  • මේ තමයි ගෝතම්හි වීරයන්,

Azrael (Jean-Paul Valley)
Batgirl (Barbara Gordon)
Batman (Bruce Wayne)
Batwoman (Katherine Kane)
Black Bat (Cassandra Cain)
Birds of Prey
Black Canary (Dinah Laurel Lance) (ඇරෝ ගේ බිරිඳ වන්නේ මැය)
Huntress (Helena Bertinelli)
Catwoman (Selina Kyle)
Jason Blood
Nightwing (Dick Grayson) (මුලින්ම බැට්මෑන් ගේ සහයකයා වුනු රොබින්)
Ragman (Rory Regan)
Red Robin (Tim Drake)
Robin (Damian Wayne)

  • ගෝතම්හි දුෂ්ටයන්,

Anarky
Bane
Black Mask
Blockbuster (Mark Desmond)
Blockbuster (Roland Desmond)
Calculator
Calendar Man
Catman
Cavalier
Clayface (Basil Karlo)
Clayface (Clay Payne)
Clayface (Matt Hagen)
Clayface (Preston Payne)
Clayface (Sondra Fuller)
Cluemaster
Deadshot
Doctor Double X
Doctor Phosphorous
Dragoncat
Electrocutioner
Film Freak
Firebug
Firefly
Grotesk
Harley Quinn
Hugo Strange
Hush (Thomas Elliot)
Joker
KGBeast
Killer Moth
King Snake
Kite-Man
Lady Shiva
Lockup
Mad Hatter
Man-Bat
Maxie Zeus
Mister Freeze
Victor Zsasz
Nocturna
Penguin
Poison Ivy
Red Hood (Jason Todd)
The Riddler
Rupert Thorne
Scarecrow
Silver Monkey
Solomon Grundy
Talia al Ghul
The Terrible Trio
Tweedle-Dee
Tweedle-Dum
Two-Face

  • ගෝතම්හි අනෙකුත් ප්‍රධාන චරිත,

Thomas Wayne (බෘස් ගේ පියා)
Martha Wayne (බෘස් ගේ මව)
Alfred Pennyworth (බෘස් හදා වඩාගත් තැනැත්තා)
Robert Langstrom
Alberto Falcone
Anthony Zucco
Carmine Falcone
Crispus Allen
Eddie Skeevers
Francine Langstrom
Harvey Bullock
Irene Miller
James Gordon
Janice Porter
Jason Bard
Jim Corrigan
Joe Chill
Leslie Thompkins
Lucius Fox
Renee Montoya
Silver St. Cloud
Sofia Falcone
Tony Zucco
Vicki Vale

783848151578208584

ඉතින් ඔය තමයි සරලවම ගෝතම්. අද ඉඳන් පටන් ගන්න මේ කතාව ගෝතම් නගරයේ කතාව වෙනවා. ගෝතම් නගරයේ ප්‍රධාන චරිතය බැට්මෑන් උනාට මේ කතාවේදී ප්‍රධාන චරිතය වෙන්නේ ගෝතම් පොලිස් දෙපාර්තමේන්තුවේ පුරාවෘත්තය වෙච්චි ජේම්ස් ගෝර්ඩ්න්. ගෝතම්හි සෑම චරිතයක් වටාම ගෝර්ඩ්න් ඉන්නවා. (මෙයා ගැන විස්තර කියනවාට වඩා හොඳයි කතාව බලලම එයාගේ ජීවිත කතාව බලන එක).

gotham-tv-series-catwoman-laser-time
පොලිස් පරික්ෂනයෙක් වන තරුණ ගෝර්ඩ්න්ගේ කතාව සැබවින්ම පටන් ගන්නේ බෘස් වෙයින් හමුවීමත් එක්කයි. දාමරිකයෙක් අතින් තම දෙමව්පියන් මියයනු දුටු බෘස් ගේ සිත සනසන්න මූලික වන්නේ ඇල්ෆ්‍රඩ් වුවත් බෘස් ගේ සිත වෙනමම මානයකට යවන්නේ ගෝර්ඩ්න්. පසුකලෙක බැට්මෑන් ලෙස පැමිණෙන්නට බෘස් ට එක හේතුවක් වෙන්නේ එදා සිදූවූ මෙම සිද්ධියයි.
බැට්මෑන්, කැට්වුමන්, විෂ අයිවී, රිඩ්ලර්, පෙන්ගුයින්. මේ හැමෝගෙම ජීවිත තුල කොතැනක හෝ ගෝර්ඩ්න් ඉන්නවා. මේ කව්රුවත් උපතින් වීරයෙක් හෝ දුෂ්ටයෙක් උනේ නැහැ. මොවුන්ව මේ තත්වයට පත්කරේ ගෝතම්හි ඔවුන් පත්වුණු තත්වයන් අනුවයි. උදාහරණයක් ලෙස බැට්මෑන් ලෙස සැකසෙන්න බෘස් ට සිදුවූයේ තම දෙමාපියන්ගේ මරණයි. පෙන්ගුයින් සමාජයේ විහිලුවට ලක්වූයෙක්, කැට්වුමන් මුඩුක්කු ජීවිතය අත්දැකපු කෙල්ලෙක්. ඒ නිසා ගෝතම් යනු ගොර්ඩ්න්ගේ කතාව පමණක් නෙවෙයි. මේක බෘස් ගේ කතාවක්, අයිවිගේ කතාවක්, සෙලීනාගේ (කැට්වුමන්) කතාවක්, පෙන්ගුයින්ගේ කතාවක්. ඒ වගේම ගෝතම්හි ප්‍රධානම සතුරා වන ජෝකර් ගේ කතාවක්.

The-Gotham-TV-show-3

Crime Fiction|Action|Crime|Drama යටතට ගැනෙන මෙම කතා මාලාව Bruno Heller විසින් නිර්මාණය කෙරුණක්. මේ සඳහා පාදක කරගෙන ඇත්තේ DC කොමික් විශ්වයේ Batman සහ James Gordon යන චරිත වලට අදාළ කතා ප්‍රධානවම ඇතුලත් DC Entertainment හි නිර්මාණයි.

Author

4 thoughts on “ගෝතම්

  • bat man arrow ekata set wena patak ehema nadda mchan?

    Reply
    • වෙන එකක් නැහැ සහෝ. මොකද දැන් වෙනකොට බැට්මෑන් කියන්නේ තනිකරම සිනමා චරිතයක්. ඉතින් ඒක රූපවාහිනියට ගෙනාවා කියන්නේ ලොකු රිස්ක් එකක්. විශේෂයෙන්ම 2016 වෙන ෆිල්ම් එකත් එක්ක බැලුවම.

      Reply
      • a kyne mchan dn DC wala lokka wage inne arrow neda?

        Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *