නවතම මාර්වල් පුවත් 01 | Deadpool
මුලින්ම කියන්නම් Deadpool ගැන. මාර්වල් මියුටන් කොමික් සිනමාරූපී අයිතිය හිමි ෆොක්ස් සමාගම තීරණය කරලා තියෙනවා X-Men Origins – Wolverine සිනමාපටයෙන් හඳුන්වා දුන් Deadpool හෙවත් Wade Wilson හට තනි සිනමාපටයක් ලබාදීමට. මේ අනුව 2016 වසරේදී Deadpool නමින්ම මෙය තිරගත කිරීමට තීරණය කරලා තියෙනවා.
X-Men Origins – Wolverine හි රංගනයෙන් දායක වුණු Ryan Reynolds ම මෙහිද Deadpool ලෙස රංගනයන් දායක කරගන්න තීරනය කරලා තියෙනවා. ඒ සඳහා බලපෑ තවත් හේතුවක් වන්නේ රයන් ව ඔහු රඟපෑ DC ලාගේ Green Lantern චරිතයෙන් ඉවත් කිරීමයි. (Justce League අරමුණු කොටගෙන Green Lantern ප්‍රති නිර්මාණය කිරීමට වෝනර් සමාගම තීරණය කිරීම එයට හේතුවයි) මේ නිසා ඔහු නිල වශයෙන් Deadpool (2016) සඳහා ෆොක්ස් සමාගම තීරණය කරලා තියෙනවා.
අධ්‍යක්ෂණය
- Tim Miller
රචනය
- Rob Liefeld
- Fabian Nicieza
- Rhett Reese
- Paul Wernick
නිෂ්පාදනය
- Stan Lee
- Lauren Shuler Donner
[youtube]https://www.youtube.com/watch?v=onvfnqj-LbI[/youtube]
(මේ තමයි X-Men Origins – Wolverine එකේ අවසන් දර්ශනය)
නිෂ්පාදන ආයතනය
- Marvel Enterprises
- Marvel Studios
- Twentieth Century Fox Film Corporation
බෙදාහැරීම
- 20th Century Fox of Germany
- Twentieth Century Fox Film Corporation
මේ පහලින් තියෙන්නේ රයන් තමන් මෙම සිනමාපටයේ රංගනයෙන් දායක වෙන බව පවසන්නට නිකුත් කළ ටිවීටර් පණිවුඩයේ සඳහන් වූ පින්තූරයයි..
මරේ මරු
සිරාවටම සහෝ මම ෆිලුමේ බැළුවා මූ මුගේ ඔළුව අතින් අල්ලනවා.
ඒත් මම බැළුවේ ඇයි තාම ඒ කතාවට කතාවත් හැදුවේ නැත්තේ කියලා.
මට මේ ලඟකදීත් ඒක ගැන මතක් වුනා.
ඒත් මෙන්න බොලේ ඒකත් හදන්න දාලා.
නියමයි.
එතකොට අර ඔය කතාවේදී කාඩ් කුට්ටමට බලය ආරෝපණය කරලා ගහන එකාගේ නම මොකක් ද?
Gambit
එයාගේ සෝලෝ ෆිල්ම් එකත් 2017 දී එනවා.
එහෙනං නියමයි.