වගතුගසියල්ල

පිසාචයන්, නැතිනම් මල යකුන් පිරිසක් …

” අවුරුදු විසි ගණන් වල තරුණ ගැටව් පිරිසක් ජනශූන්‍ය වනගත කුඩා නිවසක ලැගුම් ගන්න යනවා. එම නිවසේ තිබිලා ඔවුනට හමු වනවා මරණයේ ග්‍රන්ථය සහ කැසට් රෙකෝඩරයක්.එම ග්‍රන්ථය සහ කැසට් රෙකෝඩරය නිසා නොදැනුවත්ව ඔවුන් අතින් අවට වනයේ නින්දේ පසු වන පිසාචයන්, නැතිනම් මල යකුන් පිරිසක් අවදි කරවනවා. ඉන් පසුව ඔවුන් එකිනෙකා එම මල යකුන්ගේ ග්‍රහණයට නතු වෙන්න පටන් ගන්නවා “
මේ තමයි 1981 වසරේ තිර ගත වූ Sam Raimi විසින් පිටපත ලියා, අධ්‍යක්ෂණය කරන ලද, Bruce Campbell,Ellen Sandweiss සහ Betsy Baker යන නළු නිලියන් රංගනයෙන් දායක වූ The Evil Dead චිත්‍රපටයේ කතා සාරාංශය. අග්නිදිග ඇමෙරිකාවේ ටෙනේස්සේ ප්‍රාන්තයේදී බොහෝ අඩු ලුහුඩුකම් සහ අදායම් පිලිබඳ සැක සංකා ඇතිව රූ ගත කෙරුණු මෙම සන්ත්‍රාස චිත්‍රපටය ( horror film ) නොසිතු අයුරින් අති සාර්ථක වුනා.ඇමෙරිකානු ඩොලර් 350,000 ත් 400,000 අතර නිෂ්පාදන පිරිවැයක් කොට නිම කල මෙය ඇමෙරිකාව තුල පමණක් ඩොලර් 29,400,000 කට වඩා ඉපයීමට සමත් උනා. මින් පසුව Evil Dead II (1987) සහ Army of Darkness (1992) ලෙස Raimi විසින් මීට සමගාමීව තවත් චිත්‍රපට ද්විත්වයක් (two sequels)නිර්මාණය කළා. කොහොම හරි වර්තමාන සන්ත්‍රාස චිත්‍රපට ( horror films ) නිවැරදිවම පවසනවානම් Zombie films වල ආගමනය සනිටුහන් වන්නේ මෙම The Evil Dead චිත්‍රපටය සමඟ බව මගේ අදහසයි. මෙම ලිපියේ මූලික අරමුණට දැන් පිවිසෙමු.
සන්ත්‍රාස චිත්‍රපට ( horror films ) රසිකයන්ට සතුටුදායක ආරංචියක් දෙමින් ඉහත සිනමා නිර්මාණය නැවත නිර්මාණය කොට තිබෙනවා. Diablo Cody තිර රචනයෙන් දායක වන මෙවර නිර්මාණයට අධ්‍යක්ෂණයෙන් සහභාගී නොවන Raimiඒ වෙනුවට Bruce Campbell(පළමු නිර්මාණයේ ප්‍රධාන නළුවා) සහ Robert G.Tapert සමගින් මෙහි නිෂ්පාදන කාර්යට දායක වනවා. සිනමා නිර්මාණයේ අධ්‍යක්ෂණ කාර්ය Fede Alvarez විසින් දරනවා. Jane Levy, Shiloh Fernandez, Jessica Lucas, Lou Taylor Pucci සහ Elizabeth Blackmore ප්‍රධාන ලෙස රංගනයෙන් දායක වනවා. මෙම අදහස Campbell විසින් බොහෝ කලක සිට මතු කොට තිබුනද රසිකයන්ගේ අඩු තක්සේරු ප්‍රතිචාර මධ්‍යයේ 2007 වසරේදී එම අදහස අත්හැර දැමුවා. නමුත් කෙසේ හෝ 2011 වසරේදී ඔහු මේ පිලිබඳ නැවත කතා කරන්නට වුනා.
“අප එය නැවත නිර්මාණය කරනවා, අපූරු තිර පිටපතක්. මම පොරොන්දු වෙනවා මේක පිස්සු හැදෙන චිත්‍රපටයක් වෙයි.” පවසන Bruce ” පෙර නිර්මාණය බැරෑරුම් ලෙස දැක්වීමට අදහස් කොට නිර්මාණය කලත් එහි අධිතාත්වික සහ දුර්වල රංගනයන් නිසා ඒක තරමක් විසුළු චිත්‍රපටයක් වගේ උනා, නමුත් මෙවර නිර්මාණය තුලින් භයානක කම ඇතුලේ තියෙන හැම වචනයක්ම මතක් කර දේවි” යයි තවදුරටත් පවසනවා. මේ සඳහා නිකුත් කල පළමු සිනමා පෙරදැක්ම 2012 ඔක්තෝබර් 24 නිකුත් වුනා. එයත් නිකුත් කරන ලද්දේ
“රක්ත බන්ධන සිනමා පෙරදැක්මක්” (The red band trailer)ලෙසයි. 2013 අප්‍රේල් 13 වන දා ඇමෙරිකාවේදී තිරගත වීමට නියමිත මෙහි අවසාන නිමවුම් කටයුතු මේ දින වල සිදු වෙමින් තිබෙනවා.
ලිපිය ~රවින්ද්‍ර හංසක~ සහෝගෙන්

Author

4 thoughts on “පිසාචයන්, නැතිනම් මල යකුන් පිරිසක් …

  • පුංචි සන්දියේ බලපු එකක් ‍නොවැ..
    අහාපහු අලුත් එකත් බලමු..
    ස්තුතියි ලිපියට

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *