බයිස්කෝප් සිංහලෙන් සාමාජික ගිණුමක් නිර්මාණය කිරීම [මුල සිට සියලුම පියවර අන්තර්ගතයි]
විනාඩි පහක් වගේ වැය කරලා නිර්මාණය කරගන්න පුලුවන් බයිස්කෝප් සිංහලෙන් ගිනුමත් තාමත් සමහර අයට හරියට රොකට් සයන්ස් වගේ වෙලා තියෙන්නේ. ඒ නිසාම තමයි තීරණය කලේ මේ ගිණුම් නිර්මාණය ගැන සම්පුර්ණ විස්තරයක් එකක් නෑර කියාදෙන්න. එතකොටවත් තාම මේ ගිණුම හදාගන්න බැරිව බනින මුවාවෙන් අනික් වෙබ්අඩවි ගැන කියලා නොමිලේම ප්‍රචාරය කරන වැඩේවත් නවත්තයිනෙ 😅 මේකට මුලින්ම ඕන කරන්නේ ඊමේල් ඇඩ්‍රස් එකක්. ඊමේල් ඇඩ්‍රස් එකක් නැත්තම් ඒක හදාගන්න හැටිත් පොඩියට කියලම පටන් ගන්නම්කො. මෙතනින් ගූගල් ගිණුමක් නිර්මාණය කරගන්න පිටුවට පිවිසෙන්න. ඊටපස්සේ දීලා තියෙන ඇප්ලිකේෂන් එකේ අදාළ තමන්ගේ තොරතුරු ඇතුලත් කරලා පුරවන්න.
ඕක බැලුවම අදහසක් අරගන්න පුලුවන් ඇති කියලා හිතනවා. මහා ලොකුවට හිතට ගන්න තරම් දෙයක් ඊමේල් එකේ හදන්න නැහැ. දැන් කෙලින්ම www.baiscopelk.com වෙබ්අඩවියයට පිවිසෙන්න. පරිඝනකය භාවිතා කරන අයට නම් ප්‍රශ්නයක් නැහැ. ඒත් ෆෝන් එකෙන් මේ වැඩේ කරන අය හැකිතාක් තමන්ගේ ෆෝන් එකටම ආපු බ්‍රවුසර් (ඉන්ටෙර්නෙට් නම් බ්‍රවුසරය හො ක්‍රෝම් බ්‍රවුසරය) පාවිච්චි කරන්න. මොකද ඩේටා පරිස්සම් කරගන්න ඕන කියන මතයේ ඉදන් Opera Mini, UC Mini වගේ පුංචි බ්‍රවුසර් භාවිතා කරන අයට තරමක් මේ වැඩේ අපහසු වෙයි. මොකද ඒවා නිර්මාණය කරලා තියෙන්නේ වෙබ්පිටු ඇඩ්වාන්ස් විදිහට දිස්වෙන එක අඩු කරලා ඩේටා අවම වෙන විදිහට වෙබ් පිටු දිස්වෙන එකට අවධානය යොමු කරලා. වෙබ්අඩවියට ගියාට පස්සේ Members Area කියලා කොටසක් දකින්න ලැබෙනවා. වෙබ් බ්‍රවුසර් එකෙන් නම් දකුණු පැත්තේ ටිකක් උඩට වෙන්න තියෙන්නේ. දුරකථන භාවිතා කරන අයට නම් වම් පැත්තේ තියෙන ඉරිතුන ක්ලික් කලාම මෙනු එක දකුණු පැත්තට තල්ලු වෙනවා.
- Members Area කොටසේ තියෙනවා “වෙබ්අඩවියෙ ලියාපදිංචි වීමට – Register” කියලා කොටසක්. ඔන්න ඕකට යන්න.
දැන් බයිස්කෝප් සිංහලෙන් ගිණුමක් නිර්මාණය කරමු.
01.) නම – නමක් ලබා දෙද්දී සිංහල අකුරු ලබා දෙන්න එපා. ඒවා අනුමත නැහැ. අනික තමයි තමන්ට කියලා ආවේණික නමක් යොදාගන්න. පොදු නමක් දානවනම් ඒ නම අරගෙන නැත්තම් ඔයාලට ලැබෙයි. අනික තමයි වචන දෙකකින් යුත් නමක් නම් වචන අතර හිඩැස් තියන්න එපා. මෙතන මට “Archie Andrews” කියන නාමය අරගන්න පුලුවන් වුනේ මේක විදේශික නමක් නිසා. අනික මේ වගේ නමක් මිට කලින් කවුරුත් භාවිතා කරන්නවත් උත්සහ කරලා නැහැ. බයවෙන්න එපා. මේක නෙවෙයි ඔයාලගේ ඩිස්ප්ලේ නේම් එක. ඒ කිව්වේ. කමෙන්ට් එකක් එහෙම දානවනම් ඔයාලා නිර්මාණය කරගත්ත නම වැටෙන්නේ නැති වෙන්න හදාගන්න පුලුවන්. ඒ ගැන ඉස්සරහට කියන්නම්. හැබැයි මතක තියාගන්න මේ වගේ ව්‍යාජ ඒවා නිර්මාණය කරන්න නම් එපා. මේ ගිණුම හැදුවේ ඔයාලට උදව්වක් හැටියට මේක නිර්මාණය කරන්නේ කොහොමද කියලා පෙන්නන්න මිසක් දීර්ඝකාලීනව පාවිච්චි කරන්න නම් නෙවෙයි.
02.) ඊමේල් ලිපිනය. ඔයාලා කලින් නිර්මාණය කරගත්ත ඊමේල් ලිපිනය මෙතනට ලබාදෙන්න. දැන් රෙජිෂ්ටර් කියන බොත්තම ක්ලික් කරන්න.
දැන් ඔයාලා හදාගත්ත ඊමේල් එකට ආපහු ලොග් වෙන්න. වැඩ ටික ඉවරවෙනකන් ඊමේල් එකට ලොග් වුන ටැබ් එක අයින් කරලා දාන්නේ නැතුව ඉන්න බලන්න. එතකොට සැරින් සැරේ ලොග් වෙන්න ඕන කමක් නැහැ. දැන් පේනවා ඇති ඊමේල් එකේ Inbox එකට Baiscopelk එකෙන් ඊමේල් එකක් ලැබිලා තියෙනවා. (සමහර අයට සමහර ඊමේල් එන්නේ Spam ෆෝල්ඩර් එකට. Inbox එකේ නැත්තම් More කියන තැන ක්ලික් කරලා Spam ෆෝල්ඩර් එකෙත් බලන්න. ඒකෙ තියෙන්නත් පුලුවන්) දැන් ආපු ඊමේල් ඕපන් කරගන්න.
දැන් ඔයාලට පේනවා ඇති දිග ලින්ක් එකක්. ඕක තමයි ඇක්ටිවේෂන් ලින්ක් එක. ඔන්න ඕක දැන් ක්ලික් කරන්න.
දැන් ඔයාලව ආයෙමත් වතාවක් වෙබ්අඩවියට එයි. මෙතනින් තමයි ඔයාලගේ පාස්වර්ඩ් එක හදාගන්න ඕන. මෙතනදී ඔයාලට විකල්ප දෙකක් ලැබෙනවා.
- ඉලක්කම්, කැපිටල් හා සිම්පල් ඉංග්‍රීසි අකුරු වගේම සිම්බල් වලින් මිශ්‍ර වුනු ස්වයංක්‍රීයවම නිර්මාණය පාස්වර්ඩ් එකක් ලබාගන්න එක.
- ඔයාලටත් පුලුවන් මේ වගේ හොද පාස්වර්ඩ් එකක් හදාගන්න. හැබැයි මේ පාස්වර්ඩ් එක හුගක් ශක්තිමත් එකක් වෙන්න. ශක්තිමත්ද නැද්ද කියලා පහල කොටසින් පෙන්නනවා. පාස්වර්ඩ් එක හරි නැත්තම් Weak කියලා පෙන්නයි.
හදාගන්න පාවර්ඩ් එක මොකක් උනත් කරුණාකරලා ඕක මතක තියාගන්න. මතක තියාගන්න බැරි නම් ඕක කොපි කරලා කොහේහරි Document එකක පේස්ට් කරලා සේව් කරගන්න. ඔය වගේ පාස්වර්ඩ් එකක් තියා කලින් දවසේ රෑ කෑවේ මොනාද කියලවත් මතක නැති අය ඉන්නේ. ඊටපස්සේ “Reset Password” කියන තැන ක්ලික් කරන්න.
දැන් ඔයාලගේ ගිණුම 95%ම ඉවරයි. දැන් ඉතින් Log In වෙන්නයි තියෙන්නේ. Log In වෙන්න කලින් තව දෙයක් කියන්නම්. ඔයාලට උඩ තියෙන ස්ක්‍රීන්ෂොට් එකේ පේනවා ඇති නේද මගේ පාස්වර්ඩ් එක සේව් කරගන්නද කියලා. ඕකට සේව් කියලා ලබා දෙන්න. මොකද තමන් ලොග් වෙන ඩිවයිස් එක මොකක් උනත් ඒක තමන්ගෙ නම් බයවෙන්නම දෙයක් නැහැ. මේකට සේව් දුන්නම වෙන්නේ. බ්‍රවුසර් එකෙන් ඔයා දීපු පාස්වර්ඩ් එක ස්වයංක්‍රීයවම සේව් කරගන්නවා. එතකොට ඔයා Log In වෙන හැම වෙලාවකදීම පාස්වර්ඩ් එක අමුතුවෙන් සේව් ටයිප් කර කර ඉන්න ඕන නැහැ. මේ සේවය නම් හුගක්ම බ්‍රවුසර්වල තියෙනවා. ඒකයි ෆෝන් පාවිච්චි කරන අයට කිව්වේ පොඩ්ඩක් ඇඩ්වාන්ස් බ්‍රවුසර් එකක් පාවිච්චි කරන්න කියලා. හරි දැන් Log In වෙන්න.
ගිණුම හදලා තප්පර ගානක් වගේ සුළු කාලයක් ගත වුන නිසා නම් අමුතුවෙන් User Name එකවත් Password එකවත් ටයිප් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි මතක තියාගන්න Username එකට දෙන්න ඕන ඔයාලා බයිස්කෝප් සිංහලෙන් අඩවිය තුලින් නිර්මාණය කරගත්හ User Name එක හො මුලදීම හදාගත්ත Email ලිපිනය. මෙතනට පොඩියට පහල තියෙනවා “Remember Me” කියලා එකක්. ඒකට ටික් එක දාගන්න. එතකොට ඔයා ආයේ වතාවක් ලොග් වෙන්න ආවහම User Name එකවත් Password එකවත් ටයිප් කරන්න ඕන නැහැ. කෙලින්ම Log In ක්ලික් කරන්න විතරයි ඕන.
මං කිව්වනේ ඔයාලා දැන් බයිස්කෝප් සිංහලෙන් ගිණුම 95% කට ආසන්නව නිර්මාණය කරගන අවසන් කියලා. දැන් ඉතින් ඔයාලට හිතේ හැටියට උපසිරැසි බාගත කරන්න වගේම අදහස් ප්‍රකාශ කරන්න පුලුවන්. තවත් දෙයක් තමයි මේක එක් වතාවක් විතරක් කරන්න ඕන දෙයක් විතරයි. ඔයාලා ඊලග වතාවේදී බයිස්කෝප් සිංහෙලන් අඩවියට ආවම උපසිරැසි බාගත කරගන්න බැහැ කියලා ආයේ ගිණුම් හදන්න යන්න එපා. ඒක නම් පිස්සුවක්. ආයේ Members Area එකට ගිහින් “චෙබ් අඩවියට පිවිසීමට – User Login” වලට ගිහින් නිර්මාණය කරගත් ගිණුමේ Username හා Password එක ඇතුලත් කිරීමෙන් පමණක් අඩවියට පිවිසෙන්න පුලුවන්.
නිර්මාණය කරගත් සාමාජික ගිණුමට Display Name හා Profile Picture එකක් ඇතුලත් කරගැනීම
හරී ගිණුම නම් හදාගත්තා නෙහ්. ඒත් කමෙන්ට් එකක් දැම්මම පෙන්නන්නේ මහා විකාර නමක්ද? ෆොටෝ එකක් පෙන්නන්නේ නැහැ නේද? හරි එහෙනම් දැන් යන්න හදන්නේ ඒ ප්‍රශ්ණ ටික නිරාකරණය කරගන්න. ආයෙමත් www.baiscopelk.com වෙතට පිවිසෙන්න. ඒකෙ එක් කොටසක් ඇති “ඔබගේ ගිණුම් විස්තර වෙනස් කරන්න – Profile Page” කියලා කොටසක්. ඕකටත් යන්නකෝ.
දැන් ඔයාලට එන පේජ් එකේ First Name එකට වගේම Last Name එකට ඔයාගේ මුල් නම හා අග නම ලබා දෙන්න. එතකොට පහල තියෙන Display Name එකට ගියාම එයාලා ඔයාට දෙන්න කැමති නම් පෙන්නුම් කරාවි. එතනින් කැමති එකක් දාගන්න. Nickname එකක් තියෙනවනම් ඒකටත් තමන් කැමති එකක් දෙන්න. උඩ තියෙන ස්ක්‍රීන්ෂොට් එකේ දාලා තියෙන සරලම ව්දිහට ඔයාලට තේරෙනවා ඇති කියලා විශ්වාස කරනවා. දැන් තව පහලට එන්න. Profile Picture තැන ඇත්තේ හිස් පසුබිමක්. ඕකට තමයි අපි දැන් ෆොටෝවක් දාන්න යන්නේ. එතනම පහල පොඩියට ඇති “You Can Change Profile Picture On Gravatar” කියලා. ඕකේ Gravatar කියන වචනේ උඩ ක්ලික් කරන්න.
දැන් මේ වගේ වෙබ් පිටුවකට ඔයාලව අරගෙන එයි. මෙතනදීත් ඔයාලට පොඩියට ගිණුමක් හදන්න වෙනවා. ඒකට Create Your Own Gravatar ක්ලික් කරන්න.
දැන් මේ වගේ ඇප්ලිකේෂන් එකක් දකින්න ලැබෙයි.
- Your Email Address – ඕකට කලින් පාවිච්චි කරපු ඊමේල් ලිපිනය නිවැරදිව ඇතුලත් කරන්න.
- Choose a username – ඔතනදීත් අර කලින් බයිස්කෝප් සිංහලෙන් සාමාජික ගිණුමේ username එකක් දාද්දි ආවේණික එකක් දාන්න උනා වගේ මෙතනදීත් ඔයාලට username එකක් ඇතුලත් කරන්න වෙනවා. ඔයාලට මතකනේ මං කලින් නම් username එකට කිසිම ප්‍රශ්නයක් නැතුව Archie Andrews කියලා ඇතුලත් කලා. ඒත් දැන් එහෙම කරන්න බැහැ. මොකද මේ වෙද්දීත් මුළු ලෝකේ පුරාම විසිරිලා ඉන්න අය අතරේ Archie Andrews කියන නමින් සිය ගානක් හො දහස් ගණනක් මේ නම පාවිච්චි කරලා ගිණුම් හදලා තියෙනවා.
- Choose a password – ඔතනටත් ඔයාලා කැමති පාස්වර්ඩ් එකක් දාගන්න.
දැන් Continue බටන් එක ක්ලික් කරන්න. මෙතනදීත් ඔයාලට ඔයාලගේ “Gravatar” ගිණුම තහවුරු කරගන්න ඊමේල් එකට යන්න වෙනවා. කලින් වගේම.
සුපුරුදු පරිදි මේ වෙලාවෙත් මට ඊමේල් එකක් ලැබිලා තියෙනවා Gravatar එකෙන් එයාලගේ අඩවියේ මං හදපු ගිණුම තහවුරු කරගන්න. ඒ නිසා ඕකත් ඕපන් කරගන්න.
ඊමේල් එක ඕපන් කර ගත්තම මේ වගේ එකක් බලාගන්න පුලුවන් වේවි ඔයාලට ලැබුණු ඊමේල් එකේ. එකේ “Activate Account” ක්ලික් කරලා ඔයාලගේ ගිණුම තහවුරු කරගන්න.
“Activate Account” ගියාට පස්සේ ඔයාලව ආයෙමත් වතාවක් Gravatar වෙබ් පිටුවටකට අරගෙන එයි. ඒකෙ ඔයාලගේ ප්‍රොෆයිල් එකට යන්න. (දකුණු පැත්තේ උඩ තියෙන Edit My Profile Click කිරීමෙන් ප්‍රොෆයිල් එක ඇතුලට යා හැකිය) ඔතනත් ඔයාලට හුරුපුරුදු දෙයක් දකින්න ලැබෙයි. කැමති නම් ඔතනත් First Name වගේම Last Name පුරවන්න.ඒත් අපි ආවේ ඕක කරන්න නෙවෙයිනේ. ඒ නිසා අර හිස් පසුබිමක් තියෙන තැනට ගිහින් “Click to change photo” ක්ලික් කරන්න.
තමන් ඇතුලත් කරන්න කැමති පින්තුරයක් තමන්ගේ දත්ත ගබඩා කරලා තියෙන තැනකින් අරගෙන දාලා. ෆොටෝ එක දාන්න එයාලා දෙන ප්‍රමාණයට හදාගෙන (ක්‍රෝප්) කරගෙන “Change My Photo” මත ක්ලික් කරන්න. එච්චරයි. දැන් ඔයාලගේ බයිස්කෝප් ගිණුමට ගිහින් බලන්න ෆොටෝවක් වැටිලා ඇති. වැටිලා නැත්තම් බයවෙන්න එපා. ටික වෙලාවකින් ආයේ ඇවිල්ලා බලන්න ඒක නිකන්ම වැටෙයි. සමහර වෙලාවට එතන අප්ඩේට් වෙන්න ටිකක් වෙලා යනවා.
දැන් ඉතින් ඔයාලට ඔයාලගේ ගිණුම 100% සර්ව සම්පුර්ණව නිර්මාණය කරගෙන අහවරයි. දැන් ඉතින් හිතේ හැටියට උපසිරැසි බාගත කරගන්න අදහස් දක්වන්න හැකියාව තියෙනවා.
අස්ථානගත වූ හො අමතක වූ මුරපද නිසා නැවතත් සාමාජික ගිණුමක් නිර්මාණයෙන් තොරව හදාගන්න විදිහ
සමහර අය ඉන්නවා හදාගත්ත සමාජික ගිණුම්වල පවා පාස්වර්ඩ් අමතක කරගන්න එක. තවත් සමහරු ලොග් වෙන්න ගියාම “Password is Invalid (පාස්වර්ඩ් එක වැරදියි) කියනවා. ඒ නිසාමයි කිව්වේ තමන් අරගන්න පාස්වර්ඩ් එක මතක තියාගන්න කියලා. මතක තියාගන්න බැරි නම් කොහෙහරි ලියලා තියාගන්න. ඉතින් ඔය උඩ කිව්ව තත්වයන් වලට මුහුණ දෙන ඇතැම් අයට මෙහෙම උනාම එයාලා කරන්නේ ආයෙමත් සාමාජික ගිණුමක් හදන එක. එතකොට හදන්න යන්නෙත් අර පරණ ඊමේල් එකටමයි. ඊටපස්සේ නිය පොත්තෙන් කපන්න තිබ්බ දේ පොරවෙන් කපන්න ගිහින් වැඩ නාගන්නවා. පාස්වර්ඩ් එක අමතක නම් ආයේ ආයේ ගිණුම් හදන්න යන්න එපා. ඒකට තමයි වෙනම සේවාවක් තියෙන්නේ “Reset Password” කියලා. මේකට ආයෙමත්,
Members Area කොටසට ගිහින් “Reset Password – ඔබගේ පාස්වර්ඩ් එක අලුත් කරගන්න” කියන තැනට යන්න.
දැන් එතකොට මේ වගේ වෙබ් පිටුවක් ඒවි ඔයාලට. මේකේ “Username or Email Address” කියන තැනට ඔයාලා කලින් පාවිච්චි කරපු ඊමේල් එකම දෙන්න. ඊටපස්සේ “Get New Password” කියන තැන ක්ලික් කරන්න. මෙතනදී වෙන්නේ ඔයාලා හදපු හැම තොරතුරක්ම එහෙම්ම තියෙද්දී ඔයාලට අවස්ථාවක් ලැබෙනවා ඊමේල් එකක් හරහා ඔයාලගේ පාස්වර්ඩ් එක අලුත් කරගන්න. දැන් ආයේ ඔයාලගේ ඊමේල් එකට ලොග් ඉන් වෙන්න
දැන් පේනවා ඇති ආයෙමත් වතාවක් මට බයිස්කෝප් සිංහලෙන් එකෙන් ඊමේල් එකක් ඇවිත් තියෙනවා මගේ inbox එකටම. ඕක ඕපන් කරගන්න.
මෙතනදීත් ඔයාලට ටිකක් දිග එකම එක ලින්ක් එවලා තියෙනවා ඔයාලට ඔයාලගේ පාස්වර්ඩ් එක රීසෙට් කරගෙන හදාගන්න. ඒ නිසා ඔය ලින්ක් එක ක්ලික් කරන්න.
දැන් ආයෙම බයිස්කෝප් වෙබ් අඩවියේ පිටුවකට ඇවිල්ලා තියෙනවා. මෙතනදීත් ඔයාලට මේ දීලා තියෙන පාස්වර්ඩ් එක අරගන්න පුලුවන් කමක් තියෙනවා. එහෙම නැත්තම් ඔයාලට පුලුවන් ඔයාලා කැමති පාස්වර්ඩ් එකක් ඇතුලත් කරන්න. හැබැයි කලින් කිව්වා වගේම ඒ පාස්වර්ඩ් එක අනිවාර්යෙන්ම ශක්තිමත් එකක් වෙන්නම ඕන. එකේ ඉදන් දහයට ගහලා තමන්ගේ උපන්දිනේ ඇතුලත් කරනවා වගේ මෝඩ වැඩ නම් කරන්න එපා.
කොච්චර හැදුවත් ඊමේල් එක වැරදියි කියනවනේ. ඒකට මොකද කරන්නේ?
සමහර අය ඉන්නවා ඇති මේ මං දාලා තියෙන ස්ක්‍රීන්ෂොට් එකේ වගේ “This email is already registered. please choose another one.” කියලා වැටෙන. එහෙම වැටෙන්න හේතුවක් තියෙනවා. ඒ මොකද කියනවනම් 2017 දෙසැම්බර් 24 වැනිදාට කලින් ආසාවට හරි Facebook, Twitter, Google කියන මේ තුන හරහා සයිට් එකට ලොග් වෙලා තියෙනවනම් ඒ අයගේ ඊමේල් ලිපිනේ මේ වෙද්දීත් වෙබ්අඩවිය තුල ලියාපදිංචි ලයිස්තුවේ තියෙන්නේ. කමෙන්ට් දාන්න ලොග් වුනු අයට නම් මේ ප්‍රශ්නෙ සැහෙන්න ඇතිවෙන්න ඇති. එහෙම අයට මේ ලියාපදිංචි වීමේ අපහසුතාවක් තියෙනවා. ඊමේල් එකට ලින්ක් එව්වා කිව්වත් ඒ ලින්ක් එකෙන් ගියාම වැඩේ කරගන්න බැරි වෙන්නත් පුලුවන්. හුගක් වෙලාවට ඊමේල් එක එන්නෙම නැහැ. මේ අයට විකල්ප තුනක් තියෙනවා.
- උඩ කියා දුන්නු විදිහට පාස්ව්ර්ඩ් එක රීසෙට් කරගන්න බලන්න.
- එහෙම නැත්තම් [email protected] ඊමේල් එකට ඊමේල් එකක් දාන්න තමන්ගේ පාස්වර්ඩ් රීසෙට් කරගන්න ඊමේල් එක ලැබෙන්නේ නැහැ ඒ නිසා රීසෙට් කරලා දෙන්න කියලා. එතකොට අපේ ඇඩ්මින් මණ්ඩලයේ කෙනෙක් ඔයාට ඔයාගේ පාස්වර්ඩ් එක ර්සෙට් කරලා ඒ බව ඊමේල් පණිවිඩයකින් ඔයාට දැනුම් දෙයි.
- එහෙමත් නැත්තම් ටක් ගාලා අලුත් ඊමේල් ගිණුමක් හදලා, ඒ ඊමේල් එක බයිස්කෝප් සමාජික ගිණුම හදන තැනට ඇතුලත් කරන්න. මොකද අලුත් ඊමේල් එකක් ඇතුලත් කලාම කිසිම ප්‍රශ්ණයක් මතුවෙන්නේ නැහැ.
මෙතෙක් කියපු හැමදේම වගේ ඉමේෂ් සහෝදරයා නිර්මාණය කරපු වීඩියෝවේ ඇතුලත් වෙලා තියෙනවා. කැමති නම් ඒකත් බලලා උදව්වක් කරගන්න.
විශේෂයේම මතක තියාගන්න ඕන කරුණු
- කිසිම වෙලාවක තමන්ගේ පාස්වර්ඩ් එක නැති උනා හො අමතක උනා කියලා අලුතින් සමාජික ගිණුම් නිර්මාණයට යැමෙන් වළකින්න.
- එක් වතාවක් උපසිරැසි බාගත කිරීමෙන් හො අදහස් දැක්වීමෙන් පසුව නැවතත් පසු දිනක වෙබ්අඩවියට පිවිසීමේදී ගිණුමට ඇතුල් වී නොමැති නිසා එයින් කිසිම විටක නැවත ගිණුම් නිර්මාණ කිරීමට අවශ්‍යය යැයි කියවෙන්නේ නැත. Login වී උපසිරැසි බාගත කරන්න. [ ඒ කිව්වේ අද තමන්ගේ වැඩ ටික කරගෙන ආයෙමත් පහුවදා දවසක යද්දී උපසිරැසි ගන්න ගියාම ගිණුමක් හදන්න කියනවා කියලා හිතන්න එපා. සමහර වෙලාවට සමහර අයගේ බ්‍රවුසර් වලින් තමන් වැඩක් කරලා ඉවර වෙලා අයින් වෙලා ආයෙමත් වෙබ්අඩවියට යද්දී ස්වයංක්‍රීයව ගිණුමෙන් අයින් වෙනවා (අයින් වෙනවා කිව්වේ මැකෙනවා නෙවෙයි Log Out වෙනවා. හරියට ෆේස්බුක්වල පාස්වර්ඩ් සේව් කලේ නැති උනාම නිකන්ම ලොග් අවුට් වෙනවා වගේ) එහෙම උනාට ආයෙමත් ඕනෙම පෝස්ට් එකක පහලට ගිහින් log in කියන තැනට ගිහින් ලොග් වෙන්න.]
- මෙම ගිණුම නිර්මාණය සම්පුර්ණයෙන්ම නොමිලයේ සිදු වීමක්.
- හැකිතාක් සත්‍ය තොරතුරු වලින් යුත් සාමාජික ගිණුම් නිර්මාණය කිරීමට කාරුණික වන්න. ඒවගේම වෙබ්අඩවිය තුල ඇති නීති රීති කඩ කිරීමෙන්ද වළකින්න. එසේ සිදු කළහොත් කිසිදු දැනුම් දීමකින් තොරව තාම සාමාජික ගිණුම අහෝසි වී යනු ඇත.
Zip unzip karaganne kohomada?zip eka download kalama file not support kiyala watenne ai?uc wage browser ekak use karanna onada
ES File Explorer app eka use karanna
පට්ටම බන්.
Putuwa godak gannda bro…. yakada ul anenne ehema nadda…
නියමයි චාමර. හෝඩියේ ඉඳන් කියල දීල තියනවා මේ කරලත් බැහැ කියනවා නම් ඒ වගේ අයට ෆිල්ම් නොබලා ඉන්න කියල තමා කියන්න වෙන්නේ. පැහැදිලිව පියවරෙන් පියවර විස්තරේ කරලා තියෙනවා.
පට්ට විස්තරේ බන් දැන් දැක්කේ
මේක බැලුවට පස්සෙත් ඉතින් එකවුන්ට් එකක් හදාගන්න බැරිනම්. සබ් නොගන්නා එක තමා හොඳ… තැන්ක්ස් චාමර. නියමෙට ලිපිය ලියලා..