බයිස්කෝප් Bond, නැවතත් කරළියට…
මතකනේ සමීර කරුණාරත්න සහෝ; 007 කේතධාරියා වූ, බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවයේ MI6 අංශය සතු, සුපිරිතම නියෝජිතයා වන -James Bond-‘ව මුල සිටන් ගෙනෙන වැඩක් ඇරඹුවා. අපි බොහෝ දෙනෙක් මේ Bond’ව දැන සිටියේ අතනින් මෙතනින් නේ. ඒක නිසා සමීර අපට Bond’ව මුල සිටන් හඳුන්වලා දෙන්ඩ ගත්තා. ඒත් මොනම Bond නළුවෙකුට වුණත්, එක දිගටම ඒ චරිතයේ කොටු වෙන්ඩ අමාරුයි. ඒක නිසා අපේ උපසිරැසිකරුවන්ටත් එහෙම වුණොත් පුදුමයක් නෑ. ඒක එහෙමම බව සමීර‘ගේ සමුගැන්මෙන් ඔප්පු වුණා. එකදිගටම Bond චිත්‍රපට 4ක් දීගෙන දීගෙන ගිහින්, හරියට 007 මුල්ම නළු Sean Connery වගේම; ඔහුත් තාවකාලිකව සමුගත්තා. නමුත් Connery වගේම මද කලකට පසු, සමීර යළිත් අප හමුවුණේ, 960 දශකයට අයත් අවසන් Bond චිත්‍රපටයත් සමගින්. ඒ 960 දශකයේ Bond චිත්‍රපට සියල්ල උපසිරැසිගන්වා අවසන් කරමින්ම, අපේ බයිස්කෝප් සිංහලෙන් සිනමා අඹරේ ඔහුගේ Bond භූමිකාව අවසන් කරන අරමුණින්. දැන්, අප වෙනුවෙන් Bond චරිතය භාරගන්නේ අපේ බයිස්කෝප් සිංහලෙන් තිරයේ, තවත් සුපිරිම නළුවෙක්. මින් ඉදිරියට James Bond’ගේ භූමිකාව යළි කිසිවෙකුට භාරනොදෙන්නට ඔහු දැඩි තීරණයකට පැමිණ තිබෙන බවයි අපේ හැඟීම. එනිසා එකදිගට Bond’ගේ පෙළහර චාරිකාව අවසානයක් තෙක්, දිගහැරෙණු ඇති මෙවර. (ඒ කවුද කියන එක පසුව ඔබට දැනගන්නට ලැබෙයි. එතෙක් ඔබේ අනුමාන කිරීම පහළින් සටහන් කරන්නකෝ බලන්නත් එක්ක) 😀
අපේ නළුවා වෙනස්වුණත් එක්කම, අපේ පිළිවෙළත් ටිකක් වෙනස්වුණා මෙවර. චිත්‍රපට උපසිරැසිය සමගින් දිගු ලිපි පළකරමින් ඔබව තවත් වෙහෙසට පත්නොකරන වැඩකුයි ඒ… අපි වෙනදා උපසිරැසි ලිපියෙහිම අඩංගු කළ විශේෂතා ගැන විස්තර මෙදා සරේ මංසලෙන් ගෙනෙන්නයි යන්නේ… එහෙමනම්; අපේ අලුත් Bond එක්ක පෙරටත් වඩා උද්‍යෝගයෙන් එක්කාසුවෙමු… ඊට කලින් අපි පොඩ්ඩක් පහුගිය ටික ගැනයි, ඊගාව එකගැනයි පොඩි විපරමක යෙදෙන්නයි මේ සූදානම!
Terrence Young සමගින්, 007 චාරිකාව EON Productions විසින් ආරම්භ කරන්නේ 1962 වසරේදී. ඒ Sean Connery, මුල්ම James Bond බවට පත්කරමින් තැනුණු; Dr. No (1962) චිත්‍රපටය සමගින්. ඉන් අනතුරුව Connery එකදිගට Bond චිත්‍රපට 4කම 007 ලෙසින් එක්වුණා. ඒ Terrence Young’ගේ අධ්‍යක්ෂණයෙන් යුතුව පැමිණි From Russia With Love (1963), Thunderball (1965) සහ Guy Hamilton’ගේ අධ්‍යක්ෂණයෙන් නිමැවුණු GoldFinger (1964) සහ Lewis Gilbert’ගේ අධ්‍යක්ෂණයෙන් නිමැවුණු You Only Live Twice (1967) යන චිත්‍රපට 4ට.
පුරා වසර 4ක්, වසරකට 1 බැගින් 007 චිත්‍රපට එළිදුටුවා. 1962-1965 තෙක් වාර්ෂිකව එළි දුටු චිත්‍රපට මාලාවෙහි 5වැන්න එළිදකින්නේ වසර 2කට පසුවයි. ඒ 1967 වසරේදි. මේ චිත්‍රපටය රූගත කෙරෙන අතරවාරයේදී Connery තම නිල සමුගැනීම ප්‍රකාශයට පත් කළා. චිත්‍රපට 5කට එක්වීමෙන් පසු තමන් මේ චිත්‍රපට පෙළින් සමුගන්නා බව.
ඉන් පසුව යළිවරක් වසර 2කින් පසුවයි Bond සිනමාපටයක් තිරයට පැමිණියේ. ඒ 1969දී පැමිණි On Het Majesty’s Secret Service (1969) චිත්‍රපටය. නමුත් මෙහි Bond බවට පත්වුණ, George Lazenby ගේ සහ අධ්‍යක්ෂකවරයා වුණ, Peter Hunt ගේ ප්‍රථම-එකම සහ අවසාන Bond චිත්‍රපටය වුණෙත් ඒකමයි. ඒ අනුව Bond චරිතයට අඩුම වාර ගණනක් පණ දුන් නළුවා ලෙස George Lezenby ඉතිහාසගත වුණා. ඒත් එක්කම; එකම එක Bond චිත්‍රපටයකට පමණක් අධ්‍යක්ෂණයෙන් දායක වුණු ප්‍රථම අධ්‍යක්ෂකවරයා ලෙස Peter Hunt ඉතිහාසගත වුණා.(නමුත් පසුවනම් මේ ලැයිස්තුවට තව කිහිපදෙනෙක් එකතු වුණා… හැබැයි නළුවා’ගේ වාර්තාවනම් අදටත් එහෙමමයි.)
ඔය විදිහට, 960 දශක අවසාන වන විට නිල වශයෙන් තැනුණු Bond චිත්‍රපට ගණන 6ක් ලෙසයි සටහන් වුණේ. කොහොමනමුත් Sean Connery’ට මේ චරිතය සම්බන්ධයෙන් තිබූ ඉල්ලුමත් ජනප්‍රියත්වයත් සුදුසුකමත් අසමසම වූවක්. එනිසා ඔහුට මේකෙන් ගැළවිලා ඉන්ඩ හැකියාවක් කොහෙත්ම තිබුණෙ නෑ. යළිත් 970 දශකයේ තැනුණු ප්‍රථම Bond චිත්‍රපටය සඳහා තම සමුගැන්මෙන් වසර 4කට පසුව එක්වන්නට ඔහුට සිදුවුණා. ඒ 960 දශකයේ අවසන් චිත්‍රපටය ලෙස තැනුණු On Her Majesty’s Secret Service චිත්‍රපටයෙන් පසු, සුපුරුදු ලෙස වසර දෙකක පරතරයක් සහිතව තැනුණු Diamonds Are Forever (1971) වෙනුවෙන්. මේ චිත්‍රපටයත් සමගම Bond 970 දශකය ආක්‍රමණය කිරීම ආරම්භ කරනු ලැබුවා.

අදට මෙච්චරයි…
එතකොට 970 දශකයේ Bond’ගේ වැඩ කිඩ ඇරඹූ Diamonds Are Forever චිත්‍රපටියේ ඉතුරු විස්තර??? අපි ඒවා ගෙන එන්නම්, චිත්‍රපටයේ උපසිරැසිය ඔබ අතපත්කරනා විටදීම…
හරිනෙ එහෙනම්! ආ..හ්, සමුගන්න කලින් තව එක ආරංචියක්! ඒ දවස හෙට හෝ අනිද්දා වෙන්න පුළුවන් 😉
ප.ලි:
හක 🙂 හක 😀 හක 😛 දැන් මේක බලපු කට්ටිය, හිටු කියලා මට සුබපතනවා ඇති, මේ කළ වැඩේට නේද? රැවටුණ රැවටිල්ලක් කියලා… 😛 කල්තියා වෙනිවැල්ගැට ටිකක් එහෙම බීලා හිටපු හින්දා කමක් නෑ. නූලකුත් බැදගන්ඩ ඕනෑ ඉක්මනටම 😀 තරහගන්ඩ කාරි නෑ හොදේ ඉතින්! ඉදලා හිටලා පොඩ්ඩක් රැවටුණාට මොටෝ… 😉 ඒවුණාට මා එක්ක අමනාප ගන්ඩ කාරි නෑ හොදේ; මම මාතෘකාවෙන්ම ඉගියක් දීලායි තියෙන්නේ…
එහෙම වෙලාත් අහුවුණානම් ඉතින් මං මක්කොරන්ටද? 😛
මම හිතන්නේ ශාන් විමුක්ති (විමා) තමයි.
එල එල ,
පට්ට පැහැදිලි එකක් ආවම විතරක් දාන්ඩෝ, නැත්නම් දෙපාරක් බානවනෙ තියෙන අමාරුවට.
ඕම යං ………..
kawuru karath niyameta karayi… thanx uda saho…
නියමයි උදා!
බලමු කවුද මේ අළුත් නළුවා කියලා
ජය වේවා!