DC කොමික්චිත්‍ර කතාසියල්ල

බැට්මෑන් රීබර්ත් සිංහලෙන් කියවන්න (2016) #00

  • ප්‍රධාන චරිතය: බැට්මෑන්
  • සහය චරිත : ඩියුක් තෝමස් (ද සිග්නල්)
  • සතුරු චරිතය: කැලැන්ඩර් මෑන්
  • අනෙකුත් චරිත : ඇල්ෆ්‍රඩ් පෙනිවොර්ත්, ලුශියස් ෆොක්ස්, ජිම් ගෝර්ඩන් (පෙනී සිටීමක් පමණි)
  • දකින්න ලැබෙන ස්ථාන: ගෝතම් නගරය, බැට්කේව්, වෙයින් මන්දිරය, වෙයින් ටවර්

    දෙවන කොටස මෙතැනින්




කතාවේ සාරංශය : ඇල්ෆ්‍රඩ් විසින් වෙයින් මන්දිරයේ උද්‍යානය පිරිසිදු කරන අතර තුර ඩියුක් තෝමස් පැමිණෙනවා රැකියාවක් සඳහා ලැබුන ඇරයුමකට.

සඳුදා (වසන්තයේ දිනයක්), බැට්මෑන් ඔහුගේ සතුරෙක් වන කැලැන්ඩර් මෑන් සමඟ සටන් කරනවා. ඒ ඔහු වායුගෝලයට විෂ සහිත බීජාණු වගයක් නිදහස් කරන්න දරන උත්සහයකදී. බැට්මෑන් විසින් කැලැන්ඩර් මෑන්ට සිහි නැතිවෙන්න පහරදුන් පසු, ජිම් ගෝර්ඩන්ගෙන් ඔහු තත්ත්ව වාර්තාවක් ඉල්ලා සිටිනවා. එහිදී ඔහු පවසන්නේ කැලැන්ඩර් මෑන් විසින් දැනටමත් බීජාණු වාතයට මුසුකොට අවසන් කියා. එහිදී බැට්මෑන් ඔහුගේ ඇඳුම හරහා විදුලි විසර්ජනයක් කරනවා මේ බීජාණු පුළුස්සා විනාශ කිරීමට.

අඟහරුවාදා (ග්‍රීෂ්ම දිනයක්), බෘස් විසින් වෙයින් ටවර් එකේ ඉහල ඇති හෙලිකොප්ටර් ගොඩ බාන ස්ථානයේ ව්‍යායාම කරමින් සිටින අතරේදී ලුශියස් විසින් ඔහුට සුභ ආරංචියක් ලබා දෙනවා. වෙයින් ව්‍යාපාර සහ වස්තුන් නැවත ඔහුට හිමිවූ බව. එහිදී ලුශියස්ට බෘස් පවසනවා වෙයින් ව්‍යාපාර බොහෝ වතාවක් ලුශියස් විසින් බේරා දුන් බව. ඒ වගේම ලුශියස් තෝමස් වෙයින් සමඟ උන කතාබහක් මෙහිදී මතක් කරනු ලබනවා.

බදාදා (හිම පතනය වන දිනක්), බැට් කේව් එක තුලදී ඩියුක් සහ බැට්මෑන් කැලැන්ඩර් මෑන්ගේ වියපත් වෙන සිරුර දෙස බලා සිටිනවා. විවිධ සෘතු ගතවෙනවත් සමඟ, ඔහුගේ සිරුර දිනෙන් දින දිරාපත් වන නිසා බැට්මෑන් අනුමාන කරනවා කැලැන්ඩර් මෑන් විසින් නගරයේ තවමත් මේ බිජාණු කොහේ හෝ සඟවා ඇති බව. එමඟින් ඔහුගේ නියම ජව සම්පන්න ස්වරුපයට බ්‍රහස්පතින්දා වන විට පැමිණිය හැකි බවත් සඳහන් කරනවා. ඩියුක් අහනවා බැට්මෑන්ගේ ඇයි මට එන්න කිව්වේ කියා. එවිට ඔහු පිළිතුරු දෙනවා ඩියුක්ගේ දෙමාපියන්ට සුව වෙන් තෙක් වෙයින් මන්දිරය තුල වාසය කරන්න කියල. ඒ වගේම ඩියුක්ට තව දුරටත් රොබින් වෙන්න බැහැ, ඒ නිසා ඔහුට අලුත් කෙනෙක් වෙන්න වෙනවා. ඒ ව්සමඟින් බැට්මෑන් විසින් ඔහුගේ අලුත් ඇඳුම පෙන්වනවා.

බ්‍රහස්පතින්දා (ශීත සෘතුව), කැලැන්ඩර් මෑන්ගේ කාලගුණය වෙනස් කිරීමේ යන්ත්‍රය මගින් ශීත සෘතුව නැවත වසන්ත කාලයට හරවනවා, එමගින් බීජාණු ක්‍රියාත්මක වී ගෝතම් විනාශ වෙන්න ඉඩ කඩ තියෙන බව බැට්මෑන් දැනගන්නවා. විනාඩි පහකටත් අධික කාලයක් එහි ගත කර එය සොයාගෙන විනාශ කර දමනු ලබනවා.

සිකුරාදා (වසන්ත කාලය), තමන්ගේ සැලැස්ම අසාර්ථක උනත්, කැලැන්ඩර් මෑන් නැවත තරුණ බවට පත්වෙනවා. වෙයින් මන්දිරයේ මිදුලේ බෘස් සහ ඩියුක් පුහුණු වන අතරේදී ඩියුක්සහ බෘස් අතර කතා බහක් සිදුවනවා. ඒ අතරේදී ඇල්ෆ්‍රඩ් විසින් කුසගින්නේ ඉන්න වවුලන් වෙතට අලිගැටපේර ගෙඩියක් විසි කරනු ලබනවා.

ඉතින් මේ තමයි පළමු වෙළුම. කැලැන්ඩර් මෑන් කියන්නේ 1958 කොමික් තුලින් හඳුන්වා දුන් තවත් ගෝතම්වල ඉන්න දුෂ්ඨයෙක්. ඔහු කැලැන්ඩරයේ සිදුවන දේවල් වලට කරන විවිධ වෙනස් කම් නිසා මිනිස් ජිවිතයැ අවුල් කරන්න සමත් කෙනෙක්. ස්වභාවිකව වෙන දේවල් වලට විවිධ වෙනස්කම් කරන්න ඔහු දක්ෂයෙක්. සාමාන්යෙන් ඔහු දිනෙන් දිනට කාලගුණයට ගැලපෙන්න විවිධ ඇඳුම් අඳින පුද්ගලයෙක්. ඒ වගේම සෘතු මාරු වෙනවත් සමඟම ඔහුත් වයසට ගොස් නැවත තරුණ බවට පත්වෙනවා. ඊළඟ කොටස සමඟින් ඉක්මනින් මුණ ගැහෙමු. යන්න කලින් ලුශියස් ෆොක්ස් කියපු දෙයක් මතක් කරලම යන්නම්.

මම වතාවක් ඔබේ පියතුමා එක්ක කතා කරන්න උත්සහ කළා මේ ව්‍යාපාර වැඩ වලට යොමුවීම සබන්ධයෙන්. එයා කිව්වා වෛද්‍ය වරයෙක් වෙලා ඉන්න එකෙන් තමුන් පිස්සෙක් වෙනවා කියල. මොන දේ කලත් මිනිස්සු ආය ආය අසනීප වෙනවා. ඔයාගේ කිසිම සාර්ථකත්වයක් නැහැ… ගැඹුරු හඬකින් ඔහු කිව්වා ” ඔයා හරි ලුශියස්, මට පිස්සු. එත් ඒ වගේ අසනීපයක් අවශ්‍ය වෙනවා කෙනෙක්ට තමුන්ට වඩාත් දක්‍ෂ වෙන්න පුළුවන් කියල විශ්වාස කරන්න… ඉතින් මම වෙන කවුරු කියල වෙන්නද?”

–ලුශියස් ෆොක්ස්–

Author

6 thoughts on “බැට්මෑන් රීබර්ත් සිංහලෙන් කියවන්න (2016) #00

  • Me wade nm kiyala wadak na hoya hoya idiye thank you so much

    Reply
  • පට්ට … මං නම් හෙන ආසයි..

    Reply
  • නියමයි

    Reply
  • තෑන්ක්ස් අයියේ දිගටම දෙන්න

    Reply
  • good job bro, thank you

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *