මාවල් විශ්වයේ ඉදිරියෙදී නිකුත්වීමට නියමිත රූපවාහිනී කතාමාලා – #2
මේ ගෙන එන්නේ මාර්වල් විශ්වයේ ඉදිරියේදී නිකුත් වීමට නියමිත රුපවාහිනි කතාමාලා වල දෙවෙනි හා අවසන් පොස්ට් එක. මෙම කතා මාලා නම් නිකුත් වෙන දිනයක් කියලා නැ තාම.. විස්තර වැඩියෙන් තියෙන Series එකේ ඉදන් පටන් ගන්නම්..
05. Marvel’s Cloak & Dagger (2018)
මුලින්ම මෙම කතාමාලාව නිකුත් වීමට තිබුනේ 2017දි.. ඒ වුනත් පසුව මෙය 2018ට කල් ගියා. මුලින්ම Cloak & Dagger Series එකක් පිළිබද මාර්වල් ආයතනය නිවේදනය කරේ 2011දිය. පසුව 2014 අප්‍රේල් මාසයේදී ABC නාලිකාවේ සහෝදර නාලිකාවක් වෙන Freeform නාලිකාව මගින් මෙම කතාමාලාව ලබා ගත්තා. මෙම කතාමාලාවේ ප්‍රධාන චරිත වන Cloak(Tyrone Johnson) ලෙස Aubrey Joseph හා Dagger(Tandy Bowen) ලෙස Olivia රංගනයෙන් දායක වේ. තවද Andrea Roth(Melissa Bowen), Gloria Reuben(Adina Johnson), Miles Mussenden(Michael Johnson), Carl Lundstedt(Liam), James Saito(Bernard Sanjo), Evermore(Connors) වැනි නළු නිලියන් රංගනයෙන් දායක වේ. තවම මෙහි නිකුත් වීමට නියමිත episode ගණන හෝ නිකුත් වෙන දිනයක් පිළිබදව ප්‍රකාශ කරලා නැති වුනත් මෙම කතා මාලාවත් MCU(Marvel Cinematic Universe) එකට අයත් වේ.
කතාව ගැන කිවොත් මෙයත් මාර්වල් කොමික් වල එන Cloak & Dagger නම් තරුණ චරිත දෙකක් වටා ගෙවී ඇත. වෙන වෙනම ජිවත් වෙන ට්‍රියොන් හා ටැන්ඩි දෙදෙනා තමන්ට බලයවල් ලැබුණ පසු නිවසින් පැන යයි. එහිදී හමුවෙන මොවුන් දෙදෙනා අපරාද වලට විරුද්දව කරන සටන් හා මොවුන් අතර ඇති වන ආදරය වටා මෙම කතාව ගෙතී යන බව තමා පවසන්නේ… Ultimate Spider Man කාර්ටුන් එක බලල තියෙනවනම් ඔයාලට මේ දෙන්නව මතක ඇති. මිලියන $11.2 කක වියදමින් මෙහි රුගත කිරීම් මෙම අවුරුද්දේ පෙබරවාරි 8 ආරම්බ වී තියෙනවා. කතාව බලන්නනම් 2018 වෙනකන් ඉන්න වෙනවා.
06. Untitled X-Men Series (2018)
Foxලගේ Legion Series එක කට්ටිය බලන්න ඇතිනේ. ඒකත් එක්ක තව Marvel Series එකක් නිකුත් කරන්න Fox ආයතනයෙන් සැලසුම් කරලා තිබ්බා. ඒ තමා Hell Fire Club. ඒ වුනත් පසුව Fox ආයතනය විසින් ඒ වෙනුවට X-Menලා පාදක වෙච්ච කතා මාලාවක් නිෂ්පාදය කරනවා කියලා නිවේදනය කරා. මෙහි විශේෂත්වය වෙන්නේ මෙම කතා මාලාව X-Men Film එක්ක සම්බන්දව පවතින බව ප්‍රකාශ කිරීම. ඒ අනුව මෙම කතා මාලාවෙන් අපිට X-Men ෆිල්ම් වල සිටින චරිත කිහිපයකුත් දැකගන්න පුළුවන් වෙයි. Gotham(Valerie Vale අර ජිම්ගේ අලුත්/පරණ කැල්ල) කතාමාලාවේ රගපෑ Jamie Chung විසින් Blink(Clarice Fong) ලෙසත් Blair Redford විසින් Sam ලෙසත් True Blood කතාමාලාවේ Stephen Moyer විසින් Reed නම් DA Office එකේ නිලදාරියෙක් විදිහටත් රංගනයෙන් දායක වන බව මේ වන විට පවසා ඇත. මෙම කතාමාලාවෙත් නිකුත් වෙන දිනයක් හෝ episode ගණන පවසා නැත.
කතාව ගැන කිවොත් Mutantලා වෙන තම දරුවන් රජයෙන් බේරාගැනීමට දරුවන් සමග පලා යන දෙමව්පියන් භූගත mutant(විපරීතයන්) සමාජයක් හා එක් වී ජිවත් වීමට කරන අරගලයක් වටා කතාව ගෙතී යන බව තමා පැවසෙන්නේ.
07. Marvel’s Runaways (2018)
Runaways එකත් 2008 ඉදන් මුලින්ම ෆිල්ම් එකක් ලෙස සෑදීමට බලාපොරොත්තු වුවක්. ඒ වුනත් පසුව Hulu නාලිකාව (මෙයත් Netflix වගේ web නාලිකාවක්) මගින් Runaways TV Series එකක් සාදන බව පැවසුවා. මෙහි Rhenzy Feliz විසින් Alex Wilder ලෙසත්, Lyrica Okano විසින් Nico Minoru ලෙසත්, Virginia Gardner විසින් Karolina Dean ලෙසත්, Ariela Barer විසින් Gert Yokes ලෙසත්, Gregg Sukin විසින් Chase Stein ලෙසත්, Allegra Acosta විසින් Molly Hernandez ලෙසත් පලයන ළමයි 6 දෙනා ලෙස රංගනයෙන් දායක වේ..මෙම කතාමාලවෙත් නිකුත් වෙන දිනයක් හෝ episode ගණන පවසා නැතත් මෙහි රූගත කිරීම් පෙබරවාරි 10 වන දින ආරම්බ වුනා.
මෙහි කතාව ගැන කිවොත් මේ ළමයි තමන්ගේ දෙමව්පියන් Pride නම් අපරාද සංවිදානයක ලොක්කන් බව දැනගෙන ඔවුන්ට විරුද්දව එකතු වී ඔවුන්ගෙන් පලායාමට කරන උත්සාහය වටා කතාව ගෙතී ඇත. ඒ වගේම Cloak හා Dagger දෙදෙනාත් කොමික් වල මේ Runawaysලා 6 දෙනාත් එක්ක එකතු වෙලා වැඩ කරලා තියෙනවා. අපිට මේ Series දෙකේ crossover එකකුත් දැකගන්න පුළුවන් වෙයි සමහර විට. ඒ වගේම මේකත් අනිවාර්යෙන්ම MCU එකට අයත් කතාමාලාවක්.
08. Marvel’s Damage Control (TBA)
Damage Control Series එකනම් අනිත් මාර්වල් කතාමාල වලට වඩා වෙනස් එකක්… ඒ මේකමිනිත්තු 30ක comedy Series එකක්… 2015දි ABC නාලිකාවෙන් pilot episode එක order කරා මෙම කතාමාලාවේ. මෙම කතා මාලාව පිළිබද වැඩි විස්තරයක් නැති වුනත් මේ නමින්ම කොමික් වල එන චරිත පාදක කරගෙන නිර්මාණය කරන බව තමා පැවසෙන්නේ. ඒ වගේම මෙම කතාමාලාවේ වීරයෝ නැ. මේකේ ඉන්නේ වීරයෝ කරන සටන් වලට පසු නගරයට වෙන අලාභ හානි පිරිසිදු කර නැවත යතා තත්වයට ගන්න කණ්ඩායමක්. Ultimate Spider-Man කාර්ටුන් එක බලලා තියෙනවනම් කට්ටියට සමහර විට මතක ඇති මෙයාලව. ස්පයිඩර් මැන් එක අවස්ථාවකදී මෙයාලත් එක්ක වැඩ කරා එකේදී. මෙම කතා මාලාවත් නිකුත් වෙන දිනයක් හෝ රගපාන නළු නිලියන් ගැන හෝ කිසිම විස්තරයක් මේ වන විට නිකුත් කරලා නැත. සුපුරුදු විදිහට මෙම කතා මාලාවත් MCU එකට අයත් වේ.
09. John Ridley’s Project (TBA)
ජෝන් රිඩ්ලි විසින් 2015 අප්‍රේල් මාසයේදී නිවේදනය කරා ඔහු මාර්වල් කතමාලාවක් සම්බන්දයෙන් වැඩ කරන බව. මෙම කතාමාලාව පිළිබද කිසිම විස්තරයක් නැති වුනත් 2016දි රිඩ්ලි විසින් පැවසුවා එම කතාමාලාව තාම කෙරීගෙන යන බව. මෙයත් MCU එකට අයත් වේවි යයි සිතිය හැක.
10. Untiled Marvel Comedy Series (TBA)
2016 ජනවාරි මාසයේදී ABC නාලිකාව මගින් නිවේදනය කරා තවත් Marvel comedy කතාමාලාවක් නිෂ්පාදනය කරන්න සැලසුම් කර ඇති බව. මෙහිත් වැඩි විස්තරයක් මේ වන විට නැති වුනත් Squirrel Girl(Ultimate Spider-Man බලපු අයට මෙයාවත් මතක ඇති නේ) හා New Warriors වටා මෙම කතා මාලාව ගෙතී ඇති බව පැවසෙනවා. ABC නාලිකාවට අයත් නිසා මෙයත් MCU එක හා සම්බන්දව ඇති බව සිතිය හැකියි.
ඒ වගේම AMC නාලිකාව මගින් Empire of the Dead කොමික් ඇසුරින් කතාමාලාවක් නිෂ්පාදන කරන්න යන බව පැවසෙනවා. මෙයත් The Walking Dead වගේ සොම්බි සම්බන්ද කතා මාලාවක්(AMC එකට කොම්බි කතා නැතිව බැරිද කොහේදෝ..).
තවද Netflix නාලිකාව මගින් Ghost Rider, Moon Knight හා Blade කතාමාලාවන් සෑදීමට අදහස් කරන බව කට කතා ටිකකුත් යනවා. ඒ වගේම Blade ෆිල්ම් වල බ්ලේඩ් චරිතය රගපෑ Wesley Snipes විසින් පවසා තියෙනවා තව Blade කතාවක් සදහා එයා කැමතියි කියලත්. ඒ වගේම Marvel’s Daredevil Series එකේ Kingpinට රගපෑ Vincent D’Onofrio පවසා තිබෙනවා එයාගේ තනි කතමාලාවකටත් එයා කැමතියි කියලා(එයානම් ගොඩක් දේවල් කියනවා Spider-Man ෆිල්ම් එකෙත් රගපාන්න කැමතියි කියලා තිබ්බා). ඒ වගේම Avengers එකේ අපි හැමෝම දන්න ඊතල විදින හාදයා Hawkeye වරක් පවසා තිබුනා එයාගේ TV Series එකකට වුනත් එයා කැමතියි කියලා.
තවද Marvel සමාගමට අයත් Icon Comic චරිතයක් වෙන Scarlet නම් චරිතය වටා කතමාලාවක් Cinemax නාලිකාව විසින් නිපදවන්න යන බව පැවසෙනවා.
මේ වන විට රුගත කිරීම් අරඹා/ඇරබීමට ඇත්තේ මුල් කතාමාල 3 පමණි. ඒ අනුව එම කතා මාලා 2018 මුලදී විකාශනය වේ යයි සිතිය හැක. අනිත් කතා මාලා වල රුගත කිරීම් ගැන තවම සදහනක් නැත.(තව මාස 8ක් තියෙනවනේ 2017ත් යන්න…බලමුකෝ…)
මාර්වල් විශ්වය ඉදිරියට හොගාක් සරු වෙන්න යන්නේ…බලමුකෝ තව ඉස්සරහට මොන මොන කතාමාලා එයිද කියන්න බැ. පෝස්ට් එක හොදනම් කොමෙන්ට් එකකුත් දාගෙන යන්න…
tanx සහෝ මේ වගේ පොස්ට් හදන එකට බොහොම ස්තුති ජය වේවා.
Godak hondai post eka macho..
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.