මාවල් විශ්වයේ හොදම මාෂල් ආ(ර්)ට් සටන්කරුවන් දහදෙනා
මෙහ් ටිකේ බයිස්කෝප් අඩවියෙන් අයන් ෆිස්ට් සදහා උපසිරැසි දෙන නිසා මං තීරණය කලා මාෂල් ආ(ර්)ට් සටන්කරුවන් ගැන කියන්න. මේකේ කියන්නේ හොදම දහදෙනා ගැන. ඒකත් පිළිවෙලට. හරි එහෙනම් පටන් ගමුකො.
10. Master Izo
සුපර්හිරෝ මාෂල් ආට් කලාකරුවෙක්. අවුරුදු දහස් ගානකට කලියෙන් ජපානයේ ෆියුඩල් වලදී හෑන්ඩ්හී සාමාජිකයෙක් හැටියට ඉදලා තියෙනවා. ඩෙයාඩෙවිල් එක්ක එකට වැඩ කරලා තියෙනවා. මුලින්ම මෙයාව චිත්‍රකතා අතරට එකතු කරන්නේ 2008 ඔක්තෝම්බර් මාසයේ ඩෙයාඩෙවිල් #112 වැනි කොටසින්. මෙයාට තියෙන හැකියාවන් ගැන කතා කරනවානම් මෙයා ලෝකේ ඉන්න හොදම වගේම, බැරෑරුම් මාෂල් කලාකරුවෙක් විදිහට සලකනවා. කටනා දෙකක් එක වර හැසිරවීමේ හැකියාවත් ඇතුළුව. එයාට සැලකිය යුතු ප්‍රමාණයේ හයිය හක්තියක් තියෙනවා. එයාටත් ඩෙයාඩෙවිල්ට වගේම සුපර්හියුමන් සංවේදක තියෙනවා. අමරණිය ජීවිතයක් ගත කරන කෙනෙක්.
09. Fat Cobra
- සැබෑ නම: නොදනී.
- වෙනත් නම්: බ්ලැක් ඩ්‍රැගන්.
- වර්ග කිරීම: අමරණිය ආයුධ. (අමරණිය ආයුධ කියන්නේ චී ශක්තිය තියෙන හත්දෙනෙකුගෙන් සමන්විත කල්ලියක්. අයන් ෆිස්ට් මෙයට අයිති වෙනවා.)
- පුරවැසිභාවය – Peng Lai Island.
- රැකියාවන් – සටන්කරුවෙක්, රංගන ශිල්පියෙක්, ගුරුවරයෙක්, රජයේ නියෝජිතයෙක්, ඔත්තුකරුවෙක්, හිටපු හමුදාවේ නියුක්තිකයෙක්.
- චිත්‍රකතා තුලින් මුලින්ම ජනතාව අතරට එන්නේ – 2007 ඔක්තෝම්බර් (Immortal Iron Fist #8)
ශරීරයේ ප්‍රමාණයෙන් ලොකු කෙනෙක් ගැනයි මේ කියන්න හදන්නේ. අවුරුදු 111කට කලියෙන් Peng Lai Island වල ඉපදුණු කෙනෙක්. එයාගේ දෙමව්පියන් ඌරු කොටු පවත්වන් ගියපු ගොවියෝ දෙන්නෙක්. නමුත් එයාගේ අම්මා එයාට උපත දෙන්න ගිහින් මිය ගිහිල්ලා. මේ නිසාම එයාගේ තාත්තට එයාව බලාගන්න බැරිවෙලා තියෙනවා. එයාගේ තාත්තා කරලා තියෙන දේ තමයි එයාව අනාථ දරුවෙක්ව වාගේ දොරකොඩක් ලග දාලා ගිහින් තියෙනවා. අනාථ දරු නිවාසයකින් මෙයාව හදා වඩාගෙන තියෙනවා. එයාට අවුරුදු දෙකක් ගත වුනාට පස්සේ එයාව Peng Lai වලින් පිටුවහල් කරලා තියෙනවා. පස්සේ එයාව අරගෙන හදලා වඩලා තියෙන්නේ චීනයේ තියෙන පිකිං ඔපෙරා ඉස්කෝලේකින්. පස්සේ කාලෙක මෙයා චීනය පුරාවටම ප්‍රසිද්ධ ඔපෙරා ගායකයෙක් වුණා.
හැකියාවන් හා බලයන්
- අකුණු හැසිරවීමේ හැකියාව මෙන්ම එය පහර දීමක් බවට පත් කල හැකි අයෙකි.
- ස්නායු පද්ධතිය හැසිරවීමෙන් චෙදනාව අඩු කරන්න පුළුවන්, විෂවීම නැති කරලා දැමීමේ හැකියාව, ලේ ගලා යාමකදී එය අඩු කල හැක.
- ශක්තිය අනාවරණය කරගැනීමේ හැකියාව.
- අතිපරික්ශාකාරි බව- තමාට අනතුරක් වෙයි යයි හැගුනහොත් පිටස්තරයන් ක්‍රියා කරන්න කලියෙන් ප්‍රතික්‍රියා කිරීමේ හැකියාව.
- අසීමිත සුපරීක්ෂාකරි දෘශ්‍ය වගේම ශ්‍රව්‍ය පිහිටලා තියෙනවා.
- එයාගේ චී පාවිච්චි නොකර වේගෙන් යන උණ්ඩයක් උනත් අල්ලන්න පුළුවන් හැකියාව තියෙනවා. (*මහත උනාට ක්වික් සිල්වර්ට වඩා හොදයි.)
- එයාට එයාගේ චී පාවිච්චි කරලා තුවාල සුව කරන්න හැකියාව තියෙනවා.
- එයාට එයාගේ චී එකටම අවධානය යොමු කරලා මාන අතර නෙක්සස් පොයින්ට් නිර්මාණය කරන්න පුළුවන්.
08. Daredevil
අමුතුවෙන් කියලා කියන්න දෙයක් නැහැ මොකද සීරිස් එකෙන් අපිට එයාගේ ඔරිජීන් ස්ටොරිය දැකගන්න ලැබුණා නෙහ්. ඒ නිසා වැඩි දෙයක් කියන්න යන්නෙත් නෑ.
- සැබෑ නාමය -මැතිව් මයිකල් ම(ර්)ඩොක්.
- දැනට භාවිතා වන නාමය – ඩෙයාඩෙවිල් නොහොත් දෑස නොපෙනෙන යක්ෂයා.
- වෙනත් නාමයන් – මැට් ම(ර්)ඩොක්, ජැක් බැට්ලින්, කින්ග්පින්, ද ගාඩියන් ඩෙවිල්, මයික් ම(ර්)ඩොක්
- අමතර නාමයන් – ඩෙයාඩෙවිල් නොහොත් කිසිදු දෙයකට බය නැති පුද්ගලයා.
- පියාගේ නම- ජොනතන් ම(ර්)ඩොක්.
- මවගේ නම – මැගී මර්ඩොක්.
- රැකියාවන් – නිව් යො(ර්)ක් දිස්ත්‍රික් නීතිඥ කාර්යාලයේ නීතිඥයෙක්, බල්යින්ඩ්සපෝට්හී සාමාජිකයෙක්,නිව් ඇවේන්ජර්ස්, ඩිෆෙන්ඩර්ස්, ශීල්ඩ්, මාවල් නයිට්ස්.
- අධ්‍යාපනය – කොලොම්බියා විශ්වවිද්‍යාලයෙන් නීතිය පිළිබද හදාරා ඇත, හාවර්ඩ්හී නීති විද්‍යාලයෙහි අධ්‍යාපනය හදාරා ඇත, යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පිළිබද තනියෙන් හදාරා ඇත.
- චිත්‍රකතා තුලින් මුලින්ම ජනතාව අතරට එන්නේ – 1964 අප්‍රේල් (Daredevil #1)
හැකියාවන් හා බලයන්
- සුපිරි මිනිස් ස්පර්ශක හැකියාව – සුළු ස්පර්ශයකින් පවා යමක් හදුනාගැනීමේ හැකියාව තියෙනවා.
- අවුරුදු ගණනාවක් මාෂල් හැදෑරීමෙන් මධ්යක ස්නායු පද්ධතිය හැසිරවීමට ඇති හැකියාවට ස්තුති වෙන්න එයාට ලෙහෙසියෙන්ම එයාට අවශ්‍ය කරන ශක්තියට ලගවෙන්න පුළුවන්.
- සුපිරි වේගයට මාරු විය හැකි බව – මැට්ගේ ඒකාකාරී වේගය හැරුණම එයාට එයාගේ වේගය උපරිම අවස්ථාවට ලගාවෙන්න පුළුවන්. සටනකදී ඉක්මණින් ප්‍රතික්‍රියා කර පහර දීමට අවශ්‍ය කරන වේගය වගේම ගොඩනැගිල්ලෙන් තවත් ගොඩනැගිල්ලකට එහෙම පනිද්දී අඩු කාලයකින් ඒ සදහා ලගා වීමට හැකි වේගය.
- සුපිරි මිනිස් පරාවර්තිත ක්‍රියා කිරීමේ හැකියාව -මැට් අන්ධ වුණේ විකිරිණශීලි ද්‍රව්‍යක් ඇහැට වැටිලානේ. දැන් මැට්ගේ ප්‍රත්‍යාවර්ථ ක්‍රියාවන් තවත් හුගක් වේගවත් වෙලා තියෙනවා.
- මැට්ගේ සීග්‍රතාව සාමාන්‍යයෙන් ඉහළයි. ස්පයිඩර් මෑන්ට බැරි වුනු ස්නයිපර් බුලට් එකක් උනත් ඇද දාන්න මැට්ට හැකියාව තියෙනවා.
- ඕනෑම දෙයක් ඉවසා දරාගෙන ඉන්න පුළුවන් හැකියාව ඉහළයි.
- ගද සුවද භාවිතයෙන් ඕනෑම දෙයක් ලෙහෙසියෙන් හදුනගන්න පුළුවන් සුවිශේෂී හැකියාවද එයාට තියෙනවා.
- පරචිත්ත විඥානය – සිතකින් සිතකට පණිවිඩ යැවීමේ හැකියාවක් තියෙනවා.
- ධාර්මික කතෝලිකයෙක්.
07. Steel Serpent
මෙයාවත් ඔයාලා අයන් ෆිස්ට් කතාමාලාවෙන් දකින්න ඇති. හැබැයි මේ නමින් නෙවෙයි. ඩාවොස් කියලා.
- සැබෑ නාමය – ඩාවොස්.
- වෙනත් නම් – Steel Serpent, Steel Phoenix.
- අභාවප්‍රාප්ත වූ පියාගේ නම – Lei-Kung the Thunderer.
- කුලවැද්ද වූ සහෝදරිගේ නම – Thunderer.
- අනුබද්ධව කටයුතු කිරීම් – Crane Mother, The One, Dragon-Kings of K’un-Lun, Yü-Ti (The August Personage in Jade / Son of Tuan), Immortal Weapons, Rand Corporation, Hydra.
- පුරවැසිභාවය – කුන්-ලන්.
- චිත්‍රකතා තුලින් මුලින්ම ජනතාව අතරට එන්නේ – 1975 නොවැම්බර් (Iron Fist #1)
හැකියාවන් හා බලයන්
- චී මෙහෙයවීමේ හැකියාව. ඩාවොස්ටත් හැකියාව තිබිලා තියෙනවා අයන් ෆිස්ට්ට කරන්න පුළුවන් හැමදේම කරන්න. ක්‍රෙන් මදර්ගේ බලය ඇතිව එයාට හැකියාව ලැබිලා තියෙනවා වමතට නැවත චී නිර්මාණය කරන්න.
- මෙයාටත් හැකියාව තියෙනවා අනික් අයට වගේම ස්නායු පද්ධතිය හැසිරවීමෙන් චෙදනාව අඩු කරන්න පුළුවන්, විෂවීම නැති කරලා දැමීමේ හැකියාව, ලේ ගලා යාමකදී එය අඩු කල හැක. ශක්තිය අනාවරණය කරගැනීමේ හැකියාව.
- ශක්ති අවශෝෂණ හැකියාව – මෙයාට හැකියාව තියෙනවා එයා විසින්ම ශක්තිය සෘජුවම උරාගෙන එයාගේ බලයට මේක යොදාගන්න. මෙයා වතාවක් අයන් ෆිස්ට්ගෙත් බලය උරාගෙන තියෙනවා. නමුත් මේක දරාගන්න බැරි ප්‍රමාණයට වඩා වැඩි එකක්.
- ශක්තිය මෙහෙයවීමේ හැකියාව – ශක්තිය මෙහෙයවීමේ හැකියාව තියෙනවා කියලා තේරෙන්න ඇති නෙහ් මං අර චී එක ගැන කිව්වම. මෙයාට හුගක් විශිෂ්ට විදිහටම මේ වැඩේ එයාට කරන්න පුළුවන්කම තියෙන්නේ විද්‍යුත් ශක්ති කදම්බයන්.
- ශක්තින් අනාවරණය කරගැනීමේ හැකියාව – ශක්තින් දිගේ ලුහුබදින්න පුළුවන්. හරියට නිකන් බල්ලෙක්ට ඉවක් දිගේ දෙයක් හොයන් යනවා වගේ. ඩැනී රෑන්ඩ්ච ඩාවොස් හොයාගෙන ආවේ මෙන්න මෙහෙම තමයි.
- ඔහුට තම චි මගින් මාන අතර (Dimensions) සම්බන්ධිත ස්ථාන (Nexus Points) සෑදීමට හැකියාවක් ඇත.
- කලින් සදහන් කල අයගේ වගේම මෙයාටත් තියුණු පරික්ෂාකාරී බවක් තියෙනවා.
- සුපිරි සංවේදක මෙයාටත් පිහිටලා තියෙනවා. නමුත් ඒක එයාට අපහසු කාර්යයක් වෙනවා නිකන් හරි ඒ කෙනා සුපර්හියුමන් මට්මමේ කෙනෙක් වුනොතින්.
- සහානුකම්පණය – ඒකෙන් කියන්නේ මෙයාට අනික් මිනිස්සුන්ගේ/සත්තුන්ගේ හැගීම් දැනීම් දැනෙනවා. ඒකෙ අනිත් පැත්තටම මෙයාගේ හැගීම් දැනුම් වුනත් අනික් අය වෙතට විකාශනය කිරීමක් කරන්න පුළුවන්.
- එයාට එයාගේ චී පාවිච්චි කරලා සුව කිරීමේ හැකියාවක් තියෙනවා. නමුත් අයන් ෆිස්ට්ට තරම් මුළු බාහු ප්‍රදේශයම ප්‍රකෘතිමත් කරන්න වගේ බැරෑරුම් දේවල් බැහැ.
06. Colleen Wing
අයන් ෆිස්ට් කතාමාලාව තුලින් හුග දෙනෙකුගේ ආදරයට පත් වෙච්ච කෙල්ලක් කිව්වොත් නිවැරදියි. හැමෝම එයාව දකින්න ඇති කියලා හිතනවා.
- සැබෑ නාමය – කොලීන් වින්ග්.
- වෙනත් නාමයන් – කැරොල් ස්පීඩ්, ලේඩි සමුරායි.
- පවුලේ අය – කෙන්ජි ඔසාවා (සීයා), අසූමි ඔසාවා (මව), ඔසාමා (මාමා), ප්‍රොෆෙසර් ලී වින්ග් (පියා – මොහු කොලම්බියා විශ්විද්‍යාලයේ මහාචාර්ය වරයෙකි)
- පුද්ගලික විමර්ශකි. නීතියෙන් බලය නොලැබුණු නමුත් නීතිය ක්‍රියාත්මක කිරීමට ඉදිරිපත් වූවෙකි.
- චිත්‍රකතා තුලින් මුලින්ම ජනතාව අතරට එන්නේ – 1974 නොවැම්බර් (Marvel Premiere #19)
කොලීන් පොඩි කාලෙදිම එයාගේ අම්මවම නාදුනන ඝාතකයෝ කණ්ඩායමක් මරලා දාලා තියෙනවා. කොලීන් හැදිලා වැදිලා තියෙන්නේ ජපානයේ උතුරු හොන්ෂුවල කදු ප්‍රදේශයේ. එයාගේ සීයා වෙච්චි කෙන්ජි ඔසාවා තමයි මෙයාවේ මෙහෙ හදාවඩාගෙන තියෙන්නේ. කෙන්ජිගේ හැම ළමයෙක්ම දෙවන ලෝක යුද්ධයෙදී මිය ගිහින් තියෙනවා. කෙන්ජි එයාගේ එකම මිණිබිරිය වෙච්චි කොලීන්ට සමුරායි කලාව කියා දීලා තියෙනවා ජපානයේ daimyo වලදී කෙන්ජිට එයාගේ මුතුන්මිත්තන් විසින් කියා දුන්න. කෙන්ජි ජපානයේ රහස් සේවයක සාමාජිකයෙක් වෙලා ඉදලා තියෙනවා. පස්සේ කාලෙක කෙන්ජිව ජපානයේ අපරාධ කල්ලියක් වෙච්චි Emil Vachon කියන කණ්ඩායම විසින් මරලා දාලා තියෙනවා. ඊටපස්සේ කොලීන් එයාගේ තාත්තාගේ නිවහනවුනු නිව් යො(ර්)ක් නගරයට එනවා. දවසක් මාන්ටහැන් වලදී වෙඩි සටහනක් සිද්ද වෙන්න ගියපු තැනකට කොලීන් මැදිහත් වෙලා තියෙනවා. පොලිස් නිලධාරියෙක් විසින් මරන්න හදපු “මිස්ටි නයිට්” (මතක ඇති නෙහ්කි ලූක්ය කේජ්න සීරිස් එකෙත් හිටියා) කෙල්ලෙක්ව එයා බේරගෙන තියෙනවා. පස්සේ කාලෙක මේ දෙන්නා හොද යාලුවෝ වෙලා තියෙනවා.
- බලයන් හා හැකියාවන් ගැන විශේෂයෙන් කියන්න යමක් නෑ. එයාට එයාගේ චී භාවිතයෙන් සටන් ක්‍රම මනාව කරන්න හැකියාව තියෙනවා. සමුරායි වගේම මාෂල් ආට් කලාව හදාරලා තියෙනවා.
05. Gamora
- සැබෑ නාමය – ගමොරා සෙන් වොබේරි බෙන් ටයිටන්.
- දැනට භාවිතා වන නාමය – ගමෝරා.
- වෙනත් නම් – Green Assassin Lady, Most Dangerous Woman in the Universe, Bambi Long, Gammy.
- පවුලේ අය – හදාවඩාගත් පියා – තනොස්, හදාවඩාගත් සහෝදරයාගේ නම – තේන්
- අනුබද්ධව කටයුතු කිරීම් – C.I.T.T [Cool Interstellar Travel Travelship], Godthab Omega, Monster Island, Sanctuary II.
- පුරවැසිභාවය – Zen-Whoberis.
- චිත්‍රකතා තුලින් මුලින්ම ජනතාව අතරට එන්නේ – 1975 ජූනි (Strange Tales #180)
හැකියාවන් හා බලයන්
- අධිමානුෂික ශක්තිය- සාමාන්‍ය ශක්තියකට වඩා එහා ගියපු හොද ශක්තියක් තියෙන කෙනෙක් විදිහට සැලකෙනවා.
- අධිමානුෂික වේගය – ක්‍රියාවන් වලදී මේවාට හරි පුදුම වේගයකින් ක්‍රියා කරනවා.
- අධිමානුෂික සවි බලය – ඇයගේ පේශි පද්ධතිය හුගක් සවිමත් විදිහට වැඩිලා තියෙන නිසා හොද දරාගැනීමේ හැකියාවක් තියෙනවා.
- අධිමානුෂික කඩිසරබව – හොදම මිනිස් දේහ ශක්තියක් තියෙන කෙනෙක්ටත් වඩා කඩිසර බව මෙන්ම සමබරතාව තියෙනවා.
- අධිමානුෂික ප්‍රතික්‍රියා කරවීමේ හැකියාව – වේගය ගැන සදහන් කෙද්දී කිව්වා වගේම එයාගේ වේගය වගේම ඒ වේගයට සමාන ප්‍රතික්‍රියාවන් දක්වනවා වගේම ප්‍රත්‍යාවර්ථි ක්‍රියාවන් හුගක් වෙගාකාරියි.
- දේහය තුල පටකයන්හී සැකසීම වෙලා තියෙන්නේ තුවාලවීම් වාගේ දේවල් වලට ප්‍රතිරෝධකයක් හැටියට. මේ වගේම තමයි එයාට සුවවීමේ හැකියාවත් තියෙනවා.
- මාෂල් ආට් කලාව, කඩු, පිහි වැනි ඕනෑම ආයුධයක් මනාව හැසිරවීමේ හැකියාව, ඉලක්කයක් වෙතට තවත් ආයුධයක් වන දෙයක් හරි ඉලක්කයටම විසි කරලා පහරදීමේ හැකියාව, සටන් බිමේදී උපාය දක්ෂ බව පෙන්නුම් කිරීම වගේ හේතුන් නිසා මෙයාට මන්දාකිණියේ ඉන්න භයානකම කාන්තාව කියල හදුන්වනවා.
04. Karnak
ඉන්හියුමන් පූජකයෙක් හා දාර්ශනිකවාදියෙක් වෙච්චි මැන්ඩර් හා සමුද්‍ර ජීවවිද්‍යාඥවරියක් වෙච්චි අසාර්ගේ දරුවෙක් හැටියට තමයි කාර්නැක් සැලකෙන්නේ. එයාලගේ මුල් දැරුවා වෙච්චි ට්‍රිටෝන්ව Terrigen Mist ගාවට යවලා තියෙනවා පොඩි කාලෙදිම. ටවර් ඔෆ් විස්ඩම්වල තියෙන කාර්නැක් එකතු වෙලා තියෙනවා. එයාට වයස අවුරුදු 18 වෙනකන්ම එයාගේ කායික හා මානසික හැකියාවන් පුහුණු වෙලා තියෙන්නේ. මේ අතරකාලයේ එයාගේ අම්මා මැරිලා යනවා මුහුදු පත්ලෙදී වෙච්ච අනතුරකින්.
- සැබෑ නාමය – කාර්නැක් මැන්ඩර් අසාර්.
- වෙනත් නාමයන් – The Shatterer.
- පවුලේ අය – මිය ගිය මව හා පියා – මැන්ඩර් අසාර්, ට්‍රිටෝන් – සහෝදරයා, මැග්නාර් හා සේටා – පියාගේ පැත්තේ ආච්චි හා සීයා, කොබාර් හා ලා – මවගේ පැත්තේ ආච්චි හා සීයා.
- අනුබද්ධව කටයුතු කිරීම් – ටවර් ඔෆ් විස්ඩම්, Attilan, Blue Area, the Moon.
- පුරවැසිභාවය – ඇටිලා.
- චිත්‍රකතා තුලින් මුලින්ම ජනතාව අතරට එන්නේ – 1965 දෙසැම්බර් (Fantastic Four #45)
හැකියාවන් හා බලයන්
- අගය වැඩි වූ/ උසස් වූ ප්‍රත්යාවර්ති ක්‍රියාවන්.
- ඉවසීමේ ඉහල අගයක් පැවතීම.
- වැඩිකළ වේගයක් හා ශක්තියක් පැවතීම.
- ස්වයංක්‍රීයව ක්‍රියා පාලනය – ඒ කියන්නේ කායික මෙන්ම මානසික සම්භාවිත විදිහට හැඩ ගැහිලා තියෙන්නේ. ඒ නිසාවෙන් ශරීරය පුරා සිදුවන ක්‍රියාවන් එයාට පාලනය කරන්න පුළුවන් හැකියාව තියෙනවා. උදා- හුස්ම ගැනීම, හෘද සපන්දය, ලේ යාම, වේදනාවට ක්‍රියා කරවීමේ හැකියාව.
- වැඩි කල්පැවැත්ම.
- එයාගේ බලයෙන් අනාගතය බැලීමේ හැකියාව වගේම ප්‍රතිභා ඥාණය.
- විකෘතිව හෝ විකාර හැඩගෙන විනෝද වන්නෙක් වගේම මාෂල් ආට් සටන් කරුවෙක්.
03. Elektra
- සැබෑ නාමය – ඉලෙක්ට්‍රා නාචියෝස්.
- දැනට භාවිතා වන නාමය- ඉලෙක්ට්‍රා.
- වෙනත් නම් – Epsilon, Miss Ketterman, Mrs. Salvatore, Nicole,Weapon, Giselle, Lost One, Perfect Death, Tainted Death.
- අභාවප්‍රාප්ත වූ පියාගේ නම – හියුගෝ කොස්ටාස් නාචියෝස්.
- අභාවප්‍රාප්ත වූ මවගේ නම – ක්‍රිස්ටිනා නාචියෝස්.
- අභාවප්‍රාප්ත වූ සහෝදරයාගේ නම – ඔරෙස්ටෙස් නාචියෝස්.
- අනුබද්ධව කටයුතු කිරීම් – ශීල්ඩ්, තන්ඩර්බෝල්ට්, හෑන්ඩ්, ඩෙයාඩෙවිල්, ඩේඩ්පූල්, චේස්ට්, කෝඩ් රෙඩ්.
- පුරවැසිභාවය – ග්‍රීක්.
- චිත්‍රකතා තුලින් මුලින්ම ජනතාව අතරට එන්නේ – 1981 ජනවාරි (Daredevil #168)
ඩෙයාඩෙවිල් බලලා තියෙන අය මෙයාව දන්නවා ඇති කියලා හිතනවා. අජීයන් මුහුදට යාබදව තියෙන ග්‍රීක් කියන දිවයිනේ තමයි ඉලෙක්ට්‍රා උපදුනේ. හියුගෝ කොස්ටාස් නාචියෝස් හා ක්‍රිස්ටිනා නාචියෝස්ගේ දියණියක වූ ඉලෙක්ට්‍රා එයා හැදුනේ වැඩුනේ එයාගේ බාල සහෝදරයා ඔරෙස්ටෙස් නාචියෝස් එක්කයි. නිවාඩුවක් ගත කරන්න ආපු වෙලාවක වැල්ලේ ඔරුවක ඉද්දි ක්‍රිස්ටිනාගේ තාත්තාගේ හතුරෝ වගයක් ඇවිල්ලා ක්‍රිස්ටිනාට වෙඩිතියලා මරලා දානවා. මෙතනින් පස්සේ ඉලෙක්ට්‍රා හුගක් ගත කලේ එයාගේ තාත්තාට සමීපව. නමුත් ඉලෙක්ට්‍රාට නාදුනන හඩවල් ඇහෙන්න ගත්තා වගේම දැක්මවල් දකින්න ගත්තා. මෙයා මේවාට ප්‍රතිචාර දැක්වුවේ එයා එයාටම හානියක් කරගෙන. එයා ස්ථාවර වෙනකන් කියලා එයාව එයාගේ තාත්තා මානසික ප්‍රතිකාර සදහා යොමු කලා. පස්සේ කාලෙක ඉලෙක්ට්‍රා වැඩෙද්දී එයාගේ තාත්තා තීරණය කලා ඉලෙක්ට්‍රාට මාෂල් ආට් සටන් කලාව පුරුදු කරන්න ඕන කියලා.
හැකියාවන් හා බලයන්
- මනස උපයෝගී කරගෙන එයාට හැකියාව තියෙනවා එයාගේ හතුරෝ ඉන්න තැන් පවා හදුනගන්න.
- ඉලක්ක පැහැදිලි සේ හදුනාගැනීමේ හැකියාව වගේම ස්ථාන පැහැදිලි සේ හදුනාගැනීමේ හැකියාව
- අධි මට්ටමට පැමිණි පරික්ෂාකාරී බාවය.
- පූර්වඥානය (පෙර දැන සිටීම.)
- දුර අත්ජි දෙයක් සිතේ බලයෙන් සෙලවීමේ හැකියාව.
- ඇයගේ චී සමග හඩ මුසු කරගෙන ඉහල අන්තරාලයක කෑ ගැසීමක් කරන්න හැකියාව තියෙනවා. උදා – ඇරෝ එකේ ඉන්න බ්ලැක් කනේරි වගේ. සුපුරුදු පරිදි එක්කෝ තමන්ගේ ඉලක්කය මගහැර යන්න හෝ මරණයට පත් කරවන්න පුළුවන්.
- තමන්ගේ මනස හරහා අනික් අයගේ මනසවල් සමග සන්නිවේදනය කිරීමේ හැකියාව.
- මාස්ටර් මාෂල් සටන්කරුවෙක්.
- උසස් කායික තත්වයක් පිහිටීම – ඇය ඔලිපික් ක්‍රීඩිකාවක් වගේම ජිම්නාස්ටික් හදාරලා තියෙන කෙනෙක්. ඒවගේම පිහිනීම අංශයේත් හැදෑරීම කරලා තරග වලින් ජය අරන් තියෙනවා.
- ආයුධ හැසිරවීමේ මනා හැකියාව.
- ස්නායු පද්ධතිය හැසිරවීමේ හැකියාව.
02. Iron Fist
දැන් නම් මෙයා ගැන හොදට දන්නවා ඇති කියලා විශ්වාස කරනවා. මොකද මේ වෙද්දී අයන් ෆිස්ට් කතාමාලාවටම උපසිරැසි ලබා දීලත් ඉවරනේ. අනික උපසිරැසි දෙන්න සතියකට විතර කලින් විමා මේකට සුපිරි ලිපියක් දුන්නා. ඒක “මෙතනින්“ ගිහින් කියවන්න. මොකද ඒක හොදටම ප්‍රමාණවත්.
01. Shang – Chi
අන්තිම කෙනා නොහොත් දහයෙන් පළවැනියා. මෙයාට අනික් අයට වගේ බලයන් නම් නෑ. සටන් කිරීමේ හැකියාව විතරයි තියෙන්නේ.
- සැබෑ නාමය – ශැන්ග්- චී.
- වෙනත් නම් – මාස්ටර් ඔෆ් කුන්ග් – ෆු
- පියාගේ නම – ෆූ මැන්චූ.
- පුරවැසිභාවය – චීනය.
- රැකියාව – වූ නම් මාළු සුපිරි වෙළදසැලේ බිම පිහදැමීම.
- අධ්‍යාපනය – මාෂල් ආට් කලාව හදාරලා තියෙනවා වගේම සදහන් නොවූ අධ්‍යාපනය කිරීමක්ද කරලා තියෙනවා.
- චිත්‍රකතා තුලින් මුලින්ම ජනතාව අතරට එන්නේ – 2002 ජූනි (Ultimate Marvel Team-Up #15)
ෆූ මැන්චූ කියන්නේ එක්තරා විශාල අපරාධ කල්ලියක නාමයක්. මේකට දාලා තියෙන්නේ නම් ශැන්ග්- චීගේ තාත්තාගේ නම. ශැන්ග්- චීව ඒ කාලයේ ඉදන්ම පුහුණු කරලා තියෙන්නේ ජීවමාන ආයුධයක් වෙන්න. එයා මුළු ලෝකෙම හොදම මාෂල් ආට් කලාව හැදෑරු සටන්කරුවා බවට පත්වුණා. මොනා උනත් ශැන්ග්- චී, එයා එයාගේ තාත්තාගේ අඩිපාරේ නම් යන්නේ නෑ. මේ නිසාම එයා එයාගේ තාත්තාගේ අධිරාජ්‍ය ප්‍රතික්ෂේප කරලා නිව් යො(ර්)ක් නගරයට යනවා. මෙහෙදී තමයි එයා වූ කියන මාළු විකුණන සුපිරි වෙළදසැලේ බිම පිහදාන වැඩේ කරන්නේ. මේ විතරක් නෙවෙයි නිව් යො(ර්)ක් වලදී තමයි එයාට ඩැනි රෑන්ඩ් නොහොත් අයන් ෆිස්ට්ව හමුවෙලා හොද යාලුවෝ බවට පත්වෙන්නෙත්. අයන් ෆිස්ට් සීරිස් එකේ ඩැනිට එයාගේ සූට් එක එන්න තව කල් යනවා කියලා කියන එකේ මං හිතන්නේ ශැන්ග්- චී පවා අයන් ෆිස්ට් සීරිස් එකට එන්න තියෙනවා කියලයි මගේ මතය. බලමුකෝ නෙහ්.
මං කිව්වනේ ශැන්ග්- චීට බලයන් නෑ කියලා. එයාට තියෙන එකම හැකියාව තමයි එයාගේ සටන් කලාව. එයාට අඩුම තරමේ චී හා සම්බන්ධ බලයක් වත් නෑ. එහෙමයි කියලා පාඩුවක් නෑ. කිසි කෙනෙක්ගේ උදව් නැතුව මුළු කණ්ඩායමකට උනත් ගහන්න පුළුවන්. සටන් කරන්න තියෙන හැකියා වලින් සුපර්හියුමන් කෙනෙක්ව පවා අභිබවා යන්න හැකියාව තියෙනවා කියලත් සදහන් වෙනවා.
A unata bro daredevil coling win ta wada hoda fighter kenekne
Tnx bn lipiyata. Black widow ahema nadda bn
rash al gul gana sadahanak nadda
බොහොම ස්තුතියි සහෝ ලිපියට
patta bn lapiyata bohoma sthuthi 😀
ස්තූතියි සහෝ ලිපියට
niyamayi