පුවත්සියල්ල

රජ ගමනේ යන ලින්කන් – Lincoln (2012)

කට්ටිය හැමෝම දන්නවනෙ මේ දවස්වල තිරගතවෙන ස්පිල්බර්ග් මහත්මයගේ අලුත් ම ‍ෆිල්ම් එක ගැන. නොවැම්බර් මස 16 වැනිදා ඉඳල තිරගතවීම ආරම්භවුණු ලින්කන් නම් චිත්‍රපටය ගැන තමයි මං මේ කියන්න යන්නෙ. මේ වන විටත් ආදායම් වාර්තා බිඳ හෙලමින් තිරගත වන මේ චිත්‍රපටය ඉන් නොනැවතී සම්මාන ‍රැසක් දිනාගෙන තවත් සම්මාන ‍රැසකට ම නිර්දේශවෙලයි තියෙන්නෙ.

කොහොමවුණත් මේ සියල්ල අතරේ ලින්කන් චිත්‍රපටය සැලකිය යුතු අන්දමේ වාර්තාවකුත් තියල කියල තමයි මේ වෙනකොට ආරංචි වෙන්නෙ. ඒ තමයි Critics Choice Movie Awards සම්මාන උළෙලේ දි මෙය සම්මාන 13 ක් සඳහා නිර්දේශ වීම. මීට ප්‍රථම කිසිම සිනමාපටයක් එම සම්මාන උළෙලෙදි මේ වගේ හපන්කමක් කරන්න සමත්වෙලා නැහැ. ආරංචිවෙන විදිහට මීට කලින් මේ වාර්තාව සතුවෙලා තියෙන්නේ 2010 අවුරුද්දෙ දි තිරගත වුණු ‘Black Swan (2010)’ චිත්‍රපටය සතුවයි. 2011 අවුරුද්දෙ දි Black Swan චිත්‍රපටය මේ සම්මාන උළෙලෙදි ම සම්මාන 12 කට නිර්දේශවෙලා තියෙනවා. ස්පිල්බර්ග්ගේ ලින්කන් චිත්‍රපටය බිඳල තියෙන්නෙ අන්න ඒ වාර්තාවයි.

ටෝනි කුෂ්නර්ගේ තිර පිටපතින් හැඩ වී ඇති මෙහි ස්පිල්බර්ග් සමඟින් සම නිෂ්පාදන දායකත්වය ලබා දී ඇත්තේ කැත්ලින් කෙනඩි විසිනුයි. ඩැනියෙල් ඩේ ලුවිස් ලින්කන්ගේ චරිතයට පණ පොවද්දි ඔහුගේ ආදරණීය බිරිඳගේ චරිතය හැඩ කරන්නේ අති දක්ෂ චරිතාංග නිළියක් වන සැලී ෆීල්ඩ් විසිනි.

~ලිපිය කේ යූ ජී උදාර සහෝගෙන් ~

Author

One thought on “රජ ගමනේ යන ලින්කන් – Lincoln (2012)

  • මේක එනකම් ඉන්නේ මාත්

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *