Skip to content
යාළුවෝ බැලුවා ද ? Real Steel සිනමා නිර්මාණය මම හිතනවා හැමෝම බලල ඇති කියලා .මෙම නිර්මාණය ගොඩ නැගී ඇත්තේ මිනිසුන් විසින් පාලනය කරන රොබෝවරැ අතර ඇති වන සටන් සමඟිනි .කොහොම ද? එහෙම රැපවාහිනි කතාමාලාවක් පැම්ණීයොත් .මම දැන් ලියන්නේ එබදු රැපවාහිනි කතාමාලාවක් පිළිබඳවයි. මෙය ප්‍රචාරණය වන්නේ Syfy (Sci-Fi Channel) නම් ඇමරිකානු කේබල් නාළිකාව ඔස්සේය. මෙම අනාගතය කම්පනය කරන කතාමාලාව නම් කර ඇත්තේ Robot Combat League ලෙසයි. මෙම කතාමාලාව 2013 පෙබරවාරි මස පළමු අදියර ප්‍රචාරය කිරීමට සැලසුම් කර තිබේ .මේ සඳහා WWE වල කීර්තීයක් උසුලන Chris Jericho ද රොබොවරැ නිර්මාණයෙන් Mark Setrakian (මොහු Men In BlackHellboy නිර්මාණවල තාක්ෂණවේදියෙක් ලෙස කටයුතු කර තිබේ ) දායක වේ .
දැන් පොඩිඩක් බලමු මෙම කතාමාලාව ගලායන ආකාරය….
ඇත්තටම මෙය කතාමාලාවක් නොවේ සටන් තරඟාවලියක් .මෙහි දී කුරැරැ බොක්සින් සටනක් කණ්ඩායම් 12 අතර පැවැත්වේ .ඒඑක් කිරැළක් සඳහා .මෙම රොබෝවරයෙක් බරින් රාත්තල් 1000 ක් පමණ වේ .Syfyහි සභාපති පවසන පරිදි Setrakian robotics system එකක් නිර්මාණය කර තිබෙනවා, එයට හැකියා තිබෙනවා මනුෂ්‍ය හැසිරිම් අනුකරණය කිරිමේ හැකියාවක් රොබෝවරැන්ට ලබා දීමට .මෙම එක් කාණ්ඩායමකට එක් සටන් කරැවෙක් හා ඉංජිනේරැවෙක් බැගින් සිටියි .එමෙන්ම
එමෙන්ම මෙම එක් කාණ්ඩායම ඇති රොබොවරැන් ඔවුන්ටම අවේණික වු ස්වරැපයක් හා හැකියාවක් පවතිනු ඇත .මෙය බොක්සින් තරඟයක් මෙන්ම වට තුනකින් සමන්විතයි .යම් හෙයකින් රොබොවරයෙක් තරඟ අතර තුර අනතුරකට භාජන වුව හොත්කාණ්ඩායමට විනාඩි 20 ලැබේ. එම රොබොවරයා නැවත සකසා ගැනීමට ජයග්‍රහි රොබොවරයාට $100000 මුදලක් ලැබේ.
මෙහි හා Real Steel අතර ඇති වෙනස මොකද්ද ?,
මෙම රොබොවරැන්ට ඇත්තේ සිමිත හැකියාවන් කිහිපයකි. එම නිසා ඔවුන්ට පැනිමට හෝ හැරීමට නොහැක. නමුත් පළමු අදියර සාර්කත්වය මත දෙවන අදියරයේ දී Mark Setrakian තව තවත් මොවුන්ගේ හැකියාවන් දියුණු කිරිමට බලාපොරොත්තුවේ (පැනිමට හෝ හැරීමට වැනි දෑ …).
බලමු කොහොම ද රොබොවරැන්ගේ සටන කියලා… මම හිතනවා ම්තුරන්ට වැදගත් වුනා කියලා
~ලිපිය චේතිය සහෝගෙන් ~