වන් පීස් සිංහලෙන් කියවන්න : 366 වන පරිච්ඡේදය | “මේක කරමු!”
දැනට නිකුත් වී ඇති සියළු පරිවර්ථනය කරන ලද වන්පීස් චැප්ටර් ඇතුළත් ලයිස්තුව මෙතැනින් .
මේ අවුරුද්දෙ අළුතෙන් එන ෆිල්ම් එක ගැන අහලා තිබ්බා. මුලින්ම කියන්නම් වන්පීස් තාම කියවලා හරි බලලා හරි ඉවර නොවුන අය ඒක කීයටවත් බලන්න එපා. මොකද ස්පොයිලර්ස් හීනෙකින්වත් නොහිතන විදියට තියෙනවා. ෆිල්ම් එකේ නම One Piece Stampede. මේක තමයි වන්පීස් වල 14 වෙනි ෆිල්ම් එක. ඒක ජපානෙ තිරගත වීම ආරම්භ වුනත් තාම ඇමරිකානු ආසියානු රටවල තිරගත වෙනවා. ඒ නිසා තව මාස තුනක්වත් යනකන් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් හොඳ කොපියක් හොයාගන්න වෙන්නෙ නෑ. අනිත් එක කියන්න ඕනෙ මේ ආපු ෆිල්ම් එකක්වත් කථාවෙ ප්‍රධාන ගලායාමට සම්බන්ධ නෑ. ඒ නිසා ෆිල්ම් වල අඳුන්වලා දෙන චරිත සිද්ධි දූපත් ප්‍රධාන කථාවට අදාල කරගන්න එපා. ඒත් ප්‍රධාන කථාවෙන් ෆිල්ම් වලට සම්බන්ධ වෙන චරිතනම් එයාලාම තමයි. ඒ නිසයි ස්පොයිලර් වෙන්න එපා කියන්නෙ. ඔයාලට ෆිල්ම් බලන පිළිවෙලක් දැනගන්න ඕනෙනම් පහළ තියෙන විදියට බලන්න. මේ වෙනකන් බයිස්කෝප් මංසලේ දුන්න චිත්‍රකථාව කියවලා තියෙනවනම් ඔයාලට 9 වෙනි ෆිල්ම් එක වෙනකන් බලන්න පුළුවන්. ඒත් කීයටවත් 10න් පස්සෙ බලන්න එපා. 🙏🙏 තව එකක් 9ට වෙනකන් එකක්වත් ඕදා සෙන්සෙ තිර රචනය කරපුවා නෙවෙයි. අනික ඇනිමේෂන් වුනත් එපා වෙනවා. 🙃 10න් පස්සෙ තමයි ෆිල්ම් හොඳ වෙන්නෙ. 10යි 14යි ලියලා තියෙන්නෙ ඕදා සෙන්සෙ. දැන් එහෙම කිව්ව නිසා බලන්න නම් ලෑස්ති වෙන්න එපා.
One Piece Movie 1 | The Great Gold Pirate | 2000 |
One Piece Movie 2 | Clockwork Island Adventure | 2001 |
One Piece Movie 3 | Chopper Kingdom | 2002 |
One Piece Movie 4 | Dead End Adventure | 2003 |
One Piece Movie 5 | Cursed Holy Sword | 2004 |
One Piece Movie 6 | Baron Omatsuri and the Secret Island | 2005 |
One Piece Movie 7 | The Giant Mecha Soldier of Karakuri Castle | 2006 |
One Piece Movie 8 | Adventures in Alabasta | 2007 |
One Piece Movie 9 | Bloom in the Winter, Miracle Sakura | 2008 |
One Piece Movie 10 | Strong World | 2009 |
One Piece Movie 11 | Straw Hat Chase | 2011 |
One Piece Movie 12 | Z | 2012 |
One Piece Movie 13 | Gold | 2016 |
One Piece Movie 14 | Stampede | 2019 |
Tnx so much sister. Comment ekt reply krpu ekt. Gadissiyak na film eke hoda copy yak apuwahama denna.manga eke ithru tika kiyawala iwarai dn ithin aye dawasa gane sinhalen kiyawanawa. Tnx sis.
බොහොම ස්තුතියි sis…
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ඔබට ජය…
ගොඩාක් ස්තිතියි………..ෆිල්ම් ටිකත බයිස්කොප් එකෙන්ම දෙන්න…….
Thanks
ස්තූතියි
මේ ටික බලලා ඉවර වෙලාම ෆිල්ම් ටික බලනවා
Ekama dawasee katha dekak dunnata thankyou XD