පුවත්වගතුගසියල්ල

වසරේ පළමු බිලියනපති චිත්‍රාගාරය!!!

2014 වසරේ ඩොලර් බිලියනයක ආදායම පසුකළ පළමු චිත්‍රාගාරය වීමට 20th Century Fox සමාගමට හැකිවෙලා තියෙනවා. මේ සඳහා සිය රට තුලදී මෙම ආදායම ගණනය කර තිබෙනවා. Dawn of the Planet of the Apes හි ප්‍රබල මංගල දර්ශනයට ස්තූතිවන්ත වෙන්නට ෆොක්ස් සමාගමට මෙම කඩයිම එදිනම පසු කිරීමට හැකියාව ලැබුනා.
පසුගිය 13 වන ඉරිදා දිනට 2014 වසර ආරම්භ වී දින 194ක් තුළදීයි මෙම ආදායම හිමිව තියෙන්නේ. එය බිලියනයක ආදායම ලැබීමට සමාගමක් ලද අඩුම කාලයයි. මෙයට පෙර මෙම වාර්තාවට හිමිකම් කියූවේ ඩිස්නි සමාගමයි. ඔවුන් 2006 වසරේදී දින 215ක් තුල බිලියනයක කඩයිම පසුකර තිබුනා. බිලියනයේ කඩයිම පසු කිරීමට ප්‍රධානම දායකත්වය ලබා දෙනු ලැබූවේ මෙම වසරේ ෆොක්ස් චිත්‍රාගාරයේ දැවැන්තම සිනමාපටය වූ X-Men: Days of Future Past චිත්‍රපටයයි. එය පසුගිය 13 වන ඉරිදා වන විට ඩොලර් මිලියන 229.2ක මුදලක් ඉපයීමට සමත්ව තිබුනා.

මෙම වසර ෆොක්ස් මගින් දැවැන්ත සජීවිකරණ චිත්‍රපට කිහිපයක්ම නිර්මාණය කරනු ලැබූවා. ඒවායේ ආදායම පසුගිය 13 වන ඉරිදා දිනට සටහන් වූයේ,

  • How to Train Your Dragon 2 – ඩොලර් මිලියන 152.3
  • Mr. Peabody & Sherman – ඩොලර් මිලියන 111
  • Rise of the Guardians – ඩොලර් මිලියන 103.4
  • Rio 2 – ඩොලර් මිලියන 129.6

fault-in-our-stars-poster-large

එමෙන්ම ෆොක්ස් මගින් නිපදවූ The Fault in our Stars චිත්‍රපටයද එදින වන විට ඩොලර් මිලියන 119.6ක ආදායමක් උපයා තිබුනා. එමෙන්ම The Other Woman චිත්‍රපටය ඩොලර් මිලියන 83.7ක් උපයා තිබුනා.

මෙයට පෙර ඩොලර් බිලියන 1.48ක අදායමක් ලද 2010 වසර ෆොක්ස්හි දැවැන්තම වසර වුනා. ඩොලර් මිලියන 478ක ආදායමක් ලද ඇවටාර් එයට ඉහලින්ම දායක උනා. මේ වන විට ෆොක්ස් සමාගම සහතික වනවා මෙම වසරේ එම ඩොලර් බිලියන 1.48ක අදායම ඉක්මවා යාමට සූදානම්ව සිටින බවට. Dawn of the Planet of the Apes එහි තිරගත වීම අවසන් වන විට තවත් ඩොලර් මිලියන 150ක්වත් ලබාගනු ඇති බවට පැවසෙනවා.


දැනට තිරගත වන Noah බලාපොරොත්තු වූ ලෙස නොවූවත් සාර්ථක ආදායමක් ලබමින් පවතිනවා. එමෙන්ම අගෝස්තු පැමිණෙන Let’s Be Cops සහ සැප්තැම්බර් පැමිණෙන The Maze Runner චිත්‍රපටද සාර්ථක ආදායමක් ලබනු ඇති බවට පැවසෙනවා. ඔක්තෝම්බර් මස Gone Girl චිත්‍රපටය සාර්ථක වන බව පැවසෙනවා. එමෙන්ම Kingsman: The Secret Service මෙන්ම සජීවීකරණ චිත්‍රපටයක් වන The Book of Lifeද සාර්ථක මුදලක් උපයනු ඇති බවට පවසයි. DreamWorks සජීවීකරණ චිත්‍රපටයක් වන The Penguins of Madagascarද ජනප්‍රිය වනු ඇති බවට දැනටම පවසනවා.

මෙලෙස තබා තිබෙන බලාපොරොත්තු ඉටු වුවහොත් වසර අවසන් වන විට ෆොක්ස් චිත්‍රාගාරයට ඩොලර් බිලියන 1.8කට ආසන්න ආදායමක් ලැබිය හැකි බවට අනුමාන කරලා තියෙනවා.

ෆොක්ස් සමඟ බිලියනයේ කඩඉමට ඊළඟට පැමිණීමට නියමිතව තියෙන්නේ Warner Bros සහ Disney චිත්‍රාගාරයි. පසුගිය 13 වන ඉරිදා වන විට මෙම කඩයිමට ඒමට වෝනර් බ්‍රදර් හට ඩොලර් මිලියන 40ක් අඩුව පැවතුනා. එදිනටම ඩිස්නි හට ඩොලර් මිලියන 185ක් පසුපසින් සිටියා.
වෝනර් සමාගම තම කඩයිම අගෝස්තු මස Into The Storm චිත්‍රපටය මගින් පසුකරනු ඇත. එමෙන්ම ඩිස්නි තමන්ගේ පික්සාර් සමාගමේ Planes: Fire & Rescue සහ මාර්වල් සමාගමේ Guardians of the Galaxy චිත්‍රපට මගින් පසුකරනු ඇත.

Author

2 thoughts on “වසරේ පළමු බිලියනපති චිත්‍රාගාරය!!!

  • Fox niyamayi. 24 Live Another Day genaawath ekka ne. hithuwata wadaa saarthaka unaa ekath

    Reply
  • patta info tika ban

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *