ටීවී කතා මාලාදැනුමටවගතුගවිචාරසියල්ල

සර්සි ලැනිස්ටර් හෙවත් Game of Throne  කථාංගයේ දුෂ්ට කාන්තාව ගැන හැදෑරිමක්.

ලෝකයේ සෑම රටකම පාහේ Game of Throne යනු ඉතාම ජනප්‍රිය කතා මාලවක්.  Sex  සහ violence කියන ප්‍රධාන කරුණු දෙක මූලික වුණු මේ වගේ කතා වලට ලෝකයේ නිතරම ඉහළ තැනක් ලැබෙනවා. හැබැයි Game of Throne සිය ජනප්‍රියත්වය  අවසානය තෙක්ම අංක එකේ රඳවා ගැනීමට සමත් වී තිබෙනවා. එනිසාම අද  Game of Throne කියන්නෙ Brand එකක්.  The Song of Ice and Fire කියන නවකතා මාලයේ එන පළමු වැනි පොතේ නම පමණක් වෙච්ච Game of  Throne අද වෙද්දි ඒ පොතට නොදෙවෙනිව  ජනප්‍රසාදයක් දිනාගෙන තියෙනවා. හැබැයි මේ ජනප්‍රසාදය එක්ක ජනයාගේ අති අප්‍රසාදයට ලක් වෙන්නට මේ  කතාවෙ සමහර චරිත වලට සිද්ධ වෙනවා. අන්න එයින් ප්‍රධානම කෙනා  සර්සි ලැනිස්ටර්.  මේ ලිපිය ඈ පිළිබඳ තරමක පුළුල් හැදෑරීමක්.


සර්සි කියන්නෙ කවුද?

ඈ ටයිවින් ලැනිස්ටර් සහ ජොවැන්නා ලැනිස්ටර් ගෙ එකම දියණිය. ජෙමී ලැනිස්ටර් ගෙ නිවුන් සොහොයුරිය හා ටිරියන් ලැනිස්ටර්ගෙ වැඩිමල් සොයුරිය. රොබට් බ්‍රැතියන්ගේ බිරිඳ , ජොෆ්රි, මසෙලා, ටෝමන් ගෙ මව.  වර්තමාන වෙසටරෝස් හී අග රැජිණ.

අපිට මේ සර්සි ව පෙනෙන්නෙ හරි දුෂ්ට චරිතයක් විදිහට. මං එක වචනෙකින් ඇයව ඔබට විස්තර කරන්න කිව්වොත්, කාන්තාවක් ගැන කියන්න පුළුවන් අන්තිම දරුණු වචනයක් තමයි Game of Throne නරඹන අය ඈ ගැන ලබා දෙන්නෙ.  ඇයි සර්සිට බැරි සින්ඩරෙල්ලා වගේ කරුණාවන්ත ධෛර්යවන්ත වෙන්න කියලා ඔයාට හිතෙන්න පුළුවන්. ඒත් එහෙම වෙන්න කිසි හේතුවක් නෑ. මෙලිෆිසන්ට් ගෙ සුරංගනා කතාව අහලා තියනවා නම්  මතක තියා ගන්න ඇගේ චරිතයත් හරියටම ඒ වගේ.

සර්සි කියන්නෙ වේදනාවත්, අතහැර දැමීමත් , අනාවැකියට ඇති බියකමක් නිසා නිර්මාණය වූ චරිතයක්.

ඈ කුඩා කලදි ම ඇගේ අම්මා මිය යනවා. පියා පවා ඉතා සොඳුරු ඇසුරක් ඈ සමඟ නිර්මාණය කරන්නෙ නෑ. ඈ ලැනිස්ටර් පවුලෙ වැඩිමහල් කෙනා වුණත්, ඇයට මොහොතකට හෝ පසු උපන් ජේමි ගේ අනාගතය ගැනයි ඇගේ පියා සිතන්නෙ. ඈ පවුලේ කීර්තිය උදෙසා තැනින් තැනට විකුණන වෙළඹක් ලෙස ඇගේ පියා ඈ දුටු බව පොත් වල ඈ කියා තිබෙනවා. මුලින්ම ඇගේ පියා ඈ රේගාර් ට පොරොන්දු කළත්, එයට Mad king කැමති වුණේ නෑ. ඒ නිසා ඇයට බලා සිටින්නට වුණා. රේගාර් එලියා විවාහ කරගත්තා. අන්තිමේ මහා යුද්ධයෙන් පසු (රොබට් ගේ කැරැල්ලෙන්) ඇයව රොබට් විවාහ කරගත්තා. එය සාර්ථක විවාහයක් වුණේ නෑ. ඈ රොබට් ගෙ අවධානය ගන්න සමත් වුණේ නෑ. අන්තිමේ ඈ තමන්ගෙ සොහොයුරාගෙන් දරුවන් ලැබුවා. ඔවුන් රැකගන්න ඇයට හැකි වුණේ නෑ. මේ වේදනාවන් සියල්ල අවසානයේ නිර්මාණය වන චරිතය  සාන්තුවරියක් වෙන්න පුළුවන් සිතනවා නම් ඔයාට වැරදිලා.

ඇයි සර්සි අනෙක් ආර්යාවන් වගේ නොවී, බලය පස්සෙ හඹා යන්නෙ?

සර්සිගෙ පරම ප්‍රතිරූපය වුණේ  තමන්ගෙ පියා. වැඩිමල් දරුවා වෙලත් පියාගෙන් පසුව උරුමයක් ඇයට නෑ. එකම හේතුව ස්ත්‍රියක් වීම. ඒ වගේම ඇය ඇගේ ස්ත්‍රී රූපය ගැන ඒ තරම් සතුටින් හිටි කෙනෙකුත් නෙවෙයි. අනෙක් කාන්තාවන් කෙරෙහි ඈ දැක්වූ අපහාසයන් තුළින් අපට එය පැහැදිළි වෙනවා. ඈ තමන්ට වඩා සුන්දරත්වයක් දුටු හැම කෙනෙක්ටම යටි හිතෙන් වෛර කරනවා. එයට බලපාන අනෙක් කරුණ ඇයට මැගී ලබා දුන් අනාවැකියයි.

යම් දවසක ඇයට වඩා සුන්දර වයසින් අඩු කෙනෙක් ඇගේ අසුනට පත් වන බව මැගී ඇයට කියනවා. ඇය සුන්දරත්වයට බය වන්නෙ එදා පටන්. ඇගේ මුල්ම ප්‍රතිවාදිනිය එලියා මාටෙල්. එලියා රේගාර් ව විවාහ කරගත් දින පළමු වරට ඇගේ රැජිණක වීමේ හීනය බොඳ වෙනවා.  එහෙත් රේගාර් ලියානා රැගෙන පලා ගිය බව ඇසුවාම ඇයට දැනෙන්නෙ ඉරිසියාවක්. එමෙන්ම ලියානා රොබට් ටද පොරොන්දු දී සිටිනවා. ඇගේ සුන්දරත්වයට සර්සි බිය නොවුණත් ඉරිසියා කළා. අවසානයේ ඈ රොබට් හා විවාහ වුණත්, මාලිගය පුරා රොබට් සමඟ සිටියෙ ලියානාගේ ඡායාව. එනිසා සර්සි රොබට් ගේ රැජිණ වුවත් එහි හිදැසක් තිබ්බා. ඉන්පසු ඇයට පැමිණි තරඟකාරිය සන්සා ස්ටාර්ක්. ඇයව මෙහෙයවීමේ හැකියාව ඇගේ නිවසේදීම ඈ ලබා ගත්ත නිසා ඈ තර්ජනයක් වුණේ නෑ. නමුත් මාජරී ටයිරෙල් එසේ රූකඩයක් කිරීමට සර්සිට හැකි වුණේ නෑ. එනිසා ඈ තමන් සතු ලොකුම තර්ජනය ඈ බව සිතලා කරන්නට හැකි කියල්ල කළා. මුලින් ලෝරස් සිර ගත කරන තැනට පසුබිම හැදුවා. පසුව මාජරීව සිරගත කළා. එහෙත් සියල්ලම සර්සිට නැවත පාරා වළල්ලක්ව කැරකුණා.

සමාජය ඉදිරියේ ඈට හිංසා ලැබුණා. මේ නිසාම ඈ තවත් කුරිරු වුණා.  අවසානයේ wild fire හරහා මුලු දේවමන්දිරයම සියල්ලන් සමඟ පිපිරෙව්වා. දැන් ඇයයි රැජිණ. එහෙත් ඇය හෝ ඇගේ රාජ්‍ය ආරක්ෂිත නෑ.  ඈ ගැහැණු සිව් දෙනෙක් ගෙන් ආරක්ෂා විය යුතුයි.

1. ඩැනේරිස් –

ඇය දැන් වෙස්ටරෝස් බලා එමින් සිටිනවා. ඈ සුන්දරයි. ලාබාලයි. මිනිස්සු නම්මවන සුලුයි. පෙනුමෙන් කුරිරු නෑ.

2. සන්සා –

තවමත් ජීවතුන් අතර සිටින ඇය, මේ වන විට පාලිකාවක් සතු දේවල් ඉගෙන ගනිමින් ඉන්නවා. ඇය වීරවරියක් නොවෙයි. එහෙත් මේ වන විට ඇයට හොඳ හමුදාවක් සිටිනවා. ඇගේ සහෝදරයා රාජ්‍ය ලෝබයෙන් පෙළෙන්නෙත් නෑ. ඈ ඉතා සුන්දරයි

3. ආර්යා –

සර්සි ව මරන්න කැමැත්තෙන්ම ඉන්න කෙනෙක්. ඒ වගේම පාලන ලෝබයක් ආශාවක් ඇයට තියෙනවා. ඇයට මිනිස්සු මරන්න හමුදාවක් අවශ්‍ය නෑ. ඈ රණකාමියෙක්.  ලියන්නා වගේ සුන්දරත්වයක් ඇයට තියනවා කියලා බොහෝ අය කියනවා.

4. බ්‍රියෙන් –

ඇය ලස්සන අඩුයි. හැබැයි සර්සිට වඩා ලස්සනයි. සර්සිට වඩා අඩු වයස් කාන්තාවක්. ඒ වගේම ඇගේ හිතේ ඇතුළත සුන්දරත්වය මේ සියලු ආර්යාවන්ට වඩා ඉහළයි. ඈ වීර්යවන්ත ශූර කතක්. ඇය ජේමිගෙ හිත පවා යම් දෙදරවීමක් කරලා තියෙන්නෙ. දැන් ජේමිගෙ සිතෙහි අයිතිය තනි කරම සර්සි මත රැඳෙන්නෙ නෑ. බ්‍රියෙන් එහි ලොකු ඉඩක් ලබාගෙන තියෙනවා. අඩුම තරමෙ අයන් ත්‍රෝන් කොහොම වෙතත්, කාසලි රොක් එකට හෝ නෑ කමක් කීමේ හැකියාව ඇයට තියෙනවා.



සර්සි තමන් ලබපු අනාවැකියට අනවශ්‍ය තරම් බය වුණ නිසා ඇයට සිදු වුණා ඒ හැම අනාවැකියකින්ම රැකෙන්න. ඒ ආරාක්ෂා වීමේ ක්‍රියාවලියම ඇයව අනවශ්‍ය කරදර වලට හේත්තු කරලා ඇගේ අනාවැකිය සාර්ථක කෙරෙව්වා.

සර්සි පළවෙනි කෙනා මරන්නෙ අනාවැකිය අහපු දවසෙ හවස. ඒ ඇගේ මිතුරිය. මැගී ඇත්තටම සර්සිට විතරක් නෙවෙයි එක පුංචි අනාවැකියක් සර්සි ගෙ යෙහෙළියටත් කියනවා. ඈ අන්ධකාරයට තල්ලු වෙනවා කියලා. සර්සි ඇගේ අනාවැකි වලට ඉස්සර තමන්ගෙ යෙහෙළියගෙ අනාවැකිය නම් ඇත්ත කරලා දෙනවා. ඈව වත්ත පහළ ළඳකට තල්ලු කරලා. ඇත්තටම ඒක ඇය කරන්නෙ, මේ අනාවැකිය පිට අය දැනගැනීම සම්පූර්ණයෙන් වලක්වන්නයි.

දැනටත් මේ අනාවැකිය හරියටම දන්නෙ සර්සි විතරයි. කොහොම වුණත් ටිරියන්ව මරා දමන්න සහ ඔහුට හානි කරන්න ඈ කිහිප විටක්ම උත්සාහ කරන්නෙත් මේ බය නිසාමයි. ඒ වගේම ඈ අනවැකිය විශ්වාස කරන්නට පෙළඹෙන්නෙ, තමන්ට රජුගෙ දරුවන් ලබන්නට බැරි වීමේදි. රජු වෙනත් කාන්තාවන්ගෙන් දරුවන් ලැබුවත්, සර්සි හා රොබට් රජ ලැබූ දරුවා මිය යනවා. (සමහර විට මිය ගිය කොටසට ඔහු ඇතුළත් කරනු ලබනවා) සර්සි රොබට් නමින් ඇති දැඩි කරන්නෙ ලැනිස්ටර් දරුවන්.  එය එක් අතකට සර්සි ගෙ වෛරයේ ඵලය නිර්මාණය කළ දෙයක් වගේම, අනාවැකිය විසින්ද කළ බල කිරීමක්.


තවදුරටත් සර්සි ගෙ අවසානය සිදුවන්නේ ටිරියන් අතින් වීමට නොහැකි බව දැනට පෙනෙන්නට තියෙනවා. එය බොහෝ විට ජේමි අතින් සිදු වේවි. සංකේත හරහා පවා එය පෙනෙන බව අපි පෙර ලිපි වලින් කිව්වා. කොහොම වුණත් කියන්න තිබෙන්නෙ මෙහෙම කරුණක්.

ජෝර්ජ් ආර් ආර් මාටින් සර්සි නිර්මාණය කරන්නෙ බලයට ආශක්ත කාන්තාවක් පෙන්වන්න නෙවෙයි. වෛරය සහ නොසැලකීම හරහා කාන්තාවක් කොයි තරම් දරුණු විය හැකිද කියා පෙන්වන්න. ඒ වගේ කාන්තාවන් තමයි ගුප්ත විශ්වාස සහ අනාවැකි වලට වැඩියෙන් ඇදී යන්නෙ. ඒවාට බය වෙන්නෙ.  ඒත් සර්සිගෙ චරිතයේ කාර්යය කොටස නම් තවමත් අවසන් නැහැයි කියලායි මං කියන්නෙ. 

සර්සිගෙ එක කාර්යයක් තමයි ඩැනේරිස්ගෙ සිහිනය බිඳ දැමීම.  ජෝර්ජ් මාටින් ඩැනීගෙ සිහිනය බිඳ වට්ටන්න ගෙනාව බාධකය තමයි සර්සි. කොහොමද එහෙම වෙන්නෙ? ඩැනී මුලු වෙස්ටරෝස් නුවරම පළවෙනි රැජිණ වීමේ ආශාවකින් පෙළෙනවා. එය අපට හොඳටම පෙනෙන්නෙ ඈ යාරා ග්‍රේජෝයි මුල් වරට මුණ ගැසුණු තැන දෙබසෙදි. ඒ සිහිනය සර්සි විසින් ඩැහැ ගන්නවා. දැන් ඩැනේරිස් වෙස්ටරෝස් උරුමයට සටන් කරන එක් රැජිණක් පමණයි.

ඒ වගේම සර්සි අනිවාර්යයෙන් ඉයුරෝන් ග්‍රේජෝයි සමඟ යුගල් වේවි. සමහරවිට එය මුල් වෙස්ටරෝස් නුවරම භයානකම යුගලය නිර්මාණය කරාවි. එසේත් නැත්තම් සර්සි ඉයුරොන් ඉදිරිපිට තමා ළදැරියක් බව පිළිගනීවි. ඔබ දුටු අප්‍රමාණ දුෂ්ටයා රැම්සි බව අමතක වෙන තරමට ඔබට මේ සීසන් එකේ දි ඉයුරොන් ග්‍රේජෝයි සලකන බව මට විශ්වාසයි.

කොහොම වුණත් සර්සි ගෙ අවසානය ට තව බොහෝ කල් නෑ. මුලු කතාවේම අවසානයට තියෙන්නෙ කොටස් කිහිපයයිනෙ. Iron throne එක හිමි වීමට පෙර එයට ආශා කළ කිසිවෙක්ට එහි රැඳෙන්නට බැරි වුණා සේම, සර්සිට බොහෝ කල් එහි රැඳෙන්නට බැරි වේවි. සමහරවිට ඉයුරොන් සහ සර්සි විවාහයකින් යුගල් වුණොත්, සර්සි සහ ඉයුරොන් දෙදෙනාම මරා ජේමි ලැනිස්ටර් සියල්ල ගිනිබත් කර දමන්නටත් ඉඩක් නැති වෙන්න පුළුවන්ද?

අපි හෙමින් බලා ඉමු. කෝම වුණත් එක නිමේෂයකින් ඕනෙම දෙයක් මාරු වෙන්න පුළුවන් මේ කතාවෙ දැනට , සර්සි අනනුකම්පීය කෙනෙක් වුණත් කවදා හරි අපිව අඬවන කෙනා වෙන්නත් බැරි නෑ.. වරක් ඇගේ චරිතය ආර්යාව පවා ඇඬව්වා.. මතකනෙ

Author

9 thoughts on “සර්සි ලැනිස්ටර් හෙවත් Game of Throne  කථාංගයේ දුෂ්ට කාන්තාව ගැන හැදෑරිමක්.

  • As always,great akke. I think that, compharing to Malaficent with Cersi is just unfair.

    Reply
  • “යම් දවසක ඇයට වඩා සුන්දර වයසින් අඩු කෙනෙක් ඇගේ අසුනට පත් වන බව මැගී ඇයට කියනවා. ”
    eth a kanthawak kiyala kiyanne na neda.?

    Reply
  • බ්‍රියෙන් සර්සිට වඩා ලස්සන නෑ සර්සි කියන්නේ westeros වල හිටිය ලස්සනම කෙල්ලෙක් කතාවේ අගට යද්දී සර්සි බීමත්කම හින්ද විරූපී වෙනවා කියල තියෙන්නේ.

    Reply
  • Niymai akke thanx

    Reply
  • සර්සි හොද චරිතයක් නෙමෙයි, හැබැයි එහෙම උනේ ,රොබර්ට් බැරෑතියන් නිසා.හේතුව රොබට් ආදරේ කරන්නේ සර්සිට නෙමෙයි එයාගේ 1st love ලියානා ස්ටාර්ක්, හැබැයි ලියානා මැරෙනවා. සර්සි රොබර්ට් ට ගොඩක් ආදරේ කලත් රොබට් සර්සි අතර සිදු වුනේ උපක්‍රමික විවාහයක්, house ලැනිස්ටර් දනවත්ම රාජවංශය ය. රොබර්ට් ට රාජ්‍යා පාලනය කරන්න ඕනි නම් ලැනිස්ටර්ස් ලත් එක්ක, විවාහසම්බන්දතාවක් ඇති කරගන්නම වෙනවා.ඒකයි මෙතන ප්‍රශ්නේ. හැබැයි මම නම් ඇත්තෙන්ම සර්සි මැරෙන කල් බලං ඉන්නේ මාර උනන්දුවෙන්. මරන්ඩම ඕනි

    Reply
  • නියමයි අක්කි. පොස්ට් එක නම් වටිනවා..

    Reply
  • පුද්ගලිකව මං සර්සිට කැමතියි. ඒ සර්සි තමන්ගෙ ඉලක්කයට කොහොම හරි යන්න උත්සහ කරන කෙනෙක් නිසා. එයා ඒ සඳහා ගන්න පාරට මං කැමති නෑ. සර්සි මැරෙනවා කියන එක දැං යම් තාක් දුරට නියතයක් වෙලා තියෙන්නෙ. ඒක වෙන්නෙ කා අතින් ද කියන එක තමයි දැනට තියෙන ගැටළුව. මං හිතනවා බොහෝ විට ඒක ජේමි අතින් වේවි කියලා. ජේමිගෙ ජීවිතේ සර්සිගෙන් ඇතිවෙන හිස් තැන බ්‍රියෑන් පුරවාවි.

    ආර්යාට ඒ චාන්ස් එක නැති වේවි. ආර්යට පාලන ලෝබයක් තියෙන බවක් මට දැනිලා නෑ. ආර්යට මූලිකවම ඕනෙ තමන්ගෙ පවුලට වෙච්චි දේවල් වලට පළි ගන්න. එයා ඒ දේ කොහොම හරි කර ගනීවි.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *