සුපිරි චිත්‍රපටිවල ඉදිරි දිගහැරුම… (XII)
300: 2
Zack Snyder කියන නම කිව්වහම, මොකද්ද සිහියට එන්නෙ? ‘Man of Steel (2013)’ නවතම සුපර්මෑන් චිත්‍රපටිය! ඊටත් කලින් ඇහුවොත්? ‘300 (2007)’ චිත්‍රපටිය! හරියටම හරි. 2007 වසරෙ අනපේක්ෂිත සුපිරි තැනක් දිනාගනිමින් සුපිරි අවධානයක් නතු කරගත් යුධකාමී චිත්‍රපටය. කිසිවෙකුත් හිතපු නැති අයුරින් ලොව වටා $ 456m උපයා දෙමින් පුදුම අලෙවියක් පෙන්නුම් කළ මෙය එතරම් ආශාවෙන් නරඹන්නට හැකි වුණේ ඔහු නිසා නොවෙයි කියල කියන්ඩ කිසිවෙකුගෙවත් දිව නැමුණෙ නෑ. ‘300: Rise of an Empire’ නමින් යුතු වන මෙය Snyder ප්‍රතික්ෂේප කළා කියන ආරංචිය එනිසා බොහෝ දෙනෙකුට අසුබ පුවතක් වුණත්; ඔහු එහෙම කළේ අලුත් සුපර්මෑන්ට ඔහුගේ ගුරුහරුකම් අත්‍යවශ්‍ය වූ නිසා.
නමුත් ඔහු නැහැයි කියලා 300: 2 වැන්න අතරමග නතර වුණේ නෑ. ඔහු වෙනුවට Noam Murro ඒ වැඩේ භාරගත්තා. පිටපත 300‘හි අධ්‍යක්ෂකවරයා හට සම පිටපත් දායකත්වය සැපයූවන්ගෙන් කෙනෙකු වන Kurt Johnstad ගේ සහාය සහිතව, Zack Snyder විසින්මයි කර ඇත්තේ. නිෂ්පාදනයත් ඔහුගෙන්මයි. මෙය 300 චිත්‍ර-කතා රචකයා වන Frank Miller‘ගේ “Xerxes” නමැති චිත්‍ර-කතාව ඇසුරින් සැකසුණක්.
මෙහි අඩංගු වන්නේ ආර්ටිමීසියානු සංග්‍රාමය කේන්ද්‍ර කරගත් කතා ප්‍රවෘත්තියක්. පර්සියානු නැවි ඇණියේ අණපතිණී ආර්ටිමීසියා(Eva Green) සහ පර්සියානු නායක සෙර්සෙස්(Rodrigo Santoro) ගේ පළිගැනීමේ අරමුණු හමුවේ සී සී කඩව යන ග්‍රීක සෙන්පති තෙමිස්ටෝකස්(Sullivab Stapleton) ගේ පරාජය සනිටුහන් කළ නාවික සංග්‍රාමය මෙහි අඩංගු වෙනවා. 300‘හි රැගත් සිදුවීම් පෙළට -පෙර/ සම/ පසු- සිදුවීම් රැගත් මෙය ග්‍රීසියට එල්ල වූ මහා පර්සියානු ආක්‍රමණයේ සමුදුරු සටන් අළලා නිමවූවක්. පර්සියානු හමුදාවේ එකම කාන්තා අණපතිණියව සිටි ආර්ටිමීසියා ගේ චරිතය සහ දෙව් රජෙකු ලෙසින් පිදුම් ලද පර්සියානු නායක සෙර්සෙස්ගේ චරිතය; මෙහි ග්‍රීසියේ ලියොනිඩාස් රජුගේ මරණයෙන් පසුව ගොර්ගෝ රැජිණගේ සහ තෙමිස්ටෝකස් ගේ මග ඇවිරීමට එරෙහිව ජයග්‍රාහීව ඉදිරියට ඇදෙන අයුරු දැකගත හැකියි.
300: Rise of an Empire‘හි අඩංගු වන ආර්ටිමීසියානු සංග්‍රාමයත් 300‘හි අඩංගු වන තර්මොපෛල් සංග්‍රාමයත් ග්‍රීසියට එල්ල වූ පර්සියානු ආක්‍රමණය හමුවෙහි එකම කාල වකවානුවකදී සිදු වූ සිදුවීම් දෙකක්. එනිසා ‘300 (2007)’ ට පෙරබැඳියක් හෝ පසුබැඳියක් ලෙස මෙම නව චිත්‍රපටය හැඳින්විය නොහැකියි. 300 චිත්‍රපටියට පසුනිකුතුවක් වශයෙන් හැඳින්විය හැකි වුවත් එකම සමයක වූ සිදුවීම් අඩංගු වන්නක් නිසා සමබැඳියක් ලෙසයි මෙය අරුත් දක්වා ඇත්තේ.
අධ්‍යක්ෂක Noam Murro කියා ඇති අයුරින්, “300‘හි දුටුවාට වඩා හාත්පසින්ම වෙනස් සටන් සහ යුධ සංකලනයක් මෙහිදී දැක ගත හැකි වනු ඇති.” 300 සිනමාපටය හැඳින්වෙන්නේ ඉතිහාසමය-අරුමැසියක් වශයෙනුයි. පෙනෙන හැටියට Butler‘ව මතකයේ රැඳවුව කෑමොර දීම් මෙහි එතරම් නොතිබෙණු ඇති. නමුත් ඒ වෙනුවට කාන්තා වීරවරියකගේ චරිතය ඒ තැන ගන්නට සමත් වනු ඇති හැඩයි. එහෙමනම් පෙරමග බලා ඉමු තවත් මහා සංග්‍රාමයක වැගිරෙන ලෙයින්; මුහුදේ නිල් පැහැය වෙනස් වන අන්දම දැකබලාගන්නට.
තිරයට එන දිනය: 2014 මාර්තු 07
patta
trailer thaama nadda machan?