ඉදිරි දිගහැරුමවගතුගසියල්ල

සුපිරි චිත්‍රපටිවල ඉදිරි දිගහැරුම… (II) | JP4: Jurassic World උරග ලෝකය… (Update)

Jurassic Park 4

මතකද ඔස්කා සම්මාන ලාභී ලොව පතල අධ්‍යක්ෂක Steven Spielberg සමග අපි දෙවරක් –‘Jurassic Park (1993)’/ ‘Jurassic Park: The Lost World (1997)’– ජුරාසික උයනේ ඇග කිලිපොළා යන මාරාන්තික පැය ගණන් ගතකළ ආකාරය? තුන්වැන්නට –‘Jurassic Park III (2001)’– ඔහු දායක වුණේ එහි විධාකය නිෂ්පාදකවරයා විදිහටයි. සිව්වැන්නට පාතබන විට අධ්‍යක්ෂක පුටුවට නවතම මුහුණක් එක්වන විත්තිය හා තිර පිටපත ආදිය නිමවෙන ආකාරය මීට පෙර මංසලේ ලිපියකින් අපි ඔබ වෙත ගෙනාවා මතක ඇති ඔබට. 

Spielberg තමන්ගේ ජුරාසික උයන සදහා තෝරාගත්තේ Isla Nublar නම් කොස්ටරීකාවට කිලෝමීටර 190 බටහිරෙන් පිහිටි දූපතනේ; ඊට අමතරව Isla Sorna නම් දුපත දෙවන රූගත කිරීම් ස්ථානය ලෙස යොදාගත්තා.  Isla Nublar දූපතේ හැඩය ගුවනින් බැලූවිට දකුණු ඇමරිකාවට බොහෝම සමානකම් දක්වනව. නව අධ්‍යක්ෂක වරයා වන Colin Trevorrow ට්වීටර් මගින් ළගකදී අදහස් දක්වමින් පවසා ඇත්තේ සිව්වන ජුරාසික් උයනේ වික්‍රමයත් Isla Nublar මූලික කරගෙන සිදුවනු ඇති බවක්.

JP4: Jurassic World (2015)

මින් පෙනී යන්නේ  Isla Nublar සදාකාලික ඩයිනෝසර උද්‍යානයක් වන ලකුණුද? මීට අමතරව නව අධ්‍යක්ෂක වරයාට අනුව මෙම සිව්වැනි සිනමා පටයට එක්කාසු වෙන්නට අප මින් පෙර නොදුටු උරග දැවැන්තයන්  පිරිසක් මහත් ආශාවෙන් මගබලා ඉන්නවලු. මෙහි තිරරචනය Rick Jaffa සහ Amanda Silver යන සැමියා-බිරිද දෙපළ තමයි කරන්නේ. (මේ දෙදෙනා තමයි Rise of the Planet of the Apes (2011)’ තිරරචනය කළෙත්) ත්‍රිමාන සජීවීකරණ තාක්ෂණය ලොව උඩු යටිකුරු කරන යුගයක වසර මිලියන දහස් ගණනකට පෙර විසූ මෙම උරග දැවැන්තයන් හට හා මින් පෙර උරග උයනේ වික්‍රමයන් අප වෙත රැගෙන ආ Steven Spielberg නම් ලොව පතල අධ්‍යක්ෂක වරයාට සාධාරණයක් කිරීමට Colin Trevorrow හට හැකි වෙයි ද? මෙය දැන් හොලිවුඩ්පුරය කළඹන මාතෘකාවක් බවට පත්වී අවසානයි. මෙහි රූගත කිරීම් ඇරඹීමට දැනටමත් සියලු කටයුතු සූදානම් වෙමින් පවතිනවා.

කොහොමත් පෙනෙන්නට තිබෙන විදිහට මේ, දැවැන්තයන් යළි උපදින සමයක්! ගුලියාමෝ ඩෙල් ටෙරෝ ගේ ‘Pacific Rim (2013)’ රොබෝ දැවැන්තයන් තිරයට කැන්දගෙන එනකොට, ලබන වසරේ ඒ කාලෙදිම තවත් එක් යෝධයෙක් යළිවරක් තිරයට එන්නට නියමිතයි. ඉදිරියේදී අපි බලමු ඒ ගැන වැඩි විස්තර මොනවද කියලා!

තිරයට එන දිනය: 2014 ජුනි 13

නවමුව:

JP4: Jurassic World (2015)

ඊගාව අලුත් ආරංචිය ජුරාසික යුගයට සම්බන්ධයි. අපි කලින් -බොහොම කලින්- මේක ගැන අයිරු කිව්වට, කාලෙත් එක්ක එහෙ මෙහෙ වෙලා ඒ කතා පොඩ්ඩ පොඩ්ඩ වෙනස් වෙලා. අලුත් අලුත් විස්තර එළි වෙන්නේ හෙමිහිටනේ… 

අලුත් අධ්‍යක්ෂක Collin Trevorrow සඳහන් කරලා තියෙන විදිහට, මේ අලුත් කතාව; ඒ කියන්නෙ JP4: Jurassic World හැබෑ ලෝකයේ කාලයෙන් වසර 22කට පසුව ගොඩනැගෙන්නක්. ඒ කියන්නේ හරියටම Jurassic Park (1993)’හි අප දු‍ටු සිදුවීම් වලින් වසර 22කට පසු කාලයේ, වසර 2015 දී සිදුවෙන සිදුවීමක්. මුලින්ම 1993 ජුරාසික උයන විවෘත කිරීමත් සමගම වාගේ සිදුවූ අනපේක්ෂිත සිදුවීම්වලින් පසු, වසර 22ක් ගෙවිලා 2015 වෙනකොට උයන, ලෝකයක් බවට පෙරළිලා. ඉතින්, Sam Neil එහෙම මේ වතාවෙ එකතු වෙන්නෙ නෑ. ඒ වෙනුවට, Bryce Dallas Howard(Terminator Salvation) සහ Chris Pratt(Gardians of the Galaxy) චිත්‍රපටයේ ප්‍රධාන චරිත සමගින් එක්වෙන්නට යනවා.

Bryce Dallas Howard
Bryce Dallas Howard

චිත්‍රපටය සඳහා මූලික තිරරචනාව සිදුකළ Rick Jaffa, Amanda Silver අඹු-සැමි යුවළගේ පිටපතට අනුව පිටපත යළි සකස් කරලා තියෙන්නේ Derek Connolly සහ Colin Trevorrow දෙන්නා. කලින් කතාවෙ විදිහට “1993 සිදුවීම්වලි පසු වසර 22කට පසුව, ජුරාසික උයනේ නිර්මාතෘ John Hammend අදහස් කළ අයුරින්ම, ඉස්ලා නුබ්‍රා දූපත ඩයිනසෝර රක්ෂිතය බවට පත්වීමෙන් අනතුරුව ගොඩනැගෙන කතාවක්. පෙර ගොඩබිම් ඩයිනෝවන්ට පමණක් සීමා වූ යෝධ උරග ප්‍රජාවට, දැන් මුහුදු දැවැන්තයිනුත් එකතු වෙලා. යළි ඩෛනොවන් වෙනුවෙන් කැප කළ මේ අභයභූමිය නිසි පරිපාලනයකින් යුතු ජනාකර්ෂණය ලබන ස්ථානයක් බවට පත්වෙලා. යෝධ මුහුදු උරගයින්, ද්වීපාදිකයන් සහ සිව්පාදිකයන් වගේම පියාසර දැවැන්තයින් යළිවරක් ආරක්ෂක දෝෂයක් නිසා නිදහස් ලොවට පළා යන්නට තරම් මහා ව්‍යසනයක් මෙවර සිදුවෙනවා”.

Chris Pratt
Chris Pratt

මේ කතාව වෙනස් වුණත් ඒ බොහොම සුළු වශයෙන් විතරක් බවයි කියවෙන්නේ. මොකද මේක බොහොම භයානකයි වගේම තැතිගන්වනසුළුයි. එනිසා කතාව තීව්‍ර කිරීමට අවශ්‍ය තත්ත්වයන් සහ සිදුවීම් අඩු වැඩි කරමින් තවත් දේවල් කිහිපයක් අලුතින් එක්කරනවාට වඩා යමක් ඔවුන් කර නැහැලු. මේ චිත්‍රපටයේත් තිරගතවීම් දිනය වෙනසකට ලක් කරලායි තිබෙන්නේ. කලින් කී දිනය කපා හැරලා ඔන්න නව දිනය පහතින් යළි සටහන් කළා. කලින්ට වඩා ටිකක් වැඩිපුර කල් ඉන්ඩනම් වෙනවා ඉතින්… 🙂

තිරයට එන දිනය: 2015 ජූනි 12

Author

9 thoughts on “සුපිරි චිත්‍රපටිවල ඉදිරි දිගහැරුම… (II) | JP4: Jurassic World උරග ලෝකය… (Update)

  • සුපිරියටම තියෙනවා.
    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො .

    Reply
  • මේක නම් නියමයි , මාවර්ල් යුනිවර්ස් එක ගැන ලිපියකුත් දාන්න ගොඩාක් ස්තුති!

    Reply
  • ‍සු‍පි‍රි ‍ලි‍පි‍ය…………

    Reply
  • ela ela meka gana kiwuwata. ehenm aye iguwanodanla T- Rexla rapterla ehema balaganna puluwan wei ne…

    Reply
  • ස්තුතියි ලිපියට සමීර සහෝ

    ජය වේවා!

    Reply
  • thanks saho apiwa update klt..digtm liyanna

    Reply
  • patta digatama liyanna saho thx info

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *