සුපිරි චිත්‍රපටිවල ඉදිරි දිගහැරුම… (IX)
21 Jump Street 2
2012 වසරේ පුදුමාකාර විදිහට අනපේක්ෂිත පහරක් බවට පත් වූ සුපිරි හාස්‍ය චිත්‍රපටිය –’21 Jump Street (2012)’– තව දුරටත් ඉදිරියට රැගෙන යාමට Sony සමාගම තීරණය කරලා. 1980 දශකයේ රූපවාහිනියෙන් විකාශය වූ, යල් පැන ගිය ටෙලි කතා මාලාවක් ඇසුරින් නිර්මාණය වූ මෙය මෙතරම් ඉහළ ජනප්‍රසාදයක් දිනාගනීවි කියලා කිසිවෙකුත් බලාපොරොත්තු වුණේ නෑ.
ජනප්‍රසාදය වගේම සුපිරි මට්ටමේ ලාභප්‍රසාදයකුත් නිර්මාණකරුවන්ට හිමිකරදෙන්නට මෙය සමත් වුණා. බොහෝ විචාරකයන්ට දණිස්සට පල්ළෙන් පෙනිච්ච මේ චිත්‍රපටිය අන්තිමේ නොහිතූ මට්ටමේ ආකර්ශනයක් අත් පත් කර ගත්තායි කිව්වොත් තමා වඩාත්ම හරි! අර කිව්ව මෙනමින්ම යුතු වූ ටෙලි කතා මාලාව (1987-1990) කාල සීමාවේදී විකාශය වූ Johny Depp ගේ සුපිරි රංගන දායකත්වය ලත් එකක්. මෙහි ප්‍රධාන චරිත මැවීමෙන් දායක වුණේ Jonah Hill – Schmidt ලෙසින් සමගින්, Channing Tatum – Jenko ලෙසින්. ඒ හැරුණුකොට Dave Franco/ Ice Cube/ Brie Larson වැනි නළු නිළියන් වෙනත් චරිත ඇසුරින් එකතු වුණා. අධ්‍යක්ෂණය Phil Lord සහ Chris Miller දෙදෙනාගෙන්. පිටපත Michael Bacall විසින් ලිව්වේ, Jonah Hill සහ Michael Bacall දෙදෙනාගේ අදහසක් අනුව සැකසුණු කතාවකිනුයි.
මේ වෙනකොට Jonah Hill තමන්ගෙ රචනා සගයා වන Michael Bacall(Project X) සමග දෙවැන්න වෙනුවෙන් පිටපත ලියන්නට කතාව සකසමින් යනවා කියලයි කියැවෙන්නේ. තිරපිටපත කලින් වතාවෙ වගේම, Michael Bacall අතින් සම්පූර්ණ වන්නටයි නියමිත. මුල් එකට සම්බන්ධ වුණු හැමෝමයි තව අලුත් මූණු දෙක තුනකුයි එකතු වෙයි කියල කියනවා, මේකට!අධ්‍යක්ෂක යුවළ ඒ කාර්යයන් වෙනුවෙන් නැවතත් එක්වෙන්නට සැදී පැහැදී සිටින වගත් සදහන්. දැනගන්ඩ තියෙන විදිහට මේක පළමු එකට පෙරබැඳියක් වෙන බවටයි ලකුණු පහළ වෙලා තිබෙන්නේ. එහෙම වුණොත් ඒකේ නම 20 Jump Street වෙයිද දන්නෙ නෑ. අනුබැඳියක් වුණොත්නම් 22 Jump Street වෙන්ඩත් බැරි නෑ. ඒ මොනවා වුණත් මේක තිරගත වෙනවා දැකබලා ගන්ඩනම්; අද ඉදං හරියටම කිව්වොත්, අවුරුද්දක කාලයක් ගෙවෙනකම් ඉවසන් ඉන්ඩම වෙනවා. 😛
තිරයට එන දිනය: 2014 ජුනී 06
maxxa
එල නියමයි උදා
amma..patta ah…meke thawa ekak ennm one…niya story eka…thanks macho lipiyta