හැදෙන හැටි…VIII : Man of Steel (2013) | අලුත් කතාවක්! අලුත් ආරම්භයක්!
මේ දිනවල බොහොම දෙනක් කතා වෙන සුපිරි මිනිසාගේ සුපිරි සලරුවේ තිරයේ පිටුපස දසුන් දිහාවට තමයි අපි මේ යොමුවෙන්න සුදානම් වෙන්නේ. කතාව සුපිරි බව බොහොම දෙනෙක් බලන්නේ නමෙන් එහෙම නැති නම් IMDB රේටින් තුලින්, එසේත් නැති නම් උපයාගෙන තියන මුදලින්, නමුත් අපි නොදකින් බොහොම කටුක දේ තියනවා මේ තිරයෙන් පිටුපස ඇත්තටම කතාවේ සුපිරි බව වැඩි කරන හෝ අපි බොහොම ලේසියට පහසුවට දකින මේ සලරුව ගෞරවයක් එකතු කරන.
මුලින්ම කියන්නම් ප්‍රධාන නළුවා වන Henry Cavill ගැන, සලරුව නැරඹු උදවිය දකින්න ඇති ඔහුගේ ශරීරය, අපි එලෙස දැක්ක දේ වෙනුවෙන් ඔහු වෙහෙසිලා තියනවා බොහොම කලක්, කොටින්ම කියනවා නම් ඔහු පුහුණු වීම කරනා කාලය තුල සුපුරුදු කැලරි 5000 කට ආසන්න ආහාර වෙලේ කැලරි ප්‍රමාණය කැලරි 1500 දක්වා අඩු අහාර වේලක් දක්වා මාරු වෙලා තියනවා, කෙටි කලක් නෙමෙයි සති 6 වගේ කාලක්… කොටින්ම රුගත කිරීම් කරන වකවානුවේ ඔහු ශරීරයේ මේදය 3% ප්‍රමාණක් විතරයි පවත්වාගෙන ගිහින් තියෙන්නේ, ඒ තමයි අයෝමය පුරුෂයන් තමන්ගේ තරග කාල සමයන් වලදී පවතවාගෙන යන මේද ප්‍රමාණය. ඔහුට අනුව ඔහුගේ අරමුණ වෙලා තියෙන්නේ තමන් කොතරම් අපහසුවට පත් වුවත් ලොවක් ආදරය කරන මේ මිනිසා ට හැකි තරම් ලං වීමයි.
ඒ වගේම මේ සලරුව තුල ඔහු උඩුකය ආවරණයක් රහිත ආවස්තා දෙකක් රුගත කර තිබෙනවා තමන්ගේ පපුවේ රෝමකුප ඉවත් කිරීම ඔහු ප්‍රතික්ෂේප කොට තිබෙනවා මේ අවස්ථාවල, එයටා හේතුව වෙන්නේ “The Death Of Superman” කතා පොතේ සුපිරි මිනිසාගේ පපුව ස්වාභාවිකව රෝම පිරුන එකක් ලෙස දැක්වීම හා Henry Cavill අවශ්‍ය වෙලා තියනවා තමන් ශරීරය හදාගත් පලියට එහි රෝම ඉවත් කරන්න ඕනෙම නැහැ කියන එකත් ලෝකයට පෙන්වා දෙන්න. ඔහු තමයි ඇමරිකානුවෙක් නොවන මුල්ම සුපිරි මිනිසා වෙන්නෙත්. ඒ වගේම අධ්‍යක්ෂකවරයාටත් මේ උඩුකය පෙන්වීමේ දර්ශන දෙක පෙන්වන්න ඕනේ වෙලා තියෙනේ රබර් ඇදුමක් මගින් මස්පිඩු හදාගත් සුපිරි මිනිසෙක් තමන් සතුව නොසිටි බව පෙන්වා දෙන්නලු.
සුපිරි චිත්‍රපටියක් සඳහා තෝරාගන්නේ සුපිරි අධ්‍යක්ෂකවරුන්…ඉතින් මේ සලරුවේ අධ්‍යක්ෂකවරයා වුනේ Zack Snyder නමුත් ඔහු නොවෙයි මුල්ම තේරීම වුනේ කිව්වොත් පුදුමයි නේද, පුදුම වෙන්න දෙයක් නැහැ මුල්ම තේරීම වෙලා තියෙන්නේ පහුගිය වසරේ අධ්‍යක්ෂකවරයා Ben Affleck නමුත් ඔහු මෙය භාරගැනීම ප්‍රතික්ෂේප කරලා තියනවා, ඔහුට අනුව නම් හේතුව වෙන්නේ “කොතරම් මුදලක් වියදම් කලත් දෘශ්‍ය ප්‍රයෝග යන්ට වඩා වැදගත් වන කතාවේ මද බව.” නමුත් දෛවයේ සරදම කියන්නේ ඔහු Batman vs. Superman (2015) සලරුවේ වවුල් මිනිසා ලෙස රංගනයේ මේ වනවිට යෙදීමට සියල්ල සුදානම් වී තිබීමයි. නමුත් ඇෆ්ලෙක්ට් ට පසුවත් Darren Aronofsky, Duncan Jones Matt Reeves හා Jonathan Liebesman යන අධ්‍යක්ෂකවරුන් ගැන සලකා බලලා තමයි Zack Snyder හට මේ කාර්යය බාරදීලා තියෙන්නේ.
මේ කතාවේ ප්‍රධාන පිටපත් රචකයා වෙන්නේ David S. Goyer ඔහුට අනුව පිටපත නිර්මාණයේදී මුලික තේමාව වෙලා තියෙන්නේ “Superman යනු චිත්‍රකතා පොතක් නොවුනා නම්, ඔහු ඇත්තම ජීවියෙක් වුවා නම්, ඔහු අනිවාර්තයෙන්ම පිටසක්වල ජීවියෙක් වියයුතුයි. එහෙව් කෙනෙක් අපි අතර ඉන්නා වග දැනගත්තොත් ඇතිවන කැලබිම, ඒ සිදුවීම් සමුදාය කෙබදු වනු ඇති ද…?” කියන එකලු. මේකේ ගොඩක්ම කොටස් අරගෙන තියෙන්නේ Mark Waid නම් චිත්‍රකතා ලේඛකයා විසින් රචිත “Superman: Birthright” චිත්‍ර නවකතාවෙන්ලු.
සුපිරි මිනිසාගේ ජීවිතය අලලා විකාශය වුන Smallville ටෙලි කතා මාලාවේ උන්න නළු නිලියන් අඩුම 5 දෙනෙක්වත් මෙහි රංගනයේ දීලා තියනවා. ඒ Amy Adams (S1, E7), Mackenzie Gray (S5, E15 & S10, E1), Tahmoh Penikett (S6, E19 & E21, & S3, E15), Alessandro Juliani (S8, E15 on…14 episodes total), සහ David Paetkau (S8, E15) වශයෙනුයි. සුපිරි මිනිසාගේ ආදර වන්තියට මුලින්ම තෝරාගෙන තියෙන්නේ Amy Adams නම් නෙමෙයි මුලින් Diane Kruger, Rosamund Pike, Alice Eve හා Lindsay Loha වගේ අය ගැන හිතලා තමයි අවසානයේ Adams තෝරාගෙන තියෙන්නේ.
මේ වතාවේ සුපිරි මිනිසාගේ ඇඳුම පවා වෙනස් වුනා. ඒ ආගමනයත් ඉහත පින්තුරයෙන් බලාගන්න හැකි. Man of Steel (2013) නිකුත් වුනේ හරියටම 2013 වසරේ ජුනි මස 14 වනදා එදිනට තමයි සුපිරි මිනිසා ලොව දැකලා වසර 75 පිරීමේ සංවත්සරය යෙදී තිබුනෙත්. ගොඩක් වටේ පිටේ කතා කිව්වනේ. තිරයේ පිටුපස රූපරාමු ටිකක් තියනවා පහල එකත් බලලා යන්න.
[youtube]https://www.youtube.com/watch?v=6V9utZiFvy4[/youtube]
ඇත්තටම මේ වගේ නොදන්න දෙයක් ගැන දැනුවත් කිරීම ඉතාම ඉහලින් අගය කරනවා.
කොහොමත් අපි හිතනවට වඩා දෙයක් තිරය පිටුපස තියනවා. අපි කිසි මහන්සියක් නැතුව බැලුවට, චිත්‍රපටයක් කරන පිරිස සෑහෙන මහන්සියක් වෙනවා.
බොහොම ස්තූතියි සහෝ!
බොහොම ඉස්තුතියි .
බොහොම ඉස්තුතියි සහො (y)