දැනුමටවීඩියෝසියල්ල

හැදෙන හැටි…XV : The Hunger Games: Catching Fire (2013) | ජයග්‍රහණය හා විජයග්‍රහණය

බොහොම දෙනෙක්ට මතක ඇති ඔය උඩ තියන පින්තුරය. ඒ අන්තර්ජාල සිංහල උපසිරැසකරණයේ පෙරටුගාමියා තමන්ගේ 200 වෙන උපසිරැස කඩයිම සම්පුර්ණ කිරීම වෙනුවෙන් අපි වෙත අරගෙන ආව උපසිරැස නෙව.  

පසුගිය වසරේ නොවැම්බර් 22 වනදා තිරගත වීම ආරම්භවුන මේ චිත්‍රපටය නිෂ්පාදනය වෙනුවෙන් $ මිලියන 130 වගේ මුදලක් වැය වෙලා තියනවා. කොහොම නමුත් අදායම ලෙස ලොව පුරාම මිලියන 864 ක මුදලක් ඉක්මවා උපයන්න සමත් වෙලා තියනවා. ඒ දින 133 ක් පුළුල් තිරය සැරසීමෙන්. නව යෞවනයන් වෙනුවෙන් ලියවුන පොත් සිනමා නිර්මාණ වෙනුවෙන් පෙරලීම, විද්‍යා ප්‍රබන්ධ පොතක් සිනමා නිර්මාණයකට පෙරලීම, ලෝක විනාශයකට මුල පිරිම වැනි තේමා මුල් කරගෙන නිර්මාණය වුන චිත්‍රපටි කාණ්ඩයන්හි එදා මේද තුර වැඩිම අදායම් ලාභියා වෙන්නත් මෙම නිර්මාණය සමත් වෙලා තියනවා.

එහෙව් නිර්මානයක තිරය පිටුපස සිදුවීම් රැගත් වීඩියෝ ටිකක් තමයි ඔන්න පහල තියෙන්නේ. චිත්‍රපටය බැලුවා නම් ඒ සිදුවීම් එකක් මේ සිදුවීම් බලනකොට සමහර දේ හිතාගන්නත් බැරි වෙයි. මොකද මේ චිත්‍රපටය තුල බහුලව Green Screen තාක්ෂනය එහෙම යොදාගැනුන නිසා. 

Baiscopelk Icon

Author

One thought on “හැදෙන හැටි…XV : The Hunger Games: Catching Fire (2013) | ජයග්‍රහණය හා විජයග්‍රහණය

  • 🙂 ආසාවෙන් බලපු ෆිල්ම් එකක්..
    ස්තූතියි සහෝ තිරය පිටුපස සිදුවීම් දැනුවත් කිරීම වෙනුවෙන්

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *