දැනුමටවීඩියෝසියල්ල

හැදෙන හැටි…XVI : Transcendence (2014) | පුදුම හිතෙන කෘත්‍රීම බුද්ධිය….

පසුගිය දවසක බයිස්කෝප් අඩවියේ ඇරෝ කොලුවා තමුන්ගේ 50 වන උපසිරැස කඩයිම පහුකරන්න තෝරාගත්තා සිනමා නිර්මාණය හැමෝම බලන්න ඇති, ඔහුට කමෙන්ටුවකින් සුභ පතන්න ඇති කියලා හිතනවා. කොහොම නමුත් මේ සුදානම ඒ සිනමා නිර්මාණයේ තිරයෙන් පිටුපසට එබෙන්න. 

මේක Wally Pfisterගේ කුලුදුල් සිනමා නිර්මාණය. හැබැයි ඔහු සිනමාවට නම් අමුත්තෙක් නෙමෙයි ඔස්කා සම්මාන ලාභියෙක්. මේ සිනමාපටයේ ව්‍යාපෘතිය එකපාර මතුවුණ එකක් නෙමෙයි බොහොම කාලයක් තිස්සේ ඇදීගෙන ආව එකක්. මුලින්ම වවුල් මිනිසා මුල් කොටගත් සිනමා පට ත්‍රිත්වය අවසාන වෙන කාලයේ මේ සිනමාපටය තිබිලා තියෙන්නේ සුපිරි අධ්‍යක්ෂක Christopher Nolan වෙනුවෙන් වෙන් වෙලා, නමුත් මේ වෙනුවට ඔහු වෙනත් සිනමා නිර්මානයක් වෙත යොමුවිම එකක් මේ සිනමාපටය ඔහු එකක් දීර්ඝකාලයක් වැඩ කල ඔහුගේ මිත්‍ර Wally Pfister භාරවෙනවා.

සුපිරි නළු Johnny Depp නෙමෙයි මුලින් ප්‍රධාන චරිතය වෙනුවෙන් යොදාගන්න හදලා තියෙන්නෙත්, James McAvoy, Tobey Maguire, Christian Bale හා Jude Law වගේ සුපිරි පිරිසක් අතින් අත ගිහින් තමයි කැප්ටන් ජැක ලග චරිතය නතර වෙලා තියෙන්නේ. මැක්ස් ගේ චරිතය වුනත් එහෙමම තමයි, ඒ වෙනුවෙන් Ewan McGregor හා Tom Hardy දෙදෙනා වෙත යොමු වුනත් ඔවුන්ගේ කාල වෙලා ප්‍රශ්න නිසා ඒක අවසානයේ Paul Bettany වෙත ඇවිත් තියනවා කියලා තමයි දැනගන්න තියෙන්නේ. 

නිලියන් ගැන වුනත් ඔහොම කතා ගොඩක් තියනවා. ඒ වගේම තමයි මේ Paul Bettany කියන හාදයා, දන්නා අය දන්නවා ඇති ඔහු තමයි මාර්වල් විශ්වයේ සුපිරි යකඩ මිනිසාගේ හිතවත් සගයා වන ජාවෙස් වෙනුවෙන් හඬ මුසු කරන්නෙත්… නළුවා අහුවෙන්නෙම පරිගණක සම්බන්ධ චිත්‍රපටිවලටම වගෙයි නේද…

පහල තියනවා මේ චිත්‍රපටයේ තිරය පිටුපස සිදුවීම් ඇතුලත් වීඩියෝ දෙකක්ම…

සිංහල උපසිරැස සමඟ චිත්‍රපටය ලබාගැනීමට
සිංහල උපසිරැස සමඟ චිත්‍රපටය ලබාගැනීමට

Author

One thought on “හැදෙන හැටි…XVI : Transcendence (2014) | පුදුම හිතෙන කෘත්‍රීම බුද්ධිය….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *