හොබිට්වරුන්ගේ විශ්මිත මැදලොව…
ඔබ ඇතැම් විට දන්නවා ඇති; The Lord of the Rings සහ The Hobbit කියන්නෙ R. R. Tolkiens නමැති ලේඛකයා විසින් එකිනෙක ත්‍රිත්ත්වයන් ද්වයක් ලෙසින් රචනා කළ නවකතා බව. ඔහු තමන්ගේ සිත තුළ උපන් හොබිට්වරුන්ගේ මැදලොව මැව්වේ සිතින්. ඒ වගේම වචන ආයුධ කරගෙන පාඨක සිත්වලත් ඒ මැවීම ප්‍රතිනිර්මාණය කරන්නට ඔහු සමත් වුණා. ඒත් ඒ සියල්ල නිකම් සිත තුළ මැවුණු සියුම් සිතු පෙළක් පමණයි!
නමුත් Peter Jackson. ඔහු මේවා ඇත්තටම හැදුවා. පරිගණක භාවිතයෙන් දෘශ්‍ය ප්‍රයෝග යොදාගෙන R. R. Tolkiens ගේ හිතේ උපන් මැදලොව ඇසට පෙනෙන පරිදි ඔහුගේ The Lord of the Rings සහ The Hobbit සිනෙ ත්‍රිත්ත්වය වෙනුවෙන් සකස් කරන්නට ඔහු කටයුතු කළා. ඒ වුණත් මේ හැමතැනක්ම පරිගණකයෙන් මවාපුවා නොවෙයි. පරිගණකයෙන් මැව්වේ සැබැවින්ම මිනිස් ශ්‍රමයෙන් නිර්මාණය කිරීම කළ නොහැකි දේවල් විතරයි. ස්ථාන/ ඇඳුම්-පැළඳුම්/ උපකරණ-ආයිත්තම් තබා හොබිට්වරුන්ගේ බිංගුල් පවා ඔහු සැබැවින්ම හැදුවා. නමුත් ඒ මූලික රූගත කිරීම් සාර්ථකව සපුරා ගන්නට අවැසි පමණට පමණයි.
ඒ සඳහා යොදා ගත්තේ කොයි රටද කියන එක ඔබ දැනටම දන්නවා. මනහර පර්වත ප්‍රාන්තයන්, ඇස් මානය පුරා පැතිරෙන තැනිබිම්, ආගාධ වන් ගිරි-කඳුරු, නිල් කැටක් වන් දිය දහරා, සේද සේල වගේ දිය ඇළි… කොහොම වණන්නද? ඒ තමයි නවසීලන්තය. සෞම්‍ය දේශගුණයෙන් අගතැන්පත් රටක් හැටියට නෙත සිත පිනවන දර්ශනයන් වලිනුත් කිසි අඩුවක් නැති මේ ප්‍රබෝධනීය රට තමයි ඔහු සිය සිනෙ ත්‍රිත්ත්ව ද්විත්වයේම රූගත කිරීම් සඳහා යොදා ගන්නේ.
සඳහන් වන ආකාරයට 2004 වසරේ LOTR: The Return of the King සිනමාහල් කරා නිකුත් වීමෙන් පසුව නවසීලන්තයට ඇදෙන සංචාරක ප්‍රජාව බොහෝ සෙයින් ඉහළ ගියා. ඉන් 6%ක ප්‍රතිශතයක් LOTR චිත්‍රපටයන් ඔවුනගේ පැමිණීමට හේතු සාධක වූ ප්‍රධාන කරුනක් බව සඳහන් කර තිබුණා. පුදුමය එය නොවෙයි! 1%ක ප්‍රතිශතයක් පවසා ඇත්තේ තමන්ගේ පැමිණීමට එකම කරුණ LOTR චිත්‍රපටයන් බවයි. මුදලින් ගත්තොත් ඒ 1%ක නවසීලන්තයට $ 32.8m ක විදේශ විනිමයක් සැලසුවා.
නමුත් එවර තැනූ මැදලොව වැඩිකලක් පවතින ලෙස තැනූවක් නොවෙයි. හොබිට්වරුන්ගේ බිංගුල් රූගත කිරීම් පසුව යළි ගළවා ඉවත් කරන්නට සිදු වුණා. මෙවර එහෙම නොවෙයිලු. ඒවා කල්පවතින ලෙස නිමවා තිබෙනවා, ස්ථාවර අමුද්‍රව්‍ය යොදාගනිමින්. ඒ කියන්නේ මෙවර Peter Jackson සිය රූගත කිරීම් හමාර කර එන්නේ නවසීලන්තයට සහ එරටේ සංචාරක ව්‍යාපාරයට වටිනා යමක් ඉතුරු කර තියලා. ඒ වටිනා යම තමයි කිසිවෙකු සියැසින් දැක් නැති; හොබිට්වරුන්ගේ මැදලොව!
නියමයි……. එල පෝස්ට් එකක් ඈ…….. 🙂