ට්‍රේලර්ටීවී කතා මාලාපුවත්වගතුගසියල්ල

හෝම්ලෑන්ඩ් පෙර සතියෙන්….

HOMELAND_612x380
Krieg Nicht Lieb”: War, not love හෙවත් යුද්ධය මිසක් ආදරය නෙවෙයි කියන එක තමා මේ සතියේ කථාවේ මාතෘකාව වුණේ. හැබැයි ඒකම මේ සම්පූර්ණ හතරවෙනි අදියර වෙනුවෙන්ම පාවිච්චි කරන්න පුළුවන් ආදර්ශ පාඨයක් කිව්වොත් වඩා නිවැරදියි. මෙම අදියරේ හැරවුම් ලක්ෂ, අසාමාන්‍ය තීරණ එහෙමත් නැත්තම් නොහිතපු දෙයක් ගැන මොනා අපි හිතුවත් ඒ හැම එකක්ම නියමෙටම ගළපලා දෙන්න කතා මාලාවේ රචකයො දන්න බවනම් ප්‍රතික්ෂේප කරන්නම බෑ.
 
ඊට කලින් සතියේ අපි දැක්කේ තානාපති කාර්යාල ප්‍රහාරයෙන් පස්සෙ හකානි පස්සෙ එලෝපු කුයින් පස්සෙ එළවන කැරීවයි. හැබැයි මේ සතියෙ කතාව පටන් ගන්නෙම ඒ ප්‍රහාරයේ අරමුණ ඇමරිකානු නියෝජිතයන් ඝාතනය හෝ ඇමරිකානු රහස් තොරතුරු දැනගැනීමටත් වඩා මඟුලේ කුමන්ත්‍රණයක් කියලා අසාර් ඛාන් කැරී ට කියන තැනකින්.
 
වෙන විදියට කිව්වොත් තානාපති කාර්යාලයේ හකානි පිට වෙච්ච එක හකානි වීරයෙක් බවට පත් කළා. පෝස්ටර් පාර පුරා තියෙනවා. පාකිස්තාන බුද්ධි අංශ නිලධාරීන්ම එයාව ආරක්ෂා කරනවා. ඉතින් මේ ඇවිල්ලා කුයින් වගේ ඇමරිකානුවන්ව මරන්න හොයන කාලයක්. මේ කාලේ පාරේ ඉබාගාතේ ඇවිදින්න කැරීට කොහොමටවත් බෑ. හැබැයි කැරී කියන්නෙ ඉස්සරනම් නවත්වන්න බැරි කෙනෙක්. හැබයි මැක්ස් කුයින්ට උදව් කරමු කියන දේ අඟවද්දි කැරී කොච්චර පරාජිත වෙලාද කියනවනම් ඇය කියන්නෙ කුයින්ට හකානිව මරන්න බෑ කියලයි.
 
හැබැයි අපි දන්නවා කුයින් කියන්නෙ ඒක කරන්න පුළුවන් කෙනෙක් කියලා. කුයින් බොහොම ළඟින් ආශ්‍රය කරපු ජර්මානු තානාපති නිලධාරිනියෙක් මාරගයෙන් (කුයින්ගේ ඇඳුම් පවා එයා ගාව තියෙනවා) හකානි ඉන්න තැන හොයාගෙන යද්දි මැක්ස් එයාට සම්පත් සපයන්න ඉදිරිපත් වෙලා. ඒකෙන්ම තේරෙනවා මැක්ස්ටත් කුයින් ලව්වා, ෆාරා වෙනුවෙන් හකානිව මරවන්න කොච්චර ඕනාකමක් තියෙනවද කියලා. හැබැයි කැරීට ඒක මාට්ටු වුණාට පස්සෙ කුයින්ව අල්ලගන්න යන හමුදා භටයෝ දෙන්නව අඩපණ කරලා එකෙක්ට වෙඩි තියන්නත් කුයින්ට යන්නෙ තත්පර පහකටත් අඩු කාලයක්. 
 
ඇත්තටම කියනවනම් කුයින්ට හොඳ සැලැස්මක් තියෙනවා හකානිව එළියට ඇදල ගන්න. මුලින්ම ඉන්න තැන හොයාගන්නවා. එතන තියෙන කාණුව හොයාගන්නවා. ඊළඟට පුපුරන ද්‍රව්‍ය ලොකු ප්‍රමාණයක් ලෑස්ති කරගෙන බෝම්බෙ හදනවා. ඒක අර කාණුවට දාන්න එයා පාවිච්චි කරන්නෙ කිරන්ව. මේ තමා මේකේ තේමාව. මේ චරිත ඔක්කොම තමුන්ගේ අහිමිවීමේ පලිය ගන්න හදනවා. මැක්ස් මේවා කරන්නෙ ෆාරා වෙනුවෙන්. කිරන් ඒක කරන්නෙ අයාන් වෙනුවෙන්. කුයින් ඒක කරන්නෙ මැරුණු තමුන්ගේ කට්ටිය වෙනුවෙන් හෝ ඊටත් වඩා තමුන් වෙනුවෙන්මයි. මොකද අපිට මේ කොටසෙදිම කියනවා කුයින් අස්වෙන්න හදපු මුල්ම වතාව මේක නොවෙන බව. හෝම්ලෑන්ඩ් එකට එයා එන්න කලින් ඉඳන්ම කුයින් පාරේ කෙළවරට ගිහින් අස්වෙන්න හදලා ආපහු පරණ මඩ ගොහොරුවටම වැටෙන හින්දා වෙන්න ඇති මේක එයා කරලා ඉවරයක් වෙන්න හදන්නෙ.
 
මේ අස්සෙම තමා තවත් අහිමිවීමක් එළියට එන්නෙ. James Rebhorn කියන කැරීගේ තාත්තට රඟපාපු නළුවා පහුගිය මාර්තු මාසේ මැරුණු එක කතා රචකයෝ අන්තිමේ හදවතටම දැනන තැනකදි එළියට දාන්න තෝරගෙන තිබුණා. කැරී කොච්චර ඒකෙන් බිඳ වැටෙනවද කියනවනම් ඇය තමුන්ගේ දරුවාවත් බලන්න ඉල්ලන්න තරම් චරිත ස්වභාවයෙන් බ්ඳවැටෙනවා.
 
ඊළඟට තමා කැරීට තමුන්ගේ ලොක්කා වෙච්ච ලොක්හාට් කතා කරන්නේ. අපි කලින් අදියරට වඩා මෙ අදියරේදී ලොක්හාට් දිහා බැලුවෙ සානුකම්පිතවයි. මේ කොටසෙදිත් එයා කියනවා තමුන්ව අස්කරලා වෙන කෙනෙක්ව පත් කරන්න රැස්වීම් වගයක් තිබ්බ කියලා ආරංචියක් ආව බව කැරීට කියනවා. කැරී ඒ ගැන කිසි දෙයක් නොදන්නවා වුණත් මේ තමා ඔය තනතුර ගැන කතා වෙච්ච දෙවෙනි වතාව. මුල් පාර ඒ කතාව වුණේ ඩාර් අඩාල් හා සෝල් අතරයි. ඒ සෝල් පාකිස්තානයට එන්න කලිනුයි. ඒක මතක ඇති කියල හිතනවා කට්ටියටම. ඩාර් අඩාල් සෝල්ගෙන් අහනවා දුර්වල ලොක්හාට් වෙනුවට ආපහු පරණ තනතුරට එන්න කැමතිද කියලා. ඒත් සෝල් ඒක ප්‍රතික්ෂේප කරනවා.
 
මින් පස්සෙ තමා උද්ඝෝෂණේ මැද්දෙ බෝම්බේ තියන වෙලාව එන්නෙ. ඒ ඔක්කොමත් හරි කැරී අන්තිම මොහොතේ ආපහු මැදට පනිනවා. කුයින් කැරීට ශාප කළත් මෙන්න කැරී තුවක්කුව ඇදල අරගෙන හකානිට ගේම දෙන්න හදනවා. ඛාන් මැදට පැනල ඒක නවත්තලා අන්න පෙන්නනවා අපි කවුරුවත් නොහිතපු දසුනක්. ඒ තමා ඩාර් අඩාල් හකානි එක්ක වාහනේ ඉන්න දසුන!!!
 
ඒ කියන්නෙ මේ ඔක්කොම වුණේ ඩාර් අඩාල්ගේ සැලසුමක්ද. විවාහ උත්සව බෝම්බය, සැන්ඩි බක්මන් ගේ ඝාතනය, තානාපති කාර්යාල සිදුවීම මේ ඔක්කොම එයාගේ මොළෙන් එළියට ආපුවද? මේ එයා CIA ලොක්කා විදියට බලයට එන්න හදන සැලැස්මක්ද? නැත්තම් සෝලුත් මේ වෙච්ච වැරදි නිවැරදි කරන්න ආපහු ලොක්කා වෙන්න එන්න හදන එක හරියයිද?
 
ඒ කොහොම වුණත් මම ඔය උඩින් දීල තියෙන පෙර දසුනයි, මළගෙයක් ගැන ආරංචි වෙච්ච සිදුවීමයි එක්ක ගත්තහම ලබන සතියේ කොටසනම් බොහොම නරක සටනක් වේවී. 
 
හුදු පරිවර්තනයකි.  

Author

3 thoughts on “හෝම්ලෑන්ඩ් පෙර සතියෙන්….

  • මුලින්ම කියන්ට ඕනා
    මේ කතාවට ලංකාවේදී අත්වෙලා තියන තත්වය අන්තිමයි 🙁 ඒ වගේම හිතවතුනි මේක සම්පුර්ණ ඇමරිකානු කුමන්ත්‍රනයක ප්‍රථිපලයක්, පහුගිය සිසොන් වලදී වගේ නෙමේ මේකෙදි එකපාරටම කතාව යන මාර්ගය වෙනස් කරනවා.. මේක විදේශ බලවේගයක් වන ෂෝ ටයිම් ප්‍රසන්ට්හි කුමන්ත්‍රණයක්, මං හිතන්නේ ලොක්හාට්ගේ පුටුව කැරීට ලැබෙන්න පුළුවන්කමක් තියනව, සෝල් ආයේ ගේමට බහිනවා, ඩාර් අඩාල්..? අයි හෑව් නෝ අයිඩියා මෑන් 🙁
    waiting for the season finale…..

    Reply
  • හම්මේ ඉතින්..
    කතා කරලා වැඩක් නැහැ
    සුපිරිම සීසන් එකක් තමා මේක

    Reply
  • මම මොකද්ද කමෙන්ට් කරන්න ඕනේ?
    යකෝ වෙන ඕනෙම කතාවක, ෆිල්ම් එකක වෙන්න පුළුවන් දේවල් ගැන නිකමට හරි හිතන්න පුළුවන්…
    ඒත් මේක…
    මේ කතාව මාව සම්පූර්ණයෙන්ම නිහඬ කරලා දැන් නම්…
    මොන මගුලක්ද අප්පා..
    එකනෙවි, මළගෙදර සීන් එක ෆාරා ට හරි කැරී ගේ තාත්තට හරි ගෞරව දැක්වීමක් වෙන්න බැරිද?
    අනේ, තවත් අය මැරෙන්න ඉන්නවා කියලානම් කියන්න එපා..
    “නෝ මෝ ඩයින්ග්”

    What do you planing at Carrie?
    – I call it “give me what i fucking want”

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *