ටීවී කතා මාලාවීඩියෝසියල්ල

‘007’ හෙවත් ‘Bond’ට පණ දුන් මිනිසා…

මතකද අපේ සමීර කරුණාරත්න සොයුරා බයිස්කෝප් සිංහලෙන් හා වැඩ අරඹපු හැටි? මෙන්න මෙහෙමයි…

“ඔන්න මමත් බයිස්කෝප් එකට ගේන පළමු සබ් එකත් එක්කම ඔයාල හමුවෙන්න ආව. Ian Fleming ගෙ පුතාව හැමෝම දන්නව නේද? අනිවා. කොහොම නොදැන ඉන්ඩද නේද? එයා එච්චරටම ලෝක ප්‍රසිද්ධයි නේ! නම තමා James Bond! මෙයා කොච්චරට දස්සයෙද්ද කියනවනම් ලෝකෙ සිද්ධ වෙන්ඩ යන මහා විනාශයන්ගෙන් බේරගන්ඩනම් මෙයාගෙ මැදිහත්වීම එකෙහෙළාම අවශ්‍යයි. එච්චරටම හපනෙක්. එයාගෙ දස්කම් ගැන ආයි මම කියන්ඩ ඕනෙ නෑ, අපේ කට්ටිය ඒ ගැන මටත් වඩා හොඳට දන්නවා. එයාගෙ අලුත්ම වීරවික්‍රමය ‍රැගත් චිත්‍රපටයත් බලන්ඩ ඇතිනේ… කොච්චර හපන්කම් කළත් දැන් මෙයාට අවුරුදු 50ක් වයසයි. ඒ කියන්නේ සිනමා මාධ්‍යයට ඇවිදින් වසර 50ක් වෙනවා…”

හෙහ්! හෙහ්! නිකම් නෙමෙයි; ආවෙ ලොව හොල්ලපු අඛණ්ඩ වීරයෙක්ගෙ අතින් අල්ලගෙන අපේ ළඟටම ගෙනැත් ඇරලමින්. එයාටත් දැන්නම් ඒ වීරයා අමතක වෙලා පාටයි  🙁  ඔහොම තමයි හරියනකොට  😉

Dominic Cooper as Ian Fleming

 හරි හරි! ඒවයින් කමක් නෑ. මේ කියන්ඩ සූදානම එයාගෙ තාත්තා ගැන; එහෙමත් නැතිනම් Ian Fleming ගැන. James Bond‘ට අම්මා කෙනෙක් නෑ, දෙන්නටම ඉන්නෙ මෙන්න මේ තාත්තා විතරයි එයාට. ඉතින් ඒ විදිහට අතිමානුසික හැකියාවන්ගෙන් තොර, පුහුණුවෙනුත්/ ශූරත්වයෙනුත්/ මොළයෙනුත් වැඩ පෙන්නන සුපිරි වීරයෙක් ලොවට දායාද කරන එක එතරම් ලෙහෙසි පහසු වැඩක් නොවෙයි. ඇරත් වසර 50ල් සිනමාව වැනි මාධ්‍යක් දිග්විජය කරන්නට තරම් ශක්තියක් තමන්ගේ නිර්මාණයට ලබා දෙන්නටනම් නිසැකවම නිර්මාණකරු අත්දැකීම් බහුල, උගත්-දැනුවත්, ශූර බුද්ධියක් ඇති අයෙකු විය යුතුමයි. Sherlock Holmes‘ගෙන් පසු; ලෝකයම නතු කරගන්නට හැකි වූ අතිශය සාර්ථකම රහස් පරීක්ෂකයා James Bond කිව්වත් වරදක් නෑ. එහෙමනම්, Arthur Conan Doyle වගේම සුපිරි හැකියාවක් දරන Ian Fleming නිසැකවම ඔහුගේ කාල්පනික පුත්‍රයා වන Bond‘ට වඩා දක්ෂයෙකු විය යුතුමයි.

නිසැකවම ඔහු එහෙමයි! හේතුව Bond‘ට උපත දෙන්නට වසර ගණනාවකට පෙර ඔහු හමුදා බුද්ධි නිලධාරියෙක්! නිකම්ම නෙමෙයි; II ලෝක යුධ සමයේ කූඨ ප්‍රධාන ඔත්තුකරුවන් ‍රැසක් හසුකරගැන්මට දායකවූ සහ කොමාන්ඩෝ ක්‍රියාන්විතයන් කිහිපයක්ම සාර්ථකව මෙහෙයවූ රාජකීය නාවික හමුදාවෙහි සේවයේ නියුතු උසස් නියෝජිතයෙක්. එනිසා තමන්ගේ ඒ දක්ෂතාවයනුත්, උපක්‍රමශීලීත්වයත්, අද්දැකීමුත් තමන්ගේ දරුවාට අඩු නැතිව හිමිකර දෙන්නට ඔහු උත්සුක වුණා. එහෙම නොවෙන්නට Bond තවත් එක ඔත්තුකරුවෙක්/ රහස්පරීක්ෂකයෙක් පමණයි.

First Ever Bond Novel

Fleming‘ගේ මේ සෘජු යුධ අද්දැකීම් වැදගත් විදිහට පෙනිලා තියෙන්නේ Bond’ට විතරක් නෙමෙයි. British broadcast Sky Atlantic රූපවාහිනී සමාගමටත් එහි ඇති වැදගත්කම වැටහිලා ඇති නිසා; ඔන්න ඔවුන් “Fleming” නමින් කෙටිමාලාවක් විකාශය කරන්නට සූදානම්! මෙහිදී අවධානයට නතු වෙන්නේ අනාගතයේ ලේඛකයෙක් වන්නට යන ඔහුගේ බුද්ධි අංශ දායකත්වය සහ ඔහුගේ ජීවිතයේ කතාව වෙනස් කළ ධනකුවේරවරියගේ හමුවීම සිදු වූ 1940 කාල සමයේ ලන්ඩන් පෙදෙස.

Ian Fleming

ඊගාව වැදගත්ම කාරණේ! කවුද Fleming වෙන්න යන්නේ? ඔහු මීට සාධාරණය ඉ‍ටු කරාවිද? ඒ ගැන අබ රොණක කුකුසක් එපා. Fleming‘ට ඉන්න නළුවත් සුපිරි නළුවෙක්! කවුරුත් නම කිවූ සැණින් දන්න Dominic Cooper තමයි Fleming බවට පත්වෙන්නට යන්නේ. ඔහු සමගින් Rupert Evens/ Lara Pulver(Da Vinci’s Demons)/ Camilla Rutherford යන අය ප්‍රධාන චරිතවලින් එකතුවනවා.

කියැවෙන විදිහට Sky Atlantic සේවය මේ හරහා Fleming නමැති Bond නිර්මාණකරු කෙරෙහි විතරක් නොවෙයි, සෘජුවම Bond කෙරෙහිත් ප්‍රේක්ෂකයින් දිනා දෙනු ඇති. හැබැයි එක දෙයක්! Bond‘ට පාර පෙන්නන්ඩ Fleming තම සියලු ශිල්ප යෙදුවත් කවදාවත් ඔහු Bond තරම් වීරවික්‍රමයන් කරලානම් නෑ…  🙂

Bond Creator with First Bond Actor

මේ වසර අගදී මෙම නිර්මාණය විකාශය ආරම්භ වන්නට නියමිත බවත් සඳහන් කළ යුතුමයි. ඉහතින් දක්වා ඇත්තේ එම රූපවාහිනී ටෙලිමාලාව ගැන නාලිකාව විසින් නිකුත් කළ ‘හැඳුනුම්පටය’. ඒක බලලා අපේ යාළුවෙක් සිංහල දෙනකොට මේක බලන්ඩ සූදානමින් ඉමු කියන එකයි මගේනම් යෝජනාව…  😀

Author

4 thoughts on “‘007’ හෙවත් ‘Bond’ට පණ දුන් මිනිසා…

  • නියමයි උදා මැක්සා ලිපිය..

    එවගේම සමීයෝ.. ඔන්න උඹේ සබත් එක්ක මෙක බලන්න

    අපි බලා ගෙන ඉන්නේ..

    දෙන්නටම ජය වේවා..

    Reply
  • lipiya hodai podi waraddak tiyenawa mama nam danna vidiyata sherlock homesta pasu lokaya wada dana siti rahas parikshakaya agatha christige Hercule Poirot

    Reply
  • හැබැයි මේක හොද එකක් නම් සිංහලෙන් බලන්න සූදානම් වෙලා ඉන්න.
    මම උපසිරැස දෙනවා.
    “හැදුනුම්පටය” මාරයි….

    Reply
  • වීරය අමතක වෙලා නැහැ. මට දැන් උපසිරැස කරන්නම බලලා වීරය එපා වෙලා.
    මේක මඩක් ගැහුවොත් මටමනේ.
    හැබැයි ලිපිය නම් පංකාදු පහයි හරිය.
    😀

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *