ටීවී කතා මාලාවගතුගසියල්ල

බයිස්කෝප් සිංහලෙන් 30 – Game of Thrones [S7E02 – Stormborn] | කුණාටුව මැද උපන් තැනැත්තිය.

කොහොමද කලින් කොටස? HBO වාර්තා බිඳ හෙළමින් වාර්තා තිබ්බා කියල තමා එහෙන් ලැබෙන ආරංචි. තරිඳු අයියා කිව්ව වගේ හොඳ ආරම්භයක් දුන්නා හැම චරිතෙකටම වගේ. එහෙනම් අදත් මම ඉල්ලනවා හැමෝගෙන්ම ලිපි ටික කියෝලා, වචනෙකින් හරි අදහසක් දක්වලා යන්න කියලා. එහෙනම් මුලින්ම කලින් කොටසේ සිදුවීම්ඒ වෙච්ච තැන් සිතියම එක්ක මතක් කර ගමු. අහ් අනික අද තරිඳු අයියගෙන් ලිපියක් ලැබුන් නෑ. 🙁 කෝ කට්ටියගෙ උනන්දුව ටිකක් මදි වගේ තාම.

විශාලනය කරගන්න රූපය මත ක්ලික් කරන්න.

ප්‍රාකාරය අසල. ( සිතියමේ අංක 01 )

ප්‍රාකාරය අසල පිවිසුමට බ්‍රෑන් ස්ටාක් හා මීරා රීඩ් එනවා. ඒ අතරතුර බ්‍රෑන් දකිනවා ධවල ඇවිදින්නන් සමඟ එන මළ හමුදාවට දැන් යෝධයන්ද එක්වී සිටින එක. එඩ් ප්‍රශ්න කිරීම් වලින් පස්සෙ ඔවුන්ව ඇතුළට ගන්නවා.

වින්ටර්ෆෙල් වල ( සිතියමේ අංක 02 )

සන්සාගේ හා තවත් බොහෝ දෙනෙක්ගේ විරෝධය පිට ජොන් විසින් කාස්ටාක් හා අම්බර් වංශ වල ඉඩම් වෙන වංශවලට පැවරීමට විරුද්ධ වෙනව. ඒ වෙනුවට දැන් එහි නායකයන් වල ළමුන්ව නැවත තම වංශයට යටත් කරගන්නවා. මේ අතර අවුරුදු 10-60 ත් වෙන හැමටම යුද පුහුණුව අනිවාර්යය කරනවා. ප්‍රාකාරයේ නැගෙනහිර කෙළවර මුහුදට වැටෙන බලකොටුවේ ආරක්ෂාව වනචාරීන්ට පවරනවා. එතෙන්ටම තමා පේන විදියට ධවල ඇවිදින්නන් පහර දෙන්න එන්නේ. මේ ගැන උකුසු ඇසෙන් බලන් ඉන්න බේලිෂ් ආපහු සන්සට විෂ පොවන්න හැදුවට බ්‍රියේන් එන හින්දා ඒක නවත්තගන්න වෙනවා. පසුව ඔවුන්ට සර්සි දන්වා එවනවා ජොන් පැමිණ ඇයට හිස නවා පක්ෂපාතීත්වය පෙන්විය යුතු බවත්, නොයෙසේනම් ඔහුට ද්‍රෝහීන්ට හිමි දඬුවම ලැබෙන බවත්. ජොන් වැඩියේ ඒ තර්ජනය ගණන් ගන්නෙ නෑ. මොකද ලැනිස්ටර් හමුදාව ශීත සටන් වලට හුරු නැති හින්දත්, ඔවුන් වින්ටර්ෆෙල් තරම් දුරක් තවම උතුරට ඇවිත් නැති හින්දත්. හැබැයි සන්ස නම් ලේසියෙන් අරින්න ලෑස්ති නෑ.

ට්වින්ස් වලදී ( සිතියමේ අංක 03 )

ආර්යා විසින් රත් වෙඩිමේ V 2.0 එක ක්‍රියාත්මක කළා දකින්න ඇතිනේ. ෆ්‍රේ වංශයේ හැමෝවම වස පොවල මරන්න ඇය සමත් වුණා. දැන් ඇය කිංග්ස් ලෑන්ඩින් බලා යනවා තම ලයිස්තුවේ ඊළඟ කෙනා වෙන සර්සිව මරන්න. ඒක එහෙම්ම වෙයිද කියලා බලමුකෝ ඉතින් නේද?

රිවලෑන්ඩ් වලදි ( සිතියමේ අංක 04 )

ඇත්තටම රිවලෑන්ඩ් කියන්නෙ එක තැනක් නෙවෙයි. ඒක සත් රාජධානියට අයත් එක් රාජධානියක්. ඔය මාළුවා ඉන්න ලා නිල් පාට කොටසේ කොතනක හරි ධජ නොමැති සහෝදරත්වයේ මියර් හී තෝරොස් හා ඩොන්ඩාරියන් එක්ක එකතු වෙලා උතුරට යන සැන්ඩෝර් ක්ලේගන් හෙවත් හවුන්ඩ් ඇතුළු පිරිස රෑට නවතින්න ගෙයක් අසලට යනවා. ඔයාලට මතක තියේ නම් ඒ හවුන්ඩ් හා ආර්යා ගියපු ගෙදරමයි. හවුන්ඩ් ඔවුන්ගේ වස්තුවත් කොල්ල කාගෙන තමා එහෙන් පිටවුණේ. කොහොමහරි එහෙදි හවුන්ඩ් ට ගින්දර තුළින් දකින්න ලැබුණා, ප්‍රාකාරයේ නැගෙනහිර පැත්තෙන් මුහුදට යාවෙන බලකොටුව හා එම දිශාවට එන මළවුන්ගේ හමුදාව.

කි‍ංග්ස් ලෑන්ඩින් ( සිතියමේ අංක 05 )

සර්සි හා ජේමි ඔවුන්ගේ මිත්‍ර පාර්ශව ගැන කතා කරනවා. ළඟ එන යුද්ධය ගැන ජේමි නම් එච්චර සතුටු බවක් පෙන්වන්නෙ නෑ. ඔවුන් දන්නවා ට්රියන් ඩැනේරිස්ට උපදේශන සපයන බව. කොහොමහරි සර්සි අයන් බෝන් හී නව නායක යුරෝන් වෙත පණිවිඩ යවනවා. ඔහු අලුතෙන් තැනූ නැව් දාහත් අරන් ඇයව බැහැ දකින්න එනවා. මුලින්ම ජේමි යූරෝන්ව කපනවා මේ කතාමාලාවෙ පටන් ගැන්මට කලින් වෙච්ච කැරැල්ල මතක් කරලා. ඊට පස්සෙ යූරෝන් ජේමිව කපනවා ඔහුගේ විවාහ යෝජනාව ඉදිරිපත් කළාට පස්සේ. සර්සි ඒකට බොරු අකමැත්තක් පෙන්නන හින්දා යූරෝන් යන්නෙ හිත දිනාගන්න තෑග්ගක් අරන් එනවා කියාගෙනයි.

ඩ්‍රැගන්ස්ටෝන් වල ( සිතියමේ අංක 06 )

කතා මාලා 6 ක්ම වෙස්ටරොස් වලින් පිට උන්න ඩැනේරිස් මෙන්න වෙස්ටරොස් වලට ගොඩ බහිනවා. ඇය මුලින්ම එන්නෙ ඇය උපත ලැබූ, හා ටගේරියන් වරු වෙස්ටරොස් ආක්‍රමණය කරලා එහෙ රජ වෙන්න කලින්, ඒ සියල්ල පටන් ගත්ත ඒගොන් හිටි බලකොටුවටමයි. ඒක තියෙන්නෙත් කිංග්ස් ලෑන්ඩින් කිට්ටුවමයි. ටගේරියන් වරුන්ගෙන් බලය උදුරල ගත්ත රොබට් ඒ බලකොටුව දුන්නෙ තම සහෝදර ස්ටැනිස්ටයි. ඔහු එය අත ඇරල දාල යුද්දෙට ගිය නිසා, එය තිබුණේ පාළුවට ගොසිනුයි.

ඕල්ඩ් ටවුන් හිදී ( සිතියමේ අංක 07 )

සෑම්ට මෙයිස්ටර් හෙවත් ආචාරිවරයෙක් වෙන එක එච්චර ලේසි නෑ වගේ. තාම ඔහු සේවක තත්වයේ ඉන්නෙ. පිස් පෝච්චි අදිමින්, පොත් එහා මෙහා ගෙනියමින්. කොහොමහරි ඔහු සමත් වෙනවා ආචාරීවරුන්ට පමණක් වෙන්වූ තහනම් පෙදෙසට හොරෙන් ගිහින් පොත් කීපයක් අරගන්න. එයින් ඔහු දැනගන්නවා දැන් ඩැනී ගොඩ බැහැපු ඩ්‍රැගන්ස්ටෝන් වල ඔහු හොයන මකර වීදූරු ඉල්ලමක් පොළව යට වැළලිලා තියෙන බව. ඒ බව ඔහු ජොන්ට දන්වා යවන්න තීරණය කරනවා. ඒ වගේම එහි නැවතිලා බේත් ගන්න ජෝරාවත් ඔහුට දකින්න ලැබෙනවා.

හරි එහෙනම් අද කොටස බලන්නකෝ. කතාව ගැන හිතෙන දේවල් අකුරු කරන්නත් අමතක කරන්න එපා. 🙂

කතාවේ නියම රස ගැනීමට කියවියම යුතු පසුබිම් විස්තර ලිපි.
01) අදාල භූමියේ සිතියම් සමඟ විස්තරය.
02) මේ වන තෙක් සම්පූර්ණ ඉතිහාස කතාව සරලව.
03) ඇදහීම් හා නයිට්වරු.
04) ප්‍රබල වංශවත් පවුල් – පළමු කොටස.
05) ප්‍රබල වංශවත් පවුල් – දෙවන කොටස.
06) ඓතිහාසික යුද්ධ හා කැරළි – පළමු කොටස.
07) ඓතිහාසික යුද්ධ හා කැරළි – දෙවන කොටස.
08) ඓතිහාසික යුද්ධ හා කැරළි – තෙවන කොටස.
09) රතු දෙවියන් සහ Azor Ahai (අසෝ(ර්) අහායි)
10) ඩෝන් වලට Prince තනතුර ආ හැටි
11) යූරොන් ග්‍රේජෝයි හා Faith Militant
12) Tower of Joy, ඩැනේරිස් ටාගේරියන් සහ දොතරාකි හමුදාව
13) තරිඳු සහෝගේ යූටියුබ් කුප්පි ටික.


සිංහල උපසිරසිය සහ මුල් ලිපිය සඳහා මෙතනින් මව් අඩවියට පිවිසෙන්න

Author

One thought on “බයිස්කෝප් සිංහලෙන් 30 – Game of Thrones [S7E02 – Stormborn] | කුණාටුව මැද උපන් තැනැත්තිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *