ට්‍රේලර්දැනුමටපුවත්වගතුගසියල්ල

2014 වසරේ වැඩියෙන්ම නැරඹූ පූර්ව ප්‍රචාරක පටය

මාත් හැමදාම බයිස්කෝප් එකට සබ් දෙන එකේ වෙනසකටත් එක්ක අද හිතුනා මංසලට ලිපියක් ලියන්න. පළවෙනි ලිපියෙන්ම අරගෙන ආවේ 2014 වසරේ වැඩිමදෙනෙක් නැරඹූ පූර්ව ප්‍රචාරකපටය ගැන විස්තරයි.

මේ වසරේ මෙතෙක්වැඩිම ප්‍රමානයක් තරඹා ඇති පූර්ව ප්‍රචාරකපටය බවට වාර්තා වන්නේ “ෆිෆ්ටි ශේඩ්ස් ඔෆ් ග්‍රේ” චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටයයි.  මෙය නිකුත් වී සතියක් තුළ යූටියුබ් වෙබ් අඩවිය හරහා මිලියන 36 වතාවක් නරඹා ඇත.

මීට පෙර එම වාර්තාවට හිමිකම් කියූවේ “ටීනේජ් මියුටන්ට් නින්ජා ටර්ටල්ස්” චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටයයි. එය නරඹා තිබූ වාරගනන මිලියන 31 වෙයි.

ඊ.එල් ජේම්ස් විසින් රචිත “ෆිෆ්ටි ශේඩ්ස් ඔෆ් ග්‍රේ”ග්‍රන්තය ඇසුරින් මෙම චිත්‍රපටය නිර්මානය වී තිබෙි. එමෙන්ම එම ග්‍රන්තය ලොව පුරා පිටපත් මිලියන 100ක් පමණ අලෙවි වූ අතර එය භාෂා 52කට පරිවර්තනය වී තිබේ.

fifty-shades-grey

 

සෑම් ටේලර් ජොන්සන් විසින් අධ්‍යක්ෂිත, ජේමි ඩෝනන් සහ ඩකෝටා ජොන්සන් රඟන මෙම චිත්‍රපටය ලබන වසරේ පෙම්වතුන්ගේ දිනයේදී ප්‍රදර්ශනය ඇරඹීමට නියමිතය.

Author

3 thoughts on “2014 වසරේ වැඩියෙන්ම නැරඹූ පූර්ව ප්‍රචාරක පටය

  • digatama wade karagena yanna jaya..api hemadamath baiskope ekka

    Reply
  • ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍ලි‍පි ‍දෙ‍මු ‍අ‍යි‍යේ…
    ‍මේ ‍ෆිල්‍ම්‍ ‍එ‍ක, ‍ගො‍ඩාක්‍ ‍බ‍ලා‍පො‍රොත්‍‍තු ‍ති‍යන්‍ ‍ඉන්‍‍න ‍එ‍කක්‍ ‍ව‍ගේ…
    ‍ආ‍පු‍වා‍ම ‍බ‍ල‍මු‍කෝ…
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!

    Reply
  • පලමු ලිපියට සුභ පැතුම් සහෝ. සාදරයෙන් මංසලට පිළිගන්නවා. දිගටම ලිපි දෙමු.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *