සිංහල උපසිරසසියල්ලහින්දි

A Flying Jatt (2016) – පියාඹන පන්ජාබ් කාරයා පුර්ව ප්‍රචාරක පටය

ඔන්න ඉතින් බයිස්කෝප් එකට සබ් දෙන ගමන් පලවෙනි වතාවට මන්සලට ලිපියක් ලියන්න හිතුනා. මොකද මේ ෆිලුම මම එකනම් බලන් හිටිය එකක්. ඉතින් අගෝස්තු විසි පහ එන්න තියන මේක ගැන පොඩි විස්තරයක් කියන්න තමා හදන්නේ. කතාවේ හැටියට පියාඹන පන්ජාබ් කාරයා විදියට රඟපාන්නේ අපි කවුරුත් දන්නා ජැකී ෂෝරෆ් ගේ පුතා, ටයිගර් ෂෝරෆ්. අසාමාන්‍ය බලයක් තියන ඒත් සරල ජිවිතයක් ගතකරන කොල්ලෙක් ගේ චරිතය තමා එයාට තියෙන්නේ. ඉතින් පිස්සු කෙලින සෙල්ලක්කාර චරිතයක් තියන මෙයා ටිකෙන් ටික ලෝකේ බේර ගන්න වීරයෙක් වෙන එක තමා කතාව. එයාගේ කෙල්ල විදියට ජැකලින් ෆර්ඩිනන්ඩස් රඟපානවා වගේම මේකේ දුෂ්ටයා වන රාකා කියන චරිතයට රඟපාන්නේ Mad Max: Fury Road 2015 චිත්‍රපටියේ රික්ටස් විදියට රඟපාපු නේතන් ජෝන්ස්. තව ආශිකී චිත්‍රපටියේ ඔයාලට හමුවුන ශ්‍රද්දා කපුර් ගරු රඟපෑමක යෙදෙනවා මේකේ. ඔයාලට ABCD කියන හින්දි චිත්‍රපට නිර්මාණය කරපු රෙමෝ ඩි සුසා තමා මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. ක්‍රියාදාම සහ කොමඩි ගණයට අයිතිවෙන මේ චිත්‍රපටය පරිඝනක සජීවීකරන තාක්ෂනය උපරිමේ බාවිතා කරලා නිර්මාණය කරලා තියනවා. මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ Dirty Picture, Ek Villain , Great Grand Masti  වැනි චිත්‍රපට නිෂ්පාදනය කරපු බාලාජි මෝෂන් පික්චර්ස් ආයතනය.Download-A-Flying-Jatt-Full-Movie

ඇත්තටම හොලිවුඩ් සිනමාවේ සුපිරි වීරයෝ ගොඩක් හිටියට බොලිවුඩ් සිනමාවේ එච්චර නැ. මිස්ටර් ඉන්ඩියා තමා පලවෙනි කෙනා. පස්සේ ක්‍රිශ් ආවා.ඊළඟට ජි වන් ( Ra one කියන චිත්‍රපටයේ ශාරුක් ගේ චරිතය ). ඉතින් ඉන්දියානු සිනමාවේ හතරවන සුපිරි වීරයා තමා මේ ෆ්ලයින් ජට් නොහොත් පියාඹන පන්ජාබ් කාරයා. Robot චිත්‍රපටයේ චිට්ටි ඉතින් දුෂ්ටයා නේ. මේ චිත්‍රපටයේ කතාව වත් මේකේ නිෂ්පාදකවරු තවම හෙළිදරව් කරලා නැ. පුර්ව ප්‍රචාරක පටය (ට්‍රේලර් එක) සහ මේකේ තියන සින්දු තුනක් විතරක් එළිදක්වලා තියනවා. ඔයාලට මේකේ තියන ඒක සින්දුවක මේ පියාඹන පන්ජාබ් කාරයාට ඇමරිකාවේ ඔක්කොම සුපිරි වීරයෝ හමුවෙන තැනක් දකින්න පුළුවන්. ඒත් ඉතින් විනෝදාත්මක විදියට තමා ඒක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් තාම පුර්ව ප්‍රචාරක පටයටවත් ඉංග්‍රීසි උපසිරසි අන්තර්ජාලයේ නැති  උනත් බයිස්කෝප් එකේ ඔයාලට පලවෙනි වතාවට මෙම චිත්‍රපටයේ ට්‍රේලර් එක  සිංහල උපසිරසි සහිතව බලන්න අවස්ථාව ඔන්න තියනවා

Author

6 thoughts on “A Flying Jatt (2016) – පියාඹන පන්ජාබ් කාරයා පුර්ව ප්‍රචාරක පටය

  • Macho apita ikmanata sub eka diyanko….

    Reply
  • Macho Sub Eka Ikmanatama Dapan

    Reply
  • mewage film awilat iwaraii, oyala tawama trailer danawa

    Reply
  • ko machan sub eka?

    Reply
  • Sinhala subtitle dennako.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *