ට්‍රේලර්වගතුගවීඩියෝසියල්ල

All Is Well (2015) හැමදේම හොඳින්ද බලන්නකෝ

කොහොමද යාලුවනේ ඔන්න මම නැවතත් වරක් මංසල වෙත ගොඩවෙන්නේ තවත් බයිස්කෝප් එකක් ගැන ඔයාලට තොරතුරු අරගෙන.
චිත්‍රපටිය තමයි All Is Well. කස්ටිය දන්නවත් ඇති මේක ගැන නම්.
unnamedඅභිෂේක් බච්චන් සහ අසීන් තමයි මේකේ ප්‍රධාන චරිත වලට දායක වෙන්නේ.
unnamed (1)මේ දෙන්නා එකට රඟපෑ චිත්‍රපටියක් ලෙසින් අන්තිමට දක්නට ලැබුනේ අපිට “බෝල් බච්චන්” චිත්‍රපටිය.
unnamed (2)කවුරුත් දන්නවනේ “අසීන්” දෙමල සිනමාවෙන් බොලිවුඩ් වෙතට පැමිණි දක්ෂ රංගන ශිල්පිනියක් කියලා. වසර කීපයක නිහැඬියාවකින් පසුව තමයි අසීන් මේ චිත්‍රපටිය හරහා නැවත කරලියට එන්නේ.
unnamed (3)මේ චිත්‍රපටියෙන් පස්සෙත් පොඩ්ඩක් නිවාඩු ගන්නවා කියලත් පොඩි ආරංචියක් තියෙනවා. මොකද මෙයා විවාහ වෙන්නලු ලෑස්තිය. (මාර කේස් එක :P)
unnamed (5)හරි හරි අසීන් ගැන කතාව පැත්තකින් තියලා යමු චිත්‍රපටිය දිහාවට.

අභිෂේක්, අසීන් සමග රිශී කපූර්, සුප්‍රියා පතක් මේ සඳහා සහය රංගනයේ නිරත වෙනවා.
unnamed (6)චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ තවත් දක්ෂ බොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්‍ෂකවරයෙක් වන උමේෂ් ශුක්ලා විසින්. මීට පෙර මෙයා අධ්‍යක්ෂණය කරපු O My God චිත්‍රපටිය එහෙම ඔයාලා බලලා ඇතිනේ. ලස්සන සිංදු කීපයකින් යුක්ත මේ චිත්‍රපටිය අගෝස්තු  21 දින නිකුත් වීමට නියමිතයි.
unnamed (7)ඉතින් සුපුරුදු පරිදි සිංහල උපසිරැසි සමගින් පූර්ව ප්‍රචාරක පටය ඔබ වෙත ගෙනැල්ලා තියෙනවා. ඒකත් බලාගෙන යන්න කියන අතරේ.. ආයෙත් හමුවන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා. ජයෙන් ජය..!!

Author

One thought on “All Is Well (2015) හැමදේම හොඳින්ද බලන්නකෝ

  • ලිපියට තුති තාරක මලේ

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *