ට්‍රේලර්පුවත්වගතුගසියල්ල

American Sniper (මාරක ඉලක්කය |8.3 IMDb|) ලගදීම…

ඉතින් කොහොමද කට්ටියට…  අද මම අරන් ආවේ December මාසෙ නිකුත් වෙන්න තියෙන සලරුවක් අරගෙන. මම හිතන්නේ වැඩි පිරිසක් ගොඩක් කැමැති Sniper සලරූ වලට.මාත් එහෙම තමා.ඉතින් ඒ අයට නම් මේක ගොඩක් සුබ ආරංචියක් වෙයි.අද මම කියන්න යන්නේ American Sniper සලරුව ගැන.

americansniper-ss

මේ සලරුව Direct කරන්නෙ Clint Eastwood .තිරචනයයෙන් සහය වෙන්නේ  Jason Dean Hall. මේ සලරුවට පාදක කරගෙන තියෙන්නේ  Chris Kyle ගෙ චරිතාපදානය එනම්  American Sniperමේ සලරුවේ Chris Kyle ගෙ චරිතයට පන පොවන්නේ අපි කවුරුත් දන්න  Bradley Cooper(The A Team සලරුව මතක ඇතිනෙ).එ වගේම සෙසු චරිත සදහා  Sienna MillerLuke GrimesKyle GallnerSam JaegerJake McDorman,Cory Hardrict යන පිරිස තමා දායක වෙන්නෙ.

20141003_AmericanSniper1

මෙම සලරුවේ කතාව පැත්තට හැරුනොත් එ කියන්නේ ඇත්තටම Chris Kyle ගෙ ජීවිත කතාවට. Chris Kyle කියන්නේ ඇමෙරිකානු යුද ඉතිහාසයේ හිටපු මාරකම වෙඩි තබන්න කිවුවොත් හරි.එ කියන්නේ එ තරමට මොහු දක්ෂයෙක්.ඔහු U.S Navy SEAL අංශයේ සේවය කරන අතර තුරදි ඔහුගේ සහෝදර සෙබළුන් සමග ඔහුව ඉරාකයේ ඇති මෙහෙයුමකට පිටත් කර යවා තිබෙනවා.ඔහුගේ එකම කාර්යය වෙලා තිබුනේ මෙහෙයුමට සම්බන්ද වෙලා ඉන්න ඔහුගේ සහෝදරයින්ට ආරක්ෂාව සපයන එක.මෙම මෙහෙයුමේදී ඔහුගේ ඉතා සියුම් නිවැරදි ඉලක්කය නිසා ගණන් කරන්න බැරි තරම් ජීවිත ගණනක් මොහු බේරාදී තිබෙනවා. මොහුගේ මේ දක්ෂතා නිසා මොහුගේ Nickname එක වෙලා තියෙන්නේ “ Legend “ කියන නම.මේ සලරුවෙන් දිග හැරෙන්නේ Chris Kyle ගෙ අත්දැකීම් කිවුවොත් මම නිවැරදි.

america-sniper-chris-kyle

Cap එකක් දාගෙන ඉන්නේ Chris Kyle තමා.

chris-kyle-book

මේ සලරුවේ මංගල දර්ශනය තිබිල තියෙන්නෙ 2014 November 11 .එ වගේම 8.3 IMDb අගයකුත් මේ සලරුවට ලැබිල තියෙනවා. එ නිසා මේ සලරුව ගොඩක් හොද තත්වයේ ඇති කියල බය නැතුව කියන්න පුළුවන්. මේ සලරුව නිකුත් කරන්න නියමිතව තියෙන්නේ 2014 December 25 කියල තමා දැනගන්න ලැබුනේ.

kyle-620x415

 එත් මට මේකේ Traile බලුවටනම් ලොකු දෙයක් හිතාගන්න බැරි උනා මොකද Traile එකට අඩංගු වෙලා තිබුනේ මේ සලරුවේ පොඩි කොටසක් පමණයි.ඔයාලත් Traile බලලම තීරණේ කරන්නකෝ.. මේ සලරුව සුපිරි Sniper කෙනෙක්ගේ සත්‍ය කතාවක් නිසා බලන්න වටිනවා.

AmericanSniper_trailer

එහෙනම් තවත් post එකකින් මුණ ගැහෙනකම් ගිහින් එන්නම් හැමෝටම ජය වේවා….!

Author

4 thoughts on “American Sniper (මාරක ඉලක්කය |8.3 IMDb|) ලගදීම…

  • මම මේ film 1 download කලා. ඒකෙ තියෙන්නේ .rar එකක් password දාපු.
    කව්රුහරි දන්නවද ඒ වගේ එකක් unlock කරන විදිය?

    Reply
  • thanks lot digatama lipi demu

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *