Ant-Man Sequel Officially Announced By Marvel Studios – දෙවන වරටත් කුහුඹු මිනිසාට අවස්ථාව ලැබේ!
ඈන්ට් මෑන් (2015) ලද සාර්ථකත්වය නිසා මාර්වල් ස්ටුඩියෝ ව එහි දෙවැන්න මේ වන විට නිල වශයෙන්ම තහවුරු කරනු ලැබුවා. ඒ අනුව මෙය 2018 ජූලි 06 තිරගත වනු ඇත. දැනට මෙහි නිල නාමය වන්නේAnt-Man and The Wasp ය. මාර්වල් සමාගමේ පළමු කාන්තා සුපර්හීරෝ සිනමාපටය වන්නට තිබෙන Captain Marvel මේ නිසා 2019 මාර්තු 08 දක්වා පස්සට යවා තිබෙනවා. එමෙන්ම බ්ලැක් පැන්තර් සිනමාපටය 2018 පෙබරවාරි 16 දක්වා ඉදිරියට ගෙනවිත් තිබෙනවා.
ඈන්ට් මෑන් වන ස්කොට් ලෑන්ග් සමඟ Hope van Dyne මෙවර තවත් චරිතයකින් එක්වෙනවා. ඒ තවත් සුපිරි වීර චරිතයක් වන Wasp ලෙසයි.