Ant Man Trailer 02 – Prelude
අපි කතා කරන සමහර දේවල් හින්දා ෆිල්ම් එක බලන කොට ඒ සම්පුර්ණ රසයම විඳ ගන්න බැරි වෙන්න පුළුවන්. ඒ හින්දා අකමැති අය මේ ලිපිය කියවන්නේ නැතුව හිටියා නම් තමයි හොඳ. මීට කලින් ඈන්ට් මෑන් ටීසර් ට්‍රේලර් එක ගැන අපි පෝස්ට් එකක් දැම්මා. මේ ලිපිය කියවන්න කලින් ඒ ට්‍රේලර් බ්‍රේක් ඩවුන් එකයි, පලවෙනි ඈන්ට් මෑන් හෑන්ක් පිම් ගැනයි අපි කතා කරපු ලිපි දෙක කියවලා ඉන්න එක වැදගත් වෙනවා.
ඈන්ට් මෑන් ටීසර් ට්‍රේලර් බ්‍රේක් ඩවුන් –
https://www.facebook.com/
මුලින්ම මාර්වල් ස්ටුඩියෝ තීරණය කරලා තිබ්බේ සිනෙමැටික් යුනිවර්ස් එකේ දෙවෙනි අදියර ඒජ් ඔෆ් අල්ටෝන් ෆිල්ම් එකෙන් ඉවර කරලා තෙවෙනි අදියර ඈන්ට් මෑන් එකෙන් පටන් ගන්න. ඒත් දැන් ක්‍රියාත්මක වෙන විදිහට දෙවෙනි අදියර ඉවර වෙන්නේ ඈන්ට් මෑන් ෆිල්ම් එකෙන්. ඇත්තම කියනවා නම් මාවල් සිනෙමැටික් යුනිවර්ස් එකේ විශාලත්වය ගොඩක් අයට තේරුනේ ඇවෙන්ජර් පලවෙනි ෆිල්ම් එක විකාශය වෙද්දී. පලවෙනි අදියර ක් කියලා දෙයක් ගැන කාටවත් ලොකු අදහසක් තිබ්බේ නෑ. එයාලගේ දෙවෙනි අදියර තමයි ගොඩක් කට්ටිය ගේ අවධානය දිනා ගත්තේ. ඒ හින්දා මාවල් ලාට ඕන කරලා තියනවා දෙවෙනි අදියර හරියට නිමා කරලා තෙවෙනි අදියරට පිවිසෙන්න. ඒජ් ඔෆ් අල්ටෝන් වගේ ක්‍රියාදාම අතින් ඉහලම එකක් ඇතුලේ ඒ ක්‍රියාව ඉෂ්ට කරන්න අමාරුයි. ඒ හින්දා තමයි ඒ අය ඈන්ට් මෑන් ෆිල්ම් එක ඇතුලේ මේ සමාප්තිය කතා කරන්න ඉන්නේ.
ඒ කාරණය හින්දා මාවල් සිනෙමැටික් යුනිවර්ස් එක ඇතුලේ දී මේ දක්වා අඩු පාඩු මකා දැමීම සිද්ද වෙන්න ඉඩ තියෙන්නේ ඈන්ට් මෑන් ෆිල්ම් එක ඇතුලේ. ඒ හින්දා ඒජ් ඔෆ් අල්ට්‍රෝන් වගේ දැවැන්තයෙක් තිරගත වෙලා මාස තුනකින් වගේ තිරගත වෙන ඈන්ට් මෑන් ෆිල්ම් එකට සිනෙමැටික් යුනිවර්ස් එකේ සුවිශේෂී කාර්යය භාරයක් හිමිවෙලා තියනවා. ඒ නැතත් ඈන්ට් මෑන් ෆිල්ම් එක කියන්නේ සිනෙමැටික් යුනිවර්ස් එක ඇතුලේ කාරණා කතා කරන ගමන් ම වෙනම කතාවක් අන්තර් ගත ෆිල්ම් එකක්. ඒ හින්දා සිනෙමැටික් යුනිවර්ස් එක ගැන අවධානයක් යොමු කරපු නැති කෙනෙකුට හරි මේ ෆිල්ම් එක රස විදින්න පුළුවන්. ඒ හින්දා සමස්ත සිනමා රසිකයන් ගත්තාම (වැරදිලාවත් කොමික් පිස්සෝ කියන කුලකය නෙවේ) ඈන්ට් මෑන් ෆිල්ම් එක ඒජ් ඔෆ් අල්ට්‍රෝන් පරද්දලා ඉස්සරහට යන්න ඉඩ තියනවා කියලා මතයක් තියනවා. හැබයි අපි තාම මේ ගැන කතා කරන්න ඉක්මන් වැඩි. මොකද තව මාස දෙක තුනකින් අපිට මේ ගැන දැනගන්න පුළුවන් නේ.
ගොඩක් අය කියනවා මේ ෆිල්ම් එකට ඈන්ට් මෑන් නම ට වඩා සිත් ඇදගන්නා නමක් දෙන්න තිබ්බා කියලා. ඒත් මගේ පුද්ගලික මතය නම් නම නෙවේ වැදගත් වෙන්නේ, ෆිල්ම් එක ඇතුලේ කතා කරන කාරණය. ඒ හින්දා ඒකට ලොකු අවධානයක් දෙන එක තේරුමක් නැති වැඩක්.
මුලින්ම මේ කාරනා ටික කතා කෙරුවේ ට්‍රේලර් එක ගැන කතා කරන්න කලින් මේ දේවල් ගැන කතා කරන එක වැදගත් හින්දා. අපි හැමෝම දන්නවා නේ මේ වෙද්දී ඈන්ට් මෑන් ට ඉන්නේ ඩොක්ටර් හෑන්ක් පිම් නෙවේ ස්කොට් ලෑන්ග් කියලා. මාවල් යුනිවර්ස් එකේ බුද්ධිමත්ම පුද්ගලයන් කිහිප දෙනෙක් අතර ඉන්න හෑන්ක් පිම් ට සිනෙ මැටික් යුනිවර්ස් එක ඇතුලේ එයාගේ තැන හම්බෙලා නෑ. ඊටත් වඩා එයා කරපු සුවිශේම නිර්මාණය අල්ට්‍රෝන් සිනෙමැටික් යුනිවර්ස් එකේ දී හදන්නේ ටෝනි ස්ටාක්. කොමික් වලදි ටෝනි කියන්නේ බුද්ධිමතෙක් උනත් එයා මිස්ටර් ෆැන්ටාස්ටික්, ආර්නෝ ස්ටාක්, හෑන්ක් පිම් වගේ අයත් එක්ක සංසන්දය කරන්න ගන්නේ වත් නෑ. ඒත් ඇවෙන්ජර් නිෂ්පාදක Joss Whedon එක හෙලාම විරුද්ද වෙලා තියනවා සිනෙමැටික් යුනිවර්ස් එකට හෑන්ක් පිම් සහ අල්ට්‍රෝන් අතර සම්බන්ධය ඇතුල් කරන්න. මොකද ඇවෙන්ජර් ෆිල්ම් ඇතුලේ උත්ප්‍රාසය වැඩි කරන්න එයාට ඕන උනා ඇවෙන්ජර් ලා අතරින්ම ඇතිවෙන විනාශයක් ගැන කතා කරන්න. අනික සිවිල් වෝර් කතා මාලාව පාදක කරගෙන යන සිනෙමැටික් යුනිවර්ස් එක ඇතුලේ ටෝනි ස්ටාක් ට වැදගත් දෙයක් කරන්න තියනවා. ඒ හින්දාම ටෝනි ට මේ ගෞරවය (හෝ වැරද්ද) ලබා දුන්නා වෙන්න පුළුවන්.
එතකොට සිනෙමැටික් යුනිවර්ස් එක ඇතුලේ දී හෑන්ක් පිම් කියන්නේ සාමන්‍ය කෙනෙක් විතරම ද? මාවල් සිනෙමැටික් යුනිවර්ස් එක ඇතුලේ දී මේ ගැන අපිට පොඩි පැහැදිලි කිරීමක් කරනවා. ඒ ෆිල්ම් එකක් ඇතුලේ දී නම් නෙවේ. ඈන්ට් මෑන් ෆිල්ම් එකට පෙරවදනක් විදිහට නිකුත් වුනු Marvel’s Ant-Man Prelude කියන වෙළුම් දෙකකින් සමන්විත කොමික් ප්‍රකාශනයත් එක්ක. මේකේ දී අපිට හෑන්ක් පිම් ගේ හැකියාවන් වගේම හොවාර්ඩ් ස්ටාර්ක් සහ පෙගී කාටර් දෙන්නවත් දැක ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඈන්ට් මෑන් ෆිල්ම් එක ඇතුලේ දීම අපිට මේ ගැන වැඩි විස්තර දැක ගන්න පුළුවන්.
ඈන්ට් මෑන් ට්‍රේලර් එකේ බ්‍රේක් ඩවුන් එක ඉක්මනටම පල කරනවා. එතකල් මේ කාරණා ටික ඔලුවේ තියාගෙන ඉන්න එක ගොඩක් වැදගත්.