පුවත්වීඩියෝසියල්ල

Arnie සහ Sly දෙන්නගේ පැන යන සැලසුම…

Sly‘යි Arnie‘යි දෙන්නා එකට රඟපානවා මෑතක දෙවතාවක්ම අපි දු‍ටුවා නෙ රිදී තිරයෙන්. ඔන්න තව වතාවක් දෙන්නම එකට දැකගන්න ඉඩක් ලැබෙනවා මේ අවුරුද්දෙත්! මේ දෙන්නා මෙහෙම වැඩ දැම්මට දැන් වයසත් ලේසි නෑ… Sly – 67 යි! Arnie – 65 යි! මේ පාරත් වයස අමතක කරලා මේ සුපිරි ඩබල ගහන ගේමක් බලන්ඩ අපටත් ඉඩ ලැබෙයි. ඒකෙ වග අපේ සබ්කාරයො ටික බලාගනියි 😉

මතක නැති වෙන්ඩ බෑ නෙ, The Expendables(2010) සහ (2012) දෙක! ඒ දෙවතාවෙම දෙන්නම ආවෙ, තනි මිනිහෙකුට උස්සන්ඩ බැරි මහ බරසාර ආයුධ/ හැඩි දැඩි වැඩකාරයෝ සහ අමුතු අමුතු වාහනත් අරගෙනනෙ. හැබැයි මේ පාර ඒ එකක්වත් නෑ. ඇයි ඒ? ඇයි කියන්නෙ මේ පාර දෙන්නම හිරේනෙ! හිරේ කිව්වට මේක එසේ මෙසේ හිරයක් නෙමෙයි. සුපිරි හිරයක්. ලෝකෙ තියෙන හොඳම හිර ගේ! මේ වතාවෙ වැඩ පෙන්නන්නට වෙන්නේ මොළෙන්!

මේක Summit Entertainment නිෂ්පාදනයක්. මේ පාර කොමික්-කොන් උළෙලෙදී මෙහි පළමු එළිදැක්වීම සිදු කරන්නටයි Sly, Arnie සහ Summit Entertainment‘හි සූදානම. මෙය 2013 ඔක්තෝබර් 18 වන්දා සිට ඇමෙරිකාව තුළ තිරගතවීම ආරම්භ වෙනවා. (ඊට කලින් ආපු ඕන්න ඔය පෙරපටයත් නරඹලා පොඩි කුතුහලයකුත් හදා වඩා ගෙන ඉමුකෝ එහෙනම් කල් තියාම. නැද්ද? 😛 )

මෙන්න මේ විදිහෙ කතාවකුයි මේකේ අඩංගු වෙන්නේ;

“ලෝකයේ ව්‍යූහ සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් සිටින හොඳම විශේෂඥයා(Sly) තමන්ගෙ අවසානම කටයුත්ත හැටියට භාරගන්නෙ කිසිසේත්ම පැන යා නොහැකි වන පරිදි රහස්‍ය සිර ගෙයක් සැලසුම් කිරීම. ඒක එසේ මෙසේසිර ගෙයක් නොවෙයි. ඇතුළට ගියොත් ගියාමයි ආයෙ පිටවීමක් නෑ. මැරිලාවත් එළියට ඒමක් නෑ. නිකම්යෑ ඉතින් ඒකට The Tomb කියලා නම දාලා තියෙන්නේ! නමුත් ඔහුව කුමන හෝ ක්‍රමයකින් කවුරුන් හෝ විසින් මේ තුළම සිර ගත කරලා. තමන්ගේම නිර්මාණය දැන් ඔහුටම සිරගෙයක් බවට පත්වෙලා. කවුරුන්? කෙසේ? කුමකට? කළාද දන්නේ නැ. ඒක සොයාගන්නට වුණත් මේ හිර ගෙයින් පැනයන එක අත්‍යවශ්‍යයි. ඉතින් තවත් සගයෙකුත් සූදානම් කරගෙන ඔහුගේ උත්සාහය කිසිසේත් විශ්වාසය තැබිය නොහැකි සැලසුමකට අනුව මින් පැනයන්නටයි.”

Author

4 thoughts on “Arnie සහ Sly දෙන්නගේ පැන යන සැලසුම…

  • hai………………………………………………

    Reply
  • supiriiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii

    Reply
  • ela ela sahoooooo. mamath me wage films walata kamathi. iwara wenakam kuthuhalayane mona wewida ilagata kiyala. jayawewa. ikmaninma mekata sub denna labewa kiyala prarthana karanawa.

    Reply
  • නියමයි උදා..
    මේක එනකම් නිකං ඉවසිල්ලක් නැ වගේ

    නියම ලිපිය..

    ජය වේවා!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *