පුවත්වගතුගසියල්ල Avatar 2 Director James Cameron Confirms Release and Shooting Date Read | දෙවැන්නට දින නියම කරයි December 24, 2015December 24, 2015 චාමර සම්පත් 1620 Views 2 Comments 3D එහෙමත් නැත්තම් ත්‍රිමාණ සජිවිකරණය යන නාමයට පමණක්ම නොව ඊටත් වඩා වැඩි යමකට ලගා වූ මෙතෙක් නිෂ්පාදනය වූ එකම චිත්‍රපටය AVATAR 2009 කියලා නම් කරන්න පුළුවන්. ආයේ ඒකෙ කිසිම සැකයක් නැහැ එවැනි සුපිරි ඝනයේ චිත්‍රපට අධ්‍යක්ෂණය පිටුපස ඉන්නෙත් සිනාමව තුළ විශේෂ වෙනසක් සිදු කල සුපිරි නිර්මාණකරුවන්ම තමයි. 1954 අගෝස්තු 16 වැනිදා කැනඩාවේ ඔන්ටෙරියෝ උපත ලැබූ ජේම්ස් කැමරන් නැවතත් 1971 වර්ෂයේදී ඇමරිකාව වෙත ඔවුන්ගේ පදිංචිය වෙනස් කරනු ලැබුවා. භෞතික විද්‍යාව හා ඉංග්‍රීසි විෂයන් කැලිෆෝනියා ජනපදයේ විශ්වවිද්‍යාලයක අධ්‍යාපන කටයුතු හදාරනු ලැබුවා. අවුරුදු 20ට පසු ඔහු විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු නිම කෙරුවත් ඔහුගේ ආශාව වූයේ චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු වීමටය. නමුත් ඔහුගේ මුල්ම රැකියාව වූයේ බස් රියදුරෙකුය. එක්තරා රාත්‍රියක ඔහු චිත්‍රපට පිටපතක් නිර්මාණය කලා. ඔහු චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු වශයෙන් දායක වූ පලමු චිත්‍රපටය වූයේ Piranha 2. මින් පසුව වෙනත් දිනයක ඔහුට රොබෝවරුන්ගේ අනාගතය ගැන ඉතා නරක දැක්මක් ඇතිවුනා. එතනින් පසුව ඔහු තවත් චිත්‍රපට පිටපතක් නිර්මාණය කළා. එය නමින් Terminator. මෙම චිත්‍රපටයේ අතිසාර්ථකත්වයෙන් පසුව ඔහුව මුළු ලෝකය පුරාම ඉතා විශාල වශයෙන් ප්‍රසිද්ධ වීමට පටන් ගත්තා. 1986 දී ඔහු නැවත චිත්‍රපටයක් නිර්මාණය කලා එය නමින් Aliens. පසුව 1991දී Terminator 2 හා 1997 දී මුළු ලොවම වසග කර ගැනීමට සමත් වූ Titanic චිත්‍රපටය එළිදැක්වූවා.ජේම්ස් කිමිදෙන්න කැමති පුද්ගලයෙක් මේ නිසා ඔහු Titanic චිත්‍රපටය නිර්මාණය කරන කාලය තුළදී, ඔහු දෙවතාවක්ම මේ ටයිටැනික් නැවට ගොඩවැදිලා තියෙනවා. මේ ටයිටැනික් චිත්‍රපටය සදහා ඇමරිකානු ඩොලර් බිලියන දෙකක් උපයගැනිම්ට සමත් වෙලා තියෙනවා. ඒවගේම ඔස්කාර් සම්මාන එකොළහකට හිම්කම් කියා තියෙනවා. 2009දී සුපිරි ත්‍රිමාණ සජිවිකරණයේ නැවුම් ආශ්වාදය Avatar එළිදැක්වූවා. සම්මාන උළෙලවල් වලදී මේ දැවැන්ත චිත්‍රපටය සම්මාන 72 ක් දිනාගත් අතර තවත් 148 නාමයෝජනා පමණක් ලබාගෙන තියෙනවා. මේ චිත්‍රපට අධ්‍යක්ෂණයෙන් පසුව Linda Hamilton එහෙමත් නැත්තම් ටර්මිනේටර් චිත්‍රපට සමුහයේ රංගනයෙනට පණ පෙවූ Sarah Connor 1997 දී ජේම්ස්ගේ හතරවෙනි භාර්යාව බවට පත්වූවා. එයාලට දියණියක්ද සිටියා. නමුත් ඔවුන් නැවත 1999 දී දික්කසාද වුවා. අවුරුද්දකට පසුව ජේම්ස් නැවත ටයිටැනික් චිත්‍රපටයේ රගපෑ Suzy Amis ව විවාහ කරගනු ලැබුවා. පසුව ඔවුන් දෙපලට දියණියන් දෙදෙනෙක් හා පිරිමි දරුවෙකු ලැබිය.. මේ වනවිට Star Wars: The Force Awakens නමැති අති දැවැන්ත සිනමාපටයක් තිරගතවීම ආරම්භ වී තියෙනවා. එය මේ වන විටත් බොක්ස් ඔෆිස් වාර්තා අතර ඇමරිකානු ඩොලර් මිලියන 610.8ඉක්මවා තියෙනවා. නමුත් ඔයාලා දන්නවද මේ Star Wars සිනමාපෙලේ අටවැන්න සදහා මේ වෙන විටත් පැතිර යන ආරංචි වළට අනුව පවසන්නේ අටවැන්න 2017 ගිමහාන කාලය වන විට නිකුත් කිරීමට බලාපොරොත්තු වෙන බවය. නමුත් බොහෝ රසිකයන් පිරිසක් පුන පුනා බලාසිටි Avatar 2 චිත්‍රපටයද මේ Star Wars වළට තියුණු තරගයක් ලබා දීමටද මන්දා මේ එක්කම තිරගත කිරීමට බලාපොරොත්තු වන බවට ජේම්ස් කැමරන් සදහන් කලා. ජේම්ස් කැමරන් සදහන් කල ආකාරයට ඔහුගේ ඉලක්කය වී ඇත්තේ 2017 දෙසැම්බර් 25 (නත්තල් දින) වන විට මේ සිනමාපටයේ වැඩ කටයුතු අවසන් කර තිරගතකිරීමටය. “අඩුම තරමේ අපි නිකුත් කරන දිනය සදහන් කලා. නමුත් ඒ කරුණ අපි කරපු සිනමාපට තුන තරම් වටිනා කියන දෙයක් කියලා නම් හිතන්නේ නැහැ. අපි අවුරුද්දකට එකක් බැගින් වෙන් කිරීමක් කලා. මං ඒකට “meta-narrative”(මෙටා- ආඛ්යානය) කියලා කියන්න කැමතියි. මේ තුන වෙන වෙනම ගත්කල වෙනස්ම ස්වරුපයක් ගන්නවා. නමුත් මේක යම් ප්‍රමාණයකින් විශාල කතාවක්. අපිට න්කරන්න තියෙන නිර්මාණ කටයුතු හරිම අඩුවෙන් තියෙන්නේ. ඒත් මේක අතිවිශාල කාර්යයක්. අපි නිමකරපු කාර්ය කොටස ගත්තොත් මේක අවුරුදු දෙකක වැඩ කොටසක්. සියලුම සත්වයන්, භුමි දර්ශන වගේම නවතම ලෝකවලPandora (පැන්ඩෝරා) දර්ශන බලාගැනීමට හැකියාව තියෙනවා. පිටපත ලිවීම තවමත් කරගෙන යනවා. නමුත් දැනටමත් හුදෙක් දුරට අවසන් කරලා තියෙනවා.තාක්ෂණික සංවර්ධක කටයුතු අවසන්. වේදිකා සියල්ල නිම කර අවසන්. අපි රූගතකිරීම් කටයුතු ලබන වසර මුලදී ආරම්භ කිරීමට හිතාගෙන ඉන්නවා. – James Cameron – Pandora (පැන්ඩෝරා) දර්ශනයක්මේ එක්කම Avatar චිත්‍රපටයේ තෙවැන්න 2018 දෙසැම්බර් වලදී තිරගත වීමට නියමිතව ඇති බව අන්තර්ජාලයේ සදහන් වෙනවා. තවත් මේ ගැන වැඩිදුර තොරතුරු ලැබුණු ගමන් මංසල තුළින් ලැබුණු විගස දැනගන්න සුදානමින් ඉන්න. Author චාමර සම්පත් View all posts
Elaz… 😆
thank you