වගතුගවීඩියෝසියල්ල

BaO – Oscar Winner Short Animation Movie 2019

#BaO
Imdb -7.5
අධ්‍යක්ශනය – Domee Shi
නිශ්පාදනය-Pixar Animation Studios

Oscar සම්මාන උලෙල ගැන හැමෝම කතාවෙනවා..හොදම ෆිල්ම් එක නලුවා, නිලිය, animation එක…එතකොට කවුද දන්නේ 2019 Best animated short film එකට හිම් සම්මානය නැත්නම් හොදම සජීවීකරණ කෙටි චිත්‍රපටය සදහා වන සම්මානය දිනාගත්ත සිනමා නිර්මානයේ නම… කෝ ඒක බලපු අය කවුද ඉන්නේ … 😊 අන්න ඒ සිනමා නිර්මාණය ගැන තමා මම අද මේ කියන්නේ .. මේක release වුනේ Incredibles 2 සිනමා පටයට සමගාමීව 2018 ජුනි 15 වෙනිද… ඉතිං හා හා පුර කියලා incredibles 2 බලලා විනෝද වෙන්න ටිකක් හිනාවෙන්න ආපු අයට මුලින්ම බලන්න ලැබුනේ මේ විනාඩි 8 කෙටි චිත්‍රපටය…. ඉතිං එතන සිටි නරබන්නන්ගේ දෑස් කදුලින් තෙත් කරන්න මෙය සමත් වූ බව ඔවුන් පවසනවා.. ඇතමුන්ගේ මතය pixar නිපැයූ හොදම කෙටි සජීවීකරණ සිනමා නිර්මානය මෙය බවයි…

ඔන්ටාරිඕ කියන්නේ චීන -කැනේඩියන් සම්බවයක් තියන කාන්තාවක් .. ඇය Empty nest syndrome තත්වයෙන් පීඩා විදිමින් ඉන්නේ … අහ්… ඒකේ තේරුම තමයි දෙමාපියන්ට තමන්ගේ දරුවන්ගෙන් මුල් වතාවට ඈත් වෙන්න වුණාම, ඒ කියන්නේ ලමයින් ඉගනීමේ වැඩවලට කොහේහරි නතර වුණාම නැත්නම් විවාහ වෙලා ගෙදරින් ගියාම ඒ මුල් කාලේ දෙමාපියන්ට දැනෙන හුදෙකලා හැගීම .ගොඩක් වෙලාවට මේකෙන් පීඩා විදින්නේ රැකියාවක් නොකරන අම්මලා… නැත්නම් තාත්තලා..

ඉතිං අන්න ඒ වගේ තම පුතාගේ දුරස්ත බවෙන් හුදකලා වෙලා ඉන්න මවක් තමා මේ ඔන්ටාරියෝ….දවසක් උදේ ඇය ආහාර පිසිනවා.. ඒ ආහාරයේ නම තමා Bao (බනිස් වර්ගයක්) පස්සේ ඇය ඒවා සැමියා සමග ආහාරයට ගන්න මේසේට තියනවා.. ඇගේ සැමියා ඒ වන විටත් රැකියාවට යෑමට ප්‍රමාද වී සිටින නිසා හනිකට ආහාර ගිල දමන ඔහු ගෙදරින් පිටවෙනවා… ඔහුට සමුදී සුසුමක් හෙලන ඔන්ටාරියෝ තමන්ගේ bao රසවිදින්න ලැස්ති වෙද්දිම …. ඒ Bao එකට පණ එනවා… මේ හුරතල් bao එක දැක්කම ඇගේ හිත සතුටින් පිනා යනවා… එතන ඉදං ඇය හරිම ආදරෙන් මේ Bao එක රැකබලා ගන්නවා.. පෙර පරිදි සතුටින් විනෝදයෙන් ඉන්න පටන් ගන්නවා.. ඒත් ආයේ ප්‍රශ්න පටන්ගන්නේ Bao ටික ටික ලොකුවෙන්න ගත්තම…

මෙහෙම කියලා පලක් නෑනේ ඔයාලම බලන්නකෝ මුලින් ….

Spoiler Alert!

සිනමාපටයක ලොකු හෝ කුඩා බව එහි විශ්ඨත්වය නිර්ණය කරන සාදකයක් වෙන්නේ නෑ… සමහර වෙලාවට කෙටි සිනමා පටයකට ලොකු පණිවිඩයක් සමාජයට දෙන්න පුලුවන්… පවුලක වටිනාකම … අලුත් පවුලක් වුණාම දෙමාපියන් සම්පූර්ණයෙන් අමතක කරන ලමයින්ට … අම්මා කෙනෙක්ගේ කැපවීම … පුතා තරහා වුණාම යාලු කරගදන්න කරන පොඩි පොඩි උපක්‍රම… පසුව ඔවුන්ගේ දුරස්ත වීමෙන් හිස්වන ජීවිත .. ඇගේ හුදකලාව … අපූරුවට මේ කෙටි චිත්‍රපටයෙන් දැකගන්න ලැබෙනවා… ඒ වගේම රැකියාවක් නොකරන ගෘහස්ත මවකගේ ජීවිතය සහ එදිනෙදා පිසින ආහාරයක් ජීවිතයට සමීඔඅව බලපාන අන්දම (සිහිනයේ පුතා bao එකක් ලෙස දැකීම )

ඒ වගේම පියාගේ චරිතය ආරම්භයේ සහ අවසානයේ ස්තාන කීපයක දැගගන්න පුලුවන්… ඒ වගේම පවුලෙන් දුරස්ත බවක් පේනවා. එසේම ඔහු රැකියාවක් කරන තරමක් අවීවේකී දිවියක් ගත කරන කෙනෙක් බවත් පේනවා… ඒ නිසා ඔහු පුතාගේ දුරස්ත බවෙන් හුදෙකලා වීමක් හෝ .. තම බිරිද සැනසීමක් සිදුකරන බවක් පෙනෙන්නේ නෑ

ඒවගේම bao කියන්නේ ඉතාම නැවුම් තේමාවක්… බටහිර සමාජයෙන් තරමක් බැහැර සංස්කෘතික පිලිඹිබුවක් දක්නට ලැබෙනවා වගේම … මව පියා යන කොටස් දෙකම මින් නිරූපණය කරලා තියනවා… නමුත් පියාගේ චරිතය හැගීම් අඩු පැතලි චරිතයක ස්වභාවක් ගන්නවා .. හැම පවුලකම මෙය සාදාරණ නොවුණත් චීන සමාජයේ පියාගේ භූමිකාව තරමක් මෙවැනි එකක් බව ඇතැම් අය කියනවා.. මට ඒ ගැන ලොකු අදහසක් දැනීමක් නෑ.. ඒත් හැම අතිංම pixar තැනූ හොදම short animation එකක් කියලා කියන්න පුලුවන් වගේම .. Oscar සම්මානය ලැබිය යුතුම short animation එකක්…

ඉතිං ඔයාලත් විනාඩි 8ක් වැයකරලා මේක බලන්නකෝ 😊

Author

One thought on “BaO – Oscar Winner Short Animation Movie 2019

  • මේක බැලුවා
    මේක පට්ට හොඳේ 😀

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *