Batman & Mr. Freeze-SubZero
මේ දක්වා විකාශය වෙලා තියන ඇනිමේෂන් ෆිල්ම් ගැන කතා කරන්න අපි පටන් ගත්තත් ඒක පොඩ්ඩක් අතපහු උනා. ඔන්න අපි ආපහු වැඩේ පටන් ගන්න යන්නේ. අපි අද කතා කරන්න යන්නේ 1998 නිකුත් වුනු Batman & Mr. Freeze-SubZero ඇනිමේෂන් එක ගැන. මේ ෆිල්ම් එකට පාදක වෙන්නේ 1992 ඉදන් විකාශය වුනු වෝනර් බ්‍රදර්ස්ලාගේ Batman: The Animated Series එක. ඔයාලට මතක ඇති අපි මුලින්ම කතා කරපු Batman – Mask of The Phantasm එකට පාදක උනෙත් මේ කතා මාලාව. ඒ හින්දා මේ ෆිල්ම් එක Batman – Mask of The Phantasm එකේ අනුගාමි (sequel) ඇනිමේෂන් එකක් විදිහට තමයි සලකන්නේ. ඒ හින්දා වඩා හොදයි ඒ ලිපිය මුලින්ම කියවලා හිටියානම්.
අපි මුලින්ම මේ ෆිල්ම් එකේ තොරතුරැ ගැන කතා කරලා ඉමු
• අධ්‍යක්ෂණය – Boyd Kirkland
• නිෂ්පාදනය – Boyd Kirkland, Michael Uslan, Benjamin Melniker, Randy Rogel
• තිර රචනය – Randy Rogel, Randy Rogel
• නිෂ්පාදිත දිනය – 1998 මාර්තු 17
• විකාශන කාලය – මිනිත්තු 67
සිනමාශාලා වල ප්‍රදර්ශනයෙන් තොරව කෙලින්ම මාධ්‍යට මුදා හරින (Direct-to-video) ෆිල්ම් එකක් විදිහට තමයි මේක නිකුත් උනේ. ඉහල රසික ප්‍රති චාරයක් දිනා ගත්ත මේ ෆිල්ම් එක IMDB දර්ශකයේ 7.3 ක අගයක් හිමිකරගෙන තියනවා. ඒ වගේම 1998 වසරේ පවත්වනු ලැබූ 26 වෙනි වාර්ෂික Annie සම්මාන උළලේ Best Animated Home Entertainment Production සම්මානය දිනාගත්තා. ඒ වගේම 1999 වසරේ දී Golden Reel සම්මාන උළලේ දී Best Sound Editing – Direct to Video සම්මානයට නම යෝජනා උනා.
සම්ප්‍රදායික බැට් මෑන් ගේ දුෂ්ටයෙකුගේ භූමිකාවෙන් වෙනස් වුනු චරිතයක් ඇතුලත් උන එක මේකේ ජනප්‍රිය තාවයට ගොඩක් හේතු උනා. සුප්‍රසිද්ධ Kevin Conroy බැට්මෑන් චරිතයට හඩ කවද්දී කලින් චරිත වල වලට හඩ කවපු Efrem Zimbalist, Jr., Bob Hastings, Robert Costanzo පිළිවෙලින් ඇල්ෆ්‍රඩ්, ජිම් ගෝර්ඩන්, හාර්වි බුලොක් කියන චරිත වලට හඩ කැව්වා. මිට අමතරව Michael Ansara (මිස්ටර් ෆ්‍රීස්), Loren Lester (ඩික්), Mary Kay Bergman (බාබරා) ඇතුළු පිරිසක් හඬ කැවීමෙන් දායක උනා.
පේජ් එකක් හරහා ටොරන්ට් ලින්ක් ෂෙයාර් කරන එක එතරම් සුදුසු නැති හින්දා අපි ටොරන්ට් ලින්ක් එක දෙන්නේ නෑ. හැබයි මේ නමින් සර්ච් කලොත් ලේසියෙන්ම හොයා ගන්න පුළුවන්. ඉතින් මේ ඇනිමේෂන් එක බලලා තියන අයටත් අලුතින්ම බලන අයටත් මේ ෆිල්ම් එක ගැන හිතන දේ අපිත් එක්ක බෙදා ගන්න එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.