Boologam 2014 (භූලෝගම්) බොක්‍සින් වීරයෙකුගේ කතාව… (පූර්ව ප්‍රචාරක පටය සිංහල උපසිරැස සමඟ)
ඔන්‍න අදත් මම මංසලට ගොඩ වැදුනේ, වෙනදා වගේම ඉදිරියේදී නිකුත් වීමට නියමිත දෙමල චිත්‍රපටයක් ගැන ඔයාලව දැනුවත් කිරීමටයි. චිත්‍රපටයේ නම “භූලෝගම්“. එනම් එහි තේරුම “පෘතුවිය” යන්‍නයි. නමුත් එම නම පුද්‍ගල නාමයක් හැටියටත් භාවිතා කරනවා. මේ චිත්‍රපටයේ නම් එය පුද්‍ගල නාමයක් ලෙස තමයි භාවිතා කරලා තියෙන්‍නේ.
ප්‍රධාන නළුවාව නම් බොහෝ විට ඔයාලා දන්‍නවා ඇති. ඔහු තමා “ජෙයම් රවී” මෑතකදී ඔහුව දක්‍නට ලැබුනේ “ආදිභගවන්, නිමිර්න්‍දු නිල්” කියන චිත්‍රපට තුලින් තමයි. මේ චිත්‍රපටය මේ වසරේ නිකුත්‍වන ඔහුගේ දෙවැනි චිත්‍රපටයයි.
චිත්‍රපටය ගලාගෙන යන්‍නේ සත්‍ය කතාවක් ඇසුරින්‍ය. එනම් ආසියාවේ බොක්‍සින් සූරයෙක් වන “මදන්” පිලිබධවයි. ඔහුගේ ජීවිත කතාව අළලා තමයි මේ චිත්‍රපටය නිර්‍මාණය කරලා තියෙන්‍නේ. ඔහු පැල්පත් තුළ හැදී වැඩී මේ තාක් ආපූ ගමන චිත්‍රපට තුලින් විදහා පායි. (චිත්‍රපටයේ පූර්‍ව ප්‍රචාරක පටය නැරඹුවහොත් ඔයාලටත් චිත්‍රපටයේ සාරාංශය පිළිඹඳව යම් නිගමනයකට එළබිය හැකිය කියන එකයි මගේ නිගමනය. )
ප්‍රධාන නළු චරිතය ජෙයම් රවී රග පාන අතර ප්‍ර්‍ධාන නිළි චරිතය “ත්‍රිෂා ක්‍රිෂ්‍නන්” රග දක්‍වයි. චිත්‍රපටය අධ්‍යක්‍ෂනය කරන්‍නේ “N කල්‍යාන ක්‍රිෂ්‍ණන්” විසිනි. සංගීත අධ්‍යක්‍ෂනය “ශ්‍රීකාන්‍ත් දේවා” විසිනි. මෙය Action-Drama ගනයට වැටෙන චිත්‍රපටයකි.
නිකුත්‍වන දිනය: 2014 ඔක්‍තෝබරයේදි.
Hi Yalu. Me dawaswala TV Derane yana Sri Gauthama Sambuddha TV Series eke Original Hindi TV Series eka thiyenawa. Dan derane yana drama eke godak Edit karalane denne. oyalata puluwanda Original Hindi TV series eke Sinhala Sub eka hadala Danna. mama YOUTUBE link eka dennam..
http://www.zeetv.com/shows/buddha/episode-guide.html?page=10
https://www.youtube.com/watch?v=zMHeHnnkoa0
Machan wade karanna puluwannam great. ok nam reply ekak ewanna.
elazzzzzzzzzz