කොමික්දැනුමටවගතුගවිචාරසියල්ල

Captain America: The Winter Soldier පිළිඹඳ පසු විපරමක්

captain-america-the-winter-soldier-dvd-bluray-blooper-reel-preview

Captain America (කැප්ටන් ඇමරිකා) ශීල්ඩ් ආයතනය විසින් අයිස් අතරින් ගොඩගත් පසු ඔහු ශීල්ඩ්හි සාමාජිකයෙක් උනා. නමුත් ඔහු සාමාන්‍ය නියෝජිතයෙකු නොව විශේෂ නිලධාරික්. ඔහු පිළිපදින්නේ අධ්‍යක්ෂ ෆියුරි ගේ නියෝග පමණයි. කොල්සන් ඇතුළු පිරිස ඔහුව හිම අතරින් ගොඩගත් පසු ඔහු තමාට අහිමි වී තිබූ නව ලෝකයට හුරු වෙමින් කාලය ගතකරා. ෆියුරි ඔහුව ටෙසරැක්ට් එක පිළිඹඳ තොරතුරු දැනගැනීමට ඔහු හමුවට පැමිණි පසු ඔහු ශීල්ඩ් රහස් ව්‍යාපෘති සමඟ එක්වුණා. එහි උපරිමය වන්නේ ඔහුට නිව්යෝක් සිදුවීමේදී 6 වන මට්ටමේ ව්‍යාපෘතිය වූ ඇවෙන්ජර් කණ්ඩායම හා එක්ව ලොකී සහ චිටාවුරී පැරදවීමට එක්වීමයි. එයින් පසුව ඔහු නව ලෝකය හා මිශ්‍ර වෙමින් වොෂින්ටන් DC වල ජීවත් වෙමින් සිටී. ඒ ශීල්ඩ් හි ප්‍රධානම මධ්‍යස්ථානය වන ට්‍රිස්කෙලියන් හා සම්බන්ද වෙමින්ය.

1396413221000-FZ-09783-R

The Winter Soldier ආරම්භ වන්නේ මෙසේ ඔහු වොෂින්ටන් DC හි ජීවත් වන අතරතුරයි. උදෑසන ව්‍යායාම කරන අතරතුර ඔහුට සෑම් විල්සන් හමුවෙනවා. කිසිවෙක් හැඳුනුවේ නැතත් ඔහු ශීල්ඩ් වෙනුවෙන් යුද පිටියේ සිටි සොල්දාවෙක්. විශේෂය වන්නේ ඔහු විශේෂ යාන්ත්‍රික තටු පියාසර නියමුවෙක් වීමයි. ඔහුයි ෆැල්කන්.

The-Falcon-in-Captain-America-The-Winter-Soldier-Wallpaper
Falcon

පොඩි පොඩි චරිත නිරූපණය කල සහ මාර්වල් වන්ෂොට්හි ප්‍රධාන චරිතයක් නිරූපණය කල නියෝජිත සිට්වෙල් මෙහිදී හයිඩ්‍රාහි ප්‍රධාන චරිතයක් නිරූපණය කරනවා. ඔහු තමයි නටාෂා සහ රොජර්ට (කැප්ටන් ඇමෙරිකා) ශීල්ඩ් ආරම්භ කල පලවෙනි ශීල්ඩ් මධ්‍යස්ථානයේ සිටියදී මිසයිල ප්‍රහාරයක් එල්ල කරන්නේ. ඔයාලට මතකද සිට්වෙල් ඒජන්ට් ඔෆ් ශීල්ඩ් හි 16 වන කොටසේදී ට්‍රිස්කෙලියන් වලින් ඇමතුමක් ලැබිලා හබ් මධ්‍යස්ථානයේ ඉඳන් ට්‍රිස්කෙලියන් වලට යනවා. ඉතින් ඒක ගැන ෆිල්ම් එකේදී පැහැදිලි කරනවා. ඔහු යන්නේ ශීල්ඩ්හි ලේකම් සහ නූතන හයිඩ්‍රාහි ශීල්ඩ් තුල ප්‍රධානී Alexander Pierce ගේ ඇමතුමකට අනුවයි.

Alexander Pierce
Alexander Pierce
Agent Sitwell
Agent Sitwell

මෙහිදී නූතන හයිඩ්‍රාවන් ආරම්භ කල ආකාරය පවසනවා. රතු හිස්කබලා හෙවත් Johann Schmidtගේ සහයකයා වූ Dr. Arnim Zola විසින් මෙම ක්‍රියාවලිය ඉදිරියටම ගෙනගොස් ඇත. ඔහු ශීල්ඩ්හි ආරම්භක සාමාජිකයෙක් වූ අතර ඒ හරහා ඔහු රහසිගතව තම අරමුණ වෙනුවෙන් ක්‍රියා කර ඇත.

Dr. Arnim Zola
Dr. Arnim Zola

තම සිරුර විනාශ වන නිසා මොලය පරිඝනක ජාලයකට එක්කල ඔහු පරිඝනක ජීවියෙකු වන අතර ඒ හරහා අසීමිත දැනුමක් ලබා ගනියි.එමෙන්ම ඔහු රොජර් සහ නටාෂා හට තවත් දෙයක් පවසනවා. එනම් අයන් මෑන් හෙවත් ටෝනි ස්ටාර්ක් ගේ පියාගේ මරණය ගැනයි. හොවාර්ඩ් ස්ටාර්ක් යනු ශීල්ඩ්හි ආරම්භකයායි. ඔහු මරණයට පත් වී ඇත්තේ රිය අනතුරකින් වුවත් එය සිදුකර ඇත්තේ හයිඩ්‍රාවන් විසින්ය. පැවසුවේ නැතත් එයට හේතුවක් වන්නේ කැප්ටන් ඇමෙරිකාය. එනම් හයිඩ්‍රා උතුම් නායකයා වූ රතු හිස්කබලා ගේ විනාශයට හේතුව රොජර්ය (කැප්ටන් ඇමෙරිකා). ඒ නිසා ඔහුව නිර්මාණය කල අයගෙන් ජීවත්ව සිටි හොවාර්ඩ් එම පලිගැනීමට ලක්විය.

HowardStark
HowardStark
Johann Schmidt
Johann Schmidt

හැමෝටම මතකද අයන් මෑන් 02 ටෝනි ස්ටාර්ක් ට අකමැති සෙනට් සභිකයා. එනම් Senator Stern. කිසි විටක එහිදී පවසන්නේ නැහැ ඔහු ඇයි අයන් මෑන් හට අකමැති කියලා. මෙවර එය විසඳනවා. කුමක් නිසාද යත් ඔහුද හයිඩ්‍රාවෙකු නිසාය. ඔහු නියෝජිත සිට්වෙල් හට සුබපතන්නේ ඔවුන්ගේ සුපුරුදු තේමාව වන හෙයිල් හයිඩ්‍රා කියාය.

Senator Stern
Senator Stern

යාලුවනේ. ඔයාල ආපහු අර සිට්වෙල් වහලය මතදී කැප්ටන්ට පාපොච්චාරණය කරනකොට ඔවුන් මරා දමන්න නියමිත අයගේ නම් ටික ආපහු බලන්න. ඔහු කියනවා Stephen Strange කියල කෙනෙකුත් මරන්න නියමිතයි කියල. ඔයාල දන්නවද ඒ තමයි Dr. Strange. ඔයාල දන්නවද මාර්වල් ස්ටුඩියෝව තමන්ගේ තෙවන අදියරේ සිනමාපටයක් විදියට Dr. Strange සිනමාවට නගන බව දැනටම පවසා තියෙනවා. ඉතින් මේක තමයි එය තහවුරු කරන සිදුවීම. එමෙන්ම Dr. Strangeද මාර්වල්හි ශීල්ඩ් විශ්වයට සම්බන්ද කරන බවයි.

strangeposterart10320122

පළමුවරට මෙහෙදී වර්තමාන පෙගී කාටර් පෙන්වනු ලබනවා. ඇය තමයි එකල රොජර්ගේ සිටි පළමු සහ එකම පෙම්වතිය. නව ලෝකය හා ගැවසීමේදී ඔහුට එය දරාගත හැකි වුවත් ඔහුට පෙගී මෙලෙස මරණාසන්නව සිටිනු දැකිය නොහැකිය. වරක් තමාගේ බිරිඳ වීමට සිටි තැනැත්තිය විවාහ වී දරුවන් පවා ලැබ කාලය ගෙවී මෙලෙස වයස් ගතව මරණාසන්නව සිටීමත්, තමන් තවමත් ගතින් තරුණව සිටීමත් ඔහුට මානසික වදයක් විය. ඒ නිසාමයි ඔහු පෙගී හමුවට ගිය පසු සෑම් හමුවට එන්නේත්. විශ්‍රාමික අංශයේ සෑම් කල කතාව ඇසීමෙන් පසු සහ ඔහුගේ ගුවන් සගයාගේ මරණය ගැන ඇසූ පසුයි රොජර් තමාගේ පසුතැවීම යම් තරමකට මගහැරවා ගන්නේ.

3813475-4298511486-Old_P copy

බකී හෙවත් James Buchanan Barnes ස්ටීව් රොජර්ගේ සමීපතම මිතුරායි. ඔහුමයි හේමන්ත සොල්දාදුවා ලෙසින් මෙවර පැමිණෙන්නේ. ඔයාලට මතකනම් බකී මෙහෙයුමකදී දුම්රියෙන් වැටී මියයන බව පෙන්වනවා. නමුත් ඔහු එයින් නොමැරෙන බව මෙවර දැනගන්නට ලැබෙනවා. ඔයාලට මතකද පළමු සිනමාපටයෙදී කැප්ටන්, බකීව බේරගන්න හයිඩ්‍රා මධ්‍යස්ථානයකට ගිය විට ඔහුට බකී හමුවන්නේ සිර කුටියක සිට නොව විද්‍යාගාර මේසයක් මත සිටයි. මෙවර සිදුවීම නිසා දැනගත හැකිවන්නේ එදා කැප්ටන් ඔහුව බේරගන්න එන විට ඔහුට සිදුවිය යුතු දේ සිදු වී තිබුණු බවයි. අපිට සැකකළ හැක්කේ එදා ඔහුට රුධිර මස්තුකයක් එන්නත් කර ඇති බවයි. ඒ නිසා ඔහුගේ ශක්තිය වැඩිවනු වෙනුවට සිරුරේ ඇතුලට යම් ආරක්ශාවකට ලක් වී ඇති බවයි. මක්නිසාද යත් දුම්රියෙන් වැටීම නිසා ඔහුට අහිමි වන්නේ අතක් පමණි.

Captain-America-The-Winter-Soldier-mid-post-credits-scenes-Spoilers

එමෙන්ම බකීට යොදා ඇති අත ගැන බලන විට ඔයාලට තවත් යමක් මතක් විය යුතුයි. ඒජන්ට් ඔෆ් ශීල්ඩ් කතා මාලාව තුල ඔබට හමුවූ මයික් පීටර්සන් හෙවත් ඩෙත්ලොක් හට ගැරට් විසින් ලබාදෙන යාන්ත්‍රික පාදයද මෙම අත වැනි බවයි. ඒම පාදය සාදන්නේ ශීල්ඩ්හි සාමාජික සයිබර්ටෙක් ආයතනයයි. ඉතින් බකීගේ අතද සාදන්නට ඇත්තේ ඒම සමාගමම බව සිතිය හැකිය.

Deathlok
Deathlok

බකීගේ මොලය යම් ආකාරයක අගුලු දැමීමකට ලක් කර ඇති නිසා ඔහුට පැරණි මතකයන් නොමැත. නමුත් යම් පෙළඹවීමක් නිසා ඔහු කඩා වැටෙන යානයෙන් කැප්ටන්ව බේරා ගෙන වෙරලට ඇදගෙන එයි. කතාව අවසානයේ බකී ස්මිත් සෝනියන් කෞතුකාගාරයේ කැප්ටන් ඇමෙරිකා කොටසේ තමන්ගේ තොරතුරු සහිත පුවරුව දෙස බලන් සිටින ආකාරය දක්වන නිසා ඔහු අනාගතයේදී කැප්ටන්ගේ මිතුරෙක් විය හැකි බව සිතිය හැකිය. තමා ගැන විස්තර දැනගත් පසු ඔහුට තමාට මේ මෙලෙස සිදුකල හයිඩ්‍රාවන් විනාශ කිරීමේ අරමුණ ඔහුට ඇතිවීම නොවැලැක්විය හැකිය. මේ නිසා බොහෝ දුරට 3වන කැප්ටන් ඇමෙරිකා සිනමාපටයේ ඔහු වරක් හෝ කැප්ටන්ගේ ජීවිතය බේරාගනු ඇත. බොහෝ දුරට ඔහු ඉදිරි සිනමාපටයකදී කැප්ටන් වෙනුවෙන් ජීවිතය පුදකරනු ඇත.

Captain-America-The-Winter-Soldier3-550x338

කොහොම උනත් කතාව අවසානයේ නව චරිතයක් ගෙන එනවා. ඒ Baron Wolfgang von Strucker. වැඩි විස්තර කතාවේ පෙන්වූවේ නැතත් ඔහු තමා නූතන හයිඩ්‍රාහි ප්‍රධානියා. එනම් රතු හිස්කබලා අතුරුදන් වීමෙන් පසු නූතන හයිඩ්‍රාවන් ශීල්ඩ් තුල ආරම්භ කල Dr. Arnim Zolaගෙන් පසු හයිඩ්‍රාවන් මෙහෙයවන්නේ ඔහුයි. කතාව තුල පියර්ස් මූලිකයා ලෙස පෙන්වුවද අවසාන දර්ශනය නිසා කතාව වෙනතකට හරවනු ලැබුවා. එනම් හයිඩ්‍රා තවදුරටත් ශීල්ඩ් තුල පවතින බව මෙන්ම ඔවුන් හට ටෙසරැක්ට් හි බලය පවතින ලොකී ගේ යෂ්ටිය හිමිව තිබීමයි. ටෙසරැක්ටය තෝර් විසින් ගෙනගිය පසු පෘතුවියේ පවතින එකම සුපිරි ආයුධය මෙම යෂ්ටියයි.

Baron Wolfgang von Strucker
Baron Wolfgang von Strucker

ෆැල්කන්ගේ පියාසර තටු බකී විසින් විනාශ කරනවා. ෆැල්කන් පවසන පරිදි එය අවසන් යන්ත්‍රයයි. නමුත් ඔහුගේ චරිතය අවසන් නොවනු ඇත. කතාව අවසන් වන්නේ ඔහු කැප්ටන් සමඟ බකී සොයන්නට කමහ්ටි වීම සමඟයි. බොහෝ දුරට මේ වන විට ශීල්ඩ් හට දැන් පවතින එකම සහය ලෙසින් ටෝනි ස්ටාර්ක් ඔහුට නව යන්ත්‍රයක් සකසා දෙනු ඇත. ඇවෙන්ජර් 2 තුල හෝ එම කතාව සුළුවෙන් හෝ දක්වනු ඇත.

TONY STARK, FALCON

කතාව අවසානයේ පෙන්වන නිවුන්නු මතකද. ඉදිරි කතාවකදී ඔවුන් හයිඩ්‍රා හට දැවැන්ත ආයුධයක් වනු ඇත. DCලාගේ ෆ්ලෑෂ් ලෙස වේගවත් Quicksilver නම් පිරිමි චරිතයක් සහ මානසිකව බලයන් ඇති Scarlet Witch නම් කාන්තා චරිතයක් මෙහිදී දක්වයි. මොවුන් මේ වන විට ඇවෙන්ජර් 2 සඳහා සිටින බවට තහවුරු කර ඇති නිසා එහිදීද හයිඩ්‍රා ක්‍රියාකාරකම් දැකගත හැකි වේවි.

Scarlet Witch and Quicksilver
Scarlet Witch and Quicksilver

සැවොම දන්නා විදියට මේ වන විට ශීල්ඩ්හි අධ්‍යක්ෂක වන්නේ කොල්සන්. එමෙන්ම ඔහු මේ වන විට ශීල්ඩ් නැවත ගොඩනැගීමෙහි යෙදී සිටියි. ඉදිරියේදී ආරම්භ වන ඒජන්ට් ඔෆ් ශීල්ඩ් දෙවන අදියර බොහෝ දුරට ශීල්ඩ් හි ගොඩනැගීම තුල පවතිනු ඇත. මක්නිසාද යත් මාර්වල් දෙවන අදියරේ අවසන් සිනමාපටය වන Avengers Age of Ultron හි මෙම නව ශීල්ඩ් ආයතනය ක්‍රියා කරනු ඇත. නමුත් බොහෝ දුරට නික් ෆියුරි එහි අධ්‍යක්ෂක හෝ ඉදිරිපෙළ නිලධාරියෙකු වනු ඇත. එනම් කොල්සන් තමාට ලබාදුන් බෙහෙත නිසා තවමත් නොදන්නා මානසික තත්වයක සිටින නිසාය.

Director Coulson
Director Coulson

ඔයාලට මතකද චන්ද්‍රිකා මගින් ඉලක්ක ලබගන්නකොට අයන් මෑන්ව ඉලක්ක කරගන්න කොට පෙන්නපු ස්ටාර්ක් ටවර් එක. නිව්යෝක් සිදුවීම වී වසර ගණනක් ගියද එහි ස්ටාර්ක් නමින් ඉතුරු වූ A අකුර එලෙසම තවම තියෙනවා දකින්න ඇති නේද. ඒක ඊළඟ ඇවෙන්ජර් සිනමාපටය පිළිඹඳ පූර්ව දැනුම්දීමක් වගේ. මොකද පළමු ඇවෙන්ජර් සිනමාපටය අවසන් වන්නේ ටවර් එකේ එම A අකුර පෙන්වමින්. ඉතින් නැවත එය පෙන්වීම ඊළඟ සිනමාපටය ඇවෙන්ජර් 2 වන බවයි. ඔයාලට මතකද මේ සිනමාපටය විතරයි අන්තිමට දාන්නේ Captan America will return in AVENGER: AGE OF ULTRON කියලා. මීට පෙර දෙවන අදියරේ සිනමාපට දෙක වූ Iron Man 3 අවසන් වන්නේ Tony Stark will return කියලා. එමෙන්ම Thor 2 අවසන් වන්නේ Thor will return කියලා. ම අනුව බලන විට පෙනී යන්නේ මෙම සිනමාපටය පමණි ඇවෙන්ජර් 2 සමඟ මූලිකවම සම්බන්ධතාවයක් ඇති සිනමාපටය වන්නේ.

Captain America Winter Soldier - Avengers Tower
Captain America Winter Soldier – Avengers Tower

මේ වන විට ෆියුරි නිර්නාමිකව යම් අතුරුදන්වීමක යෙදී සිටියදී ශීල්ඩ්හි පළමු නිලධාරිනිය වූ නියෝජ්ත හිල් දැන් ටෝනි ස්ටාර්ක් යටතේ සේවය කරනවා. එමෙන්ම ශීල්ඩ්හි බුද්ධි සම්පත් වෙනත් ආයතන වලට ගොස් අවසන්. එමෙන්ම කැප්ටන් සහ සෑම් හැරුනුකොට ක්ෂේත්‍රයේ ඉන්නා එකම කණ්ඩායම කොල්සන් යටතේ ගුවන් යානයේ සිටින කණ්ඩායමයි. එමෙන්ම මේ වන විට නව නීති අනුව තවමත් ශීල්ඩ් යනු ත්‍රස්ත සංවිධානයකි…

Marvels-Agents-Of-SHIELD-Coby-Smulders-e1397141119729

මේ කරුණු දෙස බලන විට පෙනී යන්නේ මාර්වල් ස්ටුඩියෝහි ඉදිරි නිර්මාණ දැවැන්ත කතා රැගත් නිර්මාණ වනු ඇති බවයි. මෙන්ම එය තව මාස කිහිපයකින් ඇරඹෙන ඒජන්ට් ඔෆ් ශීල්ඩ් දෙවන අදියර සමඟින් ඇරඹෙනු ඇත.

යනගමන් මේ වීඩියෝ පට දෙකත් බලලම යන්න. මේ තමයි සිනමාපටයෙන් ඉවත් කල දර්ශන.

Marvel’s “Captain America: The Winter Soldier” – Deleted Scene 1

[youtube]https://www.youtube.com/watch?v=XGap-WsEg_w[/youtube]

Marvel’s “Captain America: The Winter Soldier” – Deleted Scene 2

[youtube]https://www.youtube.com/watch?v=d81nZoVwZ4c[/youtube]

Author

5 thoughts on “Captain America: The Winter Soldier පිළිඹඳ පසු විපරමක්

  • ow baki captain America ekka navatha mithuru venava avenger tv series eka baluvanam oya hama deyakma hodata pahidili venava

    Reply
  • මරු ඈ 😀

    Reply
  • DC එක ගැනත් කියන්න පුලුවන්ද ? 😀 මම DC Comics එකට කැමති…මාර්වල් එකට වඩා…

    Reply
  • පට්ට 🙂

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *