කොමික්ටීවී කතා මාලාපුවත්වගතුගසියල්ල

Civil War – Agents of S.H.I.E.L.D. Crossover සඳහා අවසර ලැබේ

මේ පාර New York Comic Con එක comic fansලාට නම් තෑගි ගොඩක් ලැබුණු Comic Con එකක් බවට පත්වුණා කිව්වොත් මම වැරදි නැහැ. මේ පාර NYCC එක ගොඩක්ම hit කරේ Marvel සමාගමයි. DC සමාගමෙන් එච්චරම ගොඩක් hype එකක් මේ පාර NYCC එකට දීලා තිබ්බේ නම් නෑ වගේ. කොහොම වුණත් විශේෂ ආරංචි ගොඩක් මේ පාර අපිට දැනගන්න ලැබුණා. ඒකන් විශේෂතම ආරංචිය වුණේ Jeph Loeb සහ Clark Gregg දෙදෙනා සිදුකළ ප්‍රකාශයත් සමඟිනුයි. මේ නිසා Marvel fansලා පිස්සු වැටුණා කිව්වොත් හරියටම හරි.

ඊයේ(11/10/2015) Marvel TV head Jeph Loeb සහ Agents of S.H.I.E.L.D. නළු Clark Gregg දෙදෙනා සහභාගී වූ සම්මුඛ සාකච්ඡාවකදී මේ ගැන ඉඟි පළ කොට තිබෙනවා. ඒ අනුව 2016 මැයි 6 වෙනිදා release වන Captain America: Civil War movie එකට සමගාමීව Agent’s of S.H.I.E.L.D. කථාමාලාව සම්බන්ධ කිරීමට අවසර ලැබී ඇති බවයි Jeph Loeb පැවසුවේ. මේ නිසාම දැනට Agent’s of S.H.I.E.L.D. කථාමාලාවේ චරිත Marvel Cinematic Universe එකට සම්බන්ධ කරවන්නටත් හැකියාවක් තිබෙනවා.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඔවුන් පැවසූවේ Agent’s of S.H.I.E.L.D. කථාමාලාව දැනට ලබා තිබෙන සාර්ථකත්වය නිසා මේ දේ සිදු කරන්නට ඔවුන්ට අවකාශය ලැබුණු බවත් ඒ සඳහා විශේෂයෙන්ම Agent’s of S.H.I.E.L.D. fansලාට ඔවුන් ස්තූති වන්ත වන බවත්ය. මේ නිසාම Marvel සමාගමට Tv, Cinematic, Comic සහ Cartoon Univers සියල්ලම connect කරන්නත් හැකියාව තිබෙනවා.

#‎SmAsHeR‬

http://comicscript.online.lk/

140472-0459-155099

Author

One thought on “Civil War – Agents of S.H.I.E.L.D. Crossover සඳහා අවසර ලැබේ

  • ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
    ඔබලාට අයූ රක්කන්ත ආවඩා…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *