කොමික්වගතුගවිචාරසියල්ල

Comic Based TV Series 001 – Arrow

ටීවී සීරිස් ආයේ මාස ගණනක් යනකල් එන්නේ නැති හින්දා අපි හිතුවා ඉස්සරහට එන්න තියන, මේ වෙද්දී බල බලා ඉන්න ටීවී සිරිස් ගැන පොඩ්ඩක් කතා කරන්න කියලා. ඇත්තටම ගොඩක් අය මෙතනින් දන්නේ කිහිපයක් විතරයි. ඒ හින්දා ඉස්සරහට බලන්න තෝරා ගන්න ඕන කතා මොනවාද කියලා තීරණය කරන්න මේ ලිපි පෙළ වැදගත් වෙයි කියලා හිතෙනවා. මේ වෙද්දී අපේ යාලුවෝ ආසාවෙන් බලන කතා ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ඒත් ලිපි පෙළ සම්පුර්ණ වෙන්න ඕනේ හින්දා සේරම ගැන පිළිවෙලකට කතා කරන්න හිතුවා.

ඇත්තම කියනවා නම් ලංකාවේ ගොඩක් අය Lois & Clark: The New Adventures Of Superman, Smallville වගේ කතා ආසාවෙන් බැලුවත් ඒවා ගේ කොමික් පසුබිම පදනම් කරගෙන ලොකු කතා බහක් ඇති වුනේ නෑ. ඔය අතරේ තමයි 2012 අවුරුද්දේ Arrow කතා මාලාව ආවේ. කොමික් වල අපිට හම්බෙන Green Arrow කියන චරිත ලක්ෂණ වලට වඩා වෙනස් උනත් මේ කතාව පදනම් කරගෙන ලොකු වෙනසක් සිද්ද උනා. කොමික් කතාවක් කුඩා ළමයින් අතරට පමණක් ගෙනියන්න පුළුවන් කියන මතය බොරුවක් බවට පත් කරන්න Arrow කතා මාලාව සමත් උණා. අමුතුවෙන් විස්තර කරන්න ඕන නෑනේ. මේ කතාව ගැන අපේ යාලුවෝ අපිටත් වඩා විස්තර දන්නවා. අපි පොඩ්ඩක් ඒ කරුණු ටික මතක් කරගමු.

• DC කොමික් වල එන Green Arrow චරිතය ආශ්‍රයෙන් නිපදවා ඇත
• නිෂ්පාදන සමාගම – Bonanza Productions, Berlanti Productions, DC Entertainment, Warner Bros. Television
• බෙදා හැරීමේ අයිතිය – Warner Bros. Television Distribution
• විකාශය වෙන නාලිකාව – The CW
• විකාශය ආරම්භ වූ දිනය – 2012 ඔක්තෝබර් 10
• නිර්මාණකරණය – Greg Berlanti, Marc Guggenheim, Andrew Kreisberg
• විකාශය වී ඇති සීසන් ගණන – 3
• විකාශය වී ඇති කොටස් ගණන – 69
• සීසන් 4 නිකුත් කිරීම තහවුරු වී ඇත (දිනය ප්‍රකාශයට පත් කර නොමැත)
• ප්‍රතිචාර – IMDB 8.2 , TV.com 8.9

සීසන් 3 පුරාවට විවිධ කතා තේමාවන් යටතේ විකාශය වුනු ඇරෝ කතා මාලාවේ ප්‍රධාන වීරයා Oliver Queen එහෙමත් නැතිනම් Arrow ට මුහුණ දෙන්න සිද්ද වෙන ගැටළු ගැන කතා කරනවා. මැල්කම් මර්ලින්, ස්ලෙඩ් විල්සන්, රේෂ් අල් ගුල් කියන සුපිරි දුෂ්ටයන් ට අමතරව dc යුනිවර්ස් එකේ දී අපිට හම්බෙන චරිත ගොඩක් කතාව ට එකතු වුනා.

අනිත් කතා වලට වඩා Arrow කතාව ගැන අපේ යාලුවෝ දන්න හින්දා අමුතුවෙන් කියන්න යන්නේ නෑ මිට වඩා. සීසන් 3 අවසානයේ දී ස්ටාර්ලින් සිටි අතහැරලා කෝස්ට් සිටි වලට යන ඇරෝ සහ ෆෙලිසිටි ගෙන් කතාව තාවකාලිකව ඉවර කෙරුවා. ඊළඟ සීසන් එක ගැන අවධානය යොමු කරද්දී Damian Dark ප්‍රධාන H.I.V.E. සංවිධානය මුලික කරගෙන කතාව ගොඩ නැගෙන්න තියන ඉඩකඩ වැඩියි. ඒත් දැනට සීසන් 5 නිකුත් වෙනවද නැද්ද කියන කාරණය පිලිබඳ නිගමනයකට ඇවිත් නැති උනත් ඔලිවර් ගේ ජිවිතේ අතීත කාලයෙන් තව අවුරුදු 2ක් පිරෙන්න තියනවා. ඒ හින්දා සීසන් 5ක් දක්වා යන්න ඉඩක් නැත්තෙමත් නෑ.

කෝස්ට් සිටි එකට ඔලිවර් යන දර්ශනය හින්දා ගොඩක් අය Hal Jordhan එහෙමත් නැතිනම් කොමික් වල ඔලිවර් ගේ හොඳ යාලුවෙක් වෙන Green Lantern කෙනෙක් දකින්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා. ඒත් මගේ පුද්ගලික අදහස නම් අපිට Hal ගැන වටින් ගොඩින් දැන ගන්න පුළුවන් උනත් එයා Green Lantern කෙනෙක් විදිහට දකින්න නම් බැරි වෙයි කියලා, මොකද 2020 දී නිකුත් වෙන්න තියන Green Lantern ෆිල්ම් එක හින්දා dc සමාගම cw එකට ඒ චරිතය ලබා දෙන්නේ නැති වෙයි. මොකද cw ආයතනයේ ෆ්ලෑෂ් කතා මාලාව හින්දා 2018 නිකුත් වෙන ෆිල්ම් එකට ලොකු අනතුරක් තියනවා තමන්ගේ ස්ථානය රැක ගන්න. මීට කලින් ඇරෝ කතා මාලාවට Harley Quinn හඳුන්වා දෙන්න සුදානම් වෙද්දී dc ආයතනය ඒක වැළැක්වුවා. මොකද ලබන අවුරුද්දේ නිකුත් වෙන Suicide Squad එකේ ගොඩක් අයගේ අවධානය දිනා ගත්තේ Harley Quinn ගේ චරිතය. ඒත් මේ වෙද්දී ඇරෝ කතාව හරහා තවත් Harley Quinn චරිතයක් හිටියා නම් ඒ දෙන්නා අතර සංසන්දය වීමක් තියනවා. (තාමත් ඩාර්ක් නයිට් ට්‍රයෝලොජි එකේ බැට් මෑන් සහ ජෝකර් දෙන්නා DCCU එකේ චරිත එක්ක සංසන්දනය කිරීම් යනවා). මේ කාරණා හින්දා Green Lantern චරිතය අපිට දකින්න ලැබෙන්නේ නැතිවෙයි. මේ කාරනය හින්දා Hal වෙනුවට වෙන Green Lantern කෙනෙක් 4 වෙනි සීසන් එකට ගේන්න ඉඩ තියනවා කියලා මතයක් ආවා. ඒ එක්කම යට වෙලා තිබ්බ John Diggle කියන්නේ John Stewart කියන මතය ආපහු උඩට ආවා. මොකද John Stewart කියන්නේ කළු ජාතික Green Lantern වරයෙක්. ඒත් මේ මතය ප්‍රතික්ෂේප වෙන්න තියන ලොකුම සාධකය තමයි මේ වෙද්දී John Diggle කියන්නේ කොමික් චරිතයක්. ඒ හින්දා ඔහු Green Lantern වරයෙක් වෙයි කියන අදහස අපිට දකින්න ලැබෙන්නේ නැතිවෙයි.

ඇරෝ කතා මාලාවට අමතරව නිකුත් වෙන කොමික් කතා මාලාව ගැනත් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. කොටස් 36 කින් සමන්විත පලවෙනි කතා මාලාව වගේම සීසන් 2 සහ සීසන් 3 අතර කාලය විස්තර කරන සීසන් 2.5 කතා මාලාවත් මේ කතාවේ පරිසරය මත බිහිවුණු ඒවා. ඉතින් ආයෙමත් සැරයක් ඇරෝ කතාව නිකුත් වෙනකල් මතකය අමතක වෙන්න නොදී තියා ගන්න ඒ කොමික් ටික කියෙව්වා නම් හරි.

#attila_THE_hun

https://www.facebook.com/slcomicscript

24773

Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *